2014 ට
අප මෙසේ සමු දුන්නේය..
එකල්හි,
ඔබ සිතේ තිබු යම් පතුමක් ඔබ නොලදේය...
මා ද එසේමය..
දුකද සතුටද ඔබ ලද්දේය,
මා ද එසේමය..
එසේ නම්,
මෙකල් හි දැන් නව සමයක් එලබි ඇත,
එය 2015 වන්නේය..
එය අප පෙර පරදිම පැතු නව වසරය..
නව හිරු එසේ පායද්දි,
ජයග්‍රහනයේ රන් අස්වනු නෙලීමට සුදුසු කාලය එලබි ඇත,
සිතෙහි ඇති පැතුමන් ඵල දැරවීමට සුදුසු කාලය එලබි ඇත,
හද නොලත් සතුට හද සතු කර ගනීමට සුදුසු කාලය එලබි ඇත,
එසේ නම්, මෙම වසර ඔබගේ සාර්ථකම වසරම වන්නේය...
එසේ නම්,
අපගේ සාර්ථකත්වය අප වෙත ලගා කර ගනීමේ අරමුනින්
ඉදිරියටම පිය නගමු...
පෙර වසරේ Destiny & Life සමගින් සිටි ඔබට මගේ ස්තුතිය..
ඒ සමගින්, ඔබට ලැබුවා වු 2015 වසර සාර්ථක වේවා යැයි Destiny & Life වෙනුවෙන් මා පාර්ථනා කරමි..
Wednesday, December 31, 2014
Saturday, December 27, 2014
නිදහස් පරමාධිපත්‍යට පෙර..
මඩ ගොහුරක සටන් වදින,
ඊනියා දේශපාලන
හෙන්චයියන්
තමන්ගේ අවස්ථාවාදී මඩිය තර කර ගනීමට
උත්සහ නගන යුගයක,
අහිංසක මිනිසුන්ගේ ශේෂ්ඨතම මනුස්‍යත්වය පාවා දෙමින්,
ඔවුන්ගේ ඇස් වලට වැලි ගසන සමය එලබී ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් දේශපාලනයකට යම් කොටසක්
අතවනද්දි,
මානසික අල්ලස් දෙන
මන්ද මානසික දේශපාලනයක්ද
මිනිසත්කමේ පරම ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ
දණ ගසමින්
දේශපාලන හිඟමන් අයදින
සමයද එලඹි ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් මිනිසුන් අතර
බුද්ධිය තිබුණත් නිවරදි තීරණයක්
ගනීමට නොහකිව ලත වන,
බඩගින්න හිතේ තිබුනත්
බඩගින්න හිතේ නැති සේ සැරිසරණ,
ඔබගේ, නිදහස් පරමාධිපත්‍යට
නවමු අරුතක් ලබා දීමට උචිත කාලය මෙයම වන්නේය..
"එය අපගේ එකම නිදහස විය..
එයට බලපෑමක් කිරීමට කිසිවෙකුට නොහැක,
එය අපගේම එකම නිදහස්,
ජනතා පරමධිපත්‍ය වන්නේය..."
එය එසේ වන කල්හි, එයටද බලපම් කරන්නා වු කුහක ආථමාර්තකාමි සමාජයක් මෙකල්හි බිහි වී ඇත, මෙකල්හි බිහි වු එම සමාජය සැබවින්ම සියයට සියයක් සමාජයම නොවන්නේය. එය සමාජය තුල සිටින්නා වු මන්දමානසික කුහක ආත්මාර්ථකාමින් කීපදෙනෙකුගේ බලපෑමක්ම පමණක් වන්නේය.
ශේෂ්ඨ ජනසමාජය තුල සිටින්නා වු බුධිමත් මිනිසුන් 99% ක් එම බලපෑමට හසු නොවුවත්, අසරණකමින් බැට කමින් තම දිනක ජීවිතය ගැට ගසා ගනීමට වෙහෙස වන්නා වු 1% පමණක් වු පුද්ගලයා පමණක් එම බලපෑමට යටත් වන්නේය. එම යටත් වීමද ඔහුගේ අසරණකම නිසා පමණක් විනා වෙන කරුණක් නිසා නොවන්නේය.
මුදලට බලයට තම ආත්මය පවා දෙමින්, සමාජයේ ජීවත්වන අහිංසක මිනිසුන්ගේ බඩ වියත සූරාකමින් තමන්ගෙ මඩිය තර කර ගනිමින් සමාජීය ශේෂ්ඨත්වය විනාශ කරන්නා වු සමාජීය දුර්මතයන් වෙනස් කිරීමට සුදුසු වන සමය එලබී ඇත. සමාජයේ ස්‍යය විනිවිද බව බුද්ධිමත්ව බලමින් යල් පැනගිය හේතු සාධකයන්ට හසු නොවෙමින්, ඔබගේ මෙන්ම ඔබ දකින නොදකින ජීවන උද්දමනයෙන් බැට කන්නා වු අහිංසක ඔබගෙම සහොදර සහොදරියො වෙනුවෙන් ඔබගේ එකම වු පරමාධිප්‍ය ලබා දීමට උචිත වු සමය එලබී ඇත.
මෙය හුදෙක්ම අන්තවාදි දේශපාලනයට අත වැනීම පිණිස තබන්නා වු සටහනක් නොවන්නේය, සැබවින්ම මෙය අහිංසක ඔබ අප වෙනුවෙන් ඔබගේම මෙන්ම මගේද අනාගතය වෙනුවෙන් තබන්නා වු සටහනක් වන්නේය... "ඔබ වෙනුවෙන් නිවරදි තීරණයක් ගනීම ඔබගේම යුතුකමක් වන්නේය."

Tuesday, October 14, 2014
ජීවන සුවඳින් පාර අසන්නෝ...
සුදුසැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. අමරිකාවේ ජීවත් වූ අන්ධ පුද්ගලයන්ට මහමග යාමේදී නොවැටී යාම සඳහා එරට රජය විසින් ආධාරකයක් අවශ්‍ය බව තීරණය කළේ ය. ඒ අනුව එරට සිංහ සමාජය මඟින් අන්ධ පුද්ගලයන් සඳහා සුදුපාට ආලේපිත සැරයටියක් ලබා දුනි. මෙම සැරයටිය රැගෙන මහ මග ගමන් කරන ජනතාව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර ඔවුන්ට ඉන් පෙර වූ කරදර හිරිහැරද ක්‍රමයෙන් අඩු වන බවක් පෙනුණි. මේ හේතුවෙන් නොබෝ දිනක් ගතවන්නට පෙර අමරිකාව පුරාම සිටින අන්ධ ජනතාවගෙන් මෙම සුදු සැරයටියට හොඳ ඉල්ලුමක් ඇති විය.
ඒ අයුරින් මෙය අන්ධ පුද්ගලයන්ගේ ආරක්‍ෂාව පමණක් නොව ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන් ම ස්වාධීනත්වයටද පිටිවහලක් වන බව වටහා ගත් එවකට එහි සිටි අන්ධ පුද්ගලයන්ගේ සංගමය මෙය සුහද සංකේතයක් ලෙස භාවිතා කරන ලදී.වර්ෂ 1942 දී අමරිකාවේ සිංහ සමාජ හා එක් වූ අන්ධ පුද්ගල සංගමය ප්‍රථම වරට “ සුදු සැරයටි දිනයක්” පැවැත් විය. අනතුරුව මෙයට යුරෝපයද එක් විය. 1950 වන විට යුරෝපයේ සිටි අන්ධ පිරිසෙන් 95% පමණ සුදු සැරයටියක් භාවිතා කිරීමට පෙළඹුණහ. ඔවුහු තමන්ට වෙන් වූ වෙනම දින යොදා “ සුදු සැරයටි දිනයක් පැවැත් වූහ. “මෙහි ප්‍රතිඵලයක් ලෙසට ලෝකයේම අවධානය මොවුන් වෙතට යොමු වීය. එහි බලපෑමක් ලෙස 1969 දී ප්‍රථම ජාත්‍යාන්තර අන්ධ සමුළුව පැවැත්විණි.ඒ ශ්‍රී ලංකාවේ ගෝල්පේස් හෝටලේ දී ය. වර්ෂ 1969 ඔක්තෝම්බර් 01 දා සිට 04 වැනිදා දක්වා පැවැත් වූ මෙම සමුළුවට රටවල් 618 ක් නියෝජනය කරමින් අන්ධ පුද්ගල සංවිධානවල නියෝජිතයෝ 618 ක් සහභාගි වූහ.මෙම සම්මේලනයේදී අන්ධ ජනතාව වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග රැසක් තීරණය වූ අතර සෑම වසරකම ඔක්තෝම්බර් මස 15 වන දා “ සුදු සැරයටි දිනය ලෙස නම් කිරීමද සිදු විය. එසේ ම ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ද බිහි විය. එහෙත් සුදු සැරයටි දිනය ඔක්තෝම්බර් 15 වන දා පැවැත්විය යුතු යැයි ප්‍රථම වරට ප්‍රකාශයට පත් වූයේ 1964 දී ය. ඒ අමරිකාවේ 36 වන ජනාධිපති වූ ලින්ඩන් බී. ජොන්සන් මහතාගේ නියමයෙනි.
උපුටා ගැනීම : දැනුම danuma.lk
කකුල් දෙකට වාරුවක් දෙන්න..
ඒ ලබා දෙන වාරුව තුලින්
ජීවිතයට නව අරුතක් ලබා දෙන්න...
අරුත ලබා දෙන්න සිතුවේ
තම ආදරණීයන්ගේ සතුට වෙනුවෙන්,
ඔවුන්ගේ සැපත වෙනුවෙන්,
තමනට ලැබුණු සරදම
ඔවුනට, ඔවුන්ගේ අනාගතයට බාදාවක් කල නොහැකි බැවින්....
වරක සිතින් දුක්වන්නට ඇති,
වරක කඳුළු කැට දෙතොල සිපගන්නට ඇති,
එවිට ලුණු රසක් දැනෙන්නට ඇති,
ඒ ලද ලුණු රසෙන් අනෙකෙකු නොලද්
සැනසීමක් ලබන්නට ඇති...
සැබවින්ම ඔවුන් වාසනාවන්ත වන්න ඇති
සාමාජීය අධම ක්‍රියාවන් ඔවුනට නොපෙනෙන බැවින්..
අපට සාපේක්ෂ රාමුවක සිට බැලූ කල
එය අපට සැනසීමක් වුවත්
ඔවුනට සාපේක්ෂව එහි කටුක අත්දැකීමක් අන්තර්ගත මෙන්ම
සැගවුණු දුකක්, චිත්ත සන්තාපයක් තිබෙන්නට ඇති...
ජීවන මඟ එසේ යන විට
සාමාජයේ ඔවුන් සේම,
ඔවුනට සාපේක්ෂව වෙනස් වූ අත්දැකීම් ලබන
අහිංසක මිනිසුන් හමුවන්නට ඇති,
වෙහෙස වූ ගතෙහි දැවටෙන
දාඩියෙහි පුසුඹ
ඔවුනට සාපේක්ෂව
මානුෂීය බවේ සංකේතවත් ඡායාව,
ඔවුන්ට දැනෙන්නට ඇති..
ඒ සුවඳින් තම සිතින් විමසන්න ඇති,
තමා සේම ඔවුන්ද,
විවිධාකාර වූ සිත් තැවීම් වලින් බැට කන බව..
ඒ විමසීමෙන් සිත සැනසෙන්න ඇති,
තමා සේම ඔවුන්ද පීඩිත වූවන් බැවින්
එහෙත් ඔවුන් නොදකින යම් දෙයක්
සමාජයේ වැලලෙන්නට ඇති,
එය රෝද සතරක් උඩට පමණක් සීමා වූ
සිතල කාමරයක දිවි ගෙවන
තවත් ජීවයක් සිටින බව...
එවන් පිරිසක් එසේ සැගවී ගියේ
ඔවුනට දාඩිය නොදමන බැවිනි..
ඒ අයුරින්,
සුදු සැරයටියක පහස ලබමින්
දාඩිය සුවදින් පාර අසමින්
මානුෂීය සිත් තේරුම් ගත්
අප අතරේ ජීවත් වන ඒ සුන්දර මිනිසුන්
මේ අයුරින් සිහි කලේ
අද ඔක්තෝම්බර් 15
සුදු සැරයටි දිනය නිසා නොවුනත්
අපේ හදවත් ඔවුනගේ මනසින්
වටහා ගනිමින්
අපිත් සමඟ රැදුණු,
ඔවුනට දක්වන උපහාරයක් බැවිනි...
"ඇස් පෙනුනත් සුදු සැරයටියක් අතින් ගත්තා සේ අහිංසක මිනිසුන්ගේ හැගීම් තේරුම් ගන්නා මිනිසුන් සිටින යුගයක, ජීවන සුවඳින් පාර සොයමින් සැබවින්ම සුදු සැරයටියක් අතින් ගත්තෝ ශේෂ්ට වන්නෝය."
Saturday, October 11, 2014
ගොම බිංදුවක නැගිටීම හා කිරි මුට්ටියේ අභාවය...
කළු
සුදු
වශයෙන්
වර්ණ භේදය
හිස ඔසවාගත්
සමයක්,
ඈත
ලඟ
අතීතයන් හි දක්නට ලැබිණ...
සුදු වූවන්ගේ
අධි මානයන්
හිස ඔසවාගත්
ඈත
ලග
අතීතයන් හි,
කළු වූවන්ගේ
මානසික සටහන්
හීනමානයක් කිරීම
එකල සුදු වූවන්ගේ අභිමතය විය....
එවන් වූ සමයක,
කළු වූවන්ගේ නැගිටීම
ප්‍රකාශ කරමින්
ගායකයෝද, ක්‍රීඩකයෝද, දර්ශනවාදියෝද එමෙන්ම පාලකයෝද
කළු ගල් තලාවක
නිල් මැණික් සේ
සුදු වූවන්ගේ අධි මානයන් බිඳලමින් නැගී සිටියේය..
ඒ අතර,
Hiram Revels, W.E.B. Du Bois , Jackie Robinson ,James Meredith ,Martin Luther King, Malcolm X
තවද Barack Obama ද විය...
ඒ මේ අතර
වෙනත් වූ රාජ්‍යයන් තුල
නම් ගම් අප්‍රසිද්ධ වූ
ප්‍රාදේශීය
බලයන්ද සිටිනට ඇත..
එවන් වූ බලයන්
සමාජය තුල ස්ථාපිත වූ අවදියේ,
කළු
සුදු
මත ගැටුම්
මෙන්ම වර්ණ භේදයද සමාජයෙන්
සැඟවී පලායන්නට විය...
කළු
සුදු
වර්ණ භේදයන්
සමාජයෙන් සැඟවී
පලායන විට,
චින්තනයන්ගෙන්ද
ක්‍රියාවන්ගෙන්ද
කළු
සුදු
වූවන්
සමාජය තුල
අළු ගසා දමමින් නැගිටින්ට විය..
ඒ අතර
කළු වූවන්ගේ ප්‍රභල බවේ ප්‍රතිශතය වැඩි විය,
යහපත් ගති පැවතුම් නැමති සුදු කොට්ටාසය
අයහපත් ගති පැවතුම් නමැති කළු වූවන්ගෙන් වැසී ගියේය...
සොරකම්
මැරකම්
මිනීමැරුම්
සහිත කළු සමාජය, සමාජය තුල හිස ඔසවන්නට විය
ඒ අතර දේශපාලන අඩත්තේට්ටන් ප්‍රමුක විය..
තම මඩිය තර කර ගැනීමට
පෙර සුදු ලෙස සිටිය උන්ද කළු බවට පෙරලින..
සුදු වූ අහිංසකයා
කළු වූ තක්කදියන්ගෙන්
සැම විටම බැට කන්නට විය..

අයහපත් බවේ කළු වූ අසප්පුරුෂ අදමයින්ගේ
නැගිටීමේ ප්‍රබලතාවයෙන්
සමාජයේ යහපත් බවේ පරිච්ඡේදයට නැවතීමේ තිත සටහන් විය..
වර්ණ භේදය එසේ පැවතුන යුගයකත්
මේ ආකාරයේ කළු සුදු දුභාලතා සමාජයේ තිබුණද
මේ කල් සමයෙහි ඒ දුභාලතාවයන්ගේ ප්‍රභල බව වැඩි වී ඇත..
වර්ණ භේදය එසේ යටපත් වුවත්,
ආකල්පීය වශයෙන් පවතින්නා වූ
කළු සුදු දුභාලතාවයන්
සමාජයෙන් සැගවී තුරන් වීමට බොහෝ කලක් ගත වෙනු ඇත...
ඒ කල උදා වන තෙක්
යහපත් බවේ සුද
සමාජය තුල වැපිරීම
අපගේ එකම අධිටන විය යුතුය..
"උපත්තියෙන් කළු සුදු වුවත් සැබෑ කළු සුදු බව සටහන් වනුයේ ඔහු හෝ ඇය තුල ඇති යහපත් මෙන්ම අයහපත් චින්තනයන්ගේ ප්‍රභල බවත් සමඟින්ය."
Wednesday, October 8, 2014
සැබෑ සේනාවක ආරම්භය...
News
හදිසි අනතුරකින් මොළය මිය ගොස් දැඩි සත්කාර ඒකකයේ සිටි දෙමළ ජාතික කාන්තාවකගේ වකුගඩු දෙක වකුගඩු රෝගයෙන් පෙළුණු සිංහල ජාතික දෙදෙනෙකුට මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දී බද්ධ කර ඇත.
සාර්ථක ලෙස වකුගඩු බද්ධ කිරීමෙන් පසුව ඔවුන් නිරෝගී සුවයෙන් පසු වන බව මහනුවර මහ රෝහලේ වෘක්කවේදී හා වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාමික ප‍්‍රනාන්දු මහතා පැවසීය.සිංහල ජාතික රෝගීන් දෙදෙනාට බද්ධ කිරීම සඳහා වකුගඩු දෙක ලබා ගත්තේ මොණරාගල බැඳියාය ගම්මානයේ පදිංචිව සිටි ගෝවින්දසාමි විග්නේෂ්වරී නමැති තිදරු මවකගෙනි.
උපුටා ගැනීම Lanka C News (August 27, 2014)
මනුෂ්‍යත්වයේ වචනයේ පරිසමාප්ත අර්ථය සමාජය තුල සටහන් වූ මෙම අවස්ථාව දැනට කල් ඉකුත් වූ පුවතක් වුවත් එම පුවතේ අන්තර්ගතය ශේෂ්ට මානව සමාජය තුල ප්‍රාණවත් මෙන්ම නැවුම් වූ පුවතක් වූ හෙයින් සාර්ථකත්වය සොයා යන ගමනක රැඩිකල් දුෂ්ටි පථයත් සමඟ එක් වන ඔබ සමගින් බෙදා ගැනීමට මා හට සිතුනි.

විවිධ වූ සේනාවන්, විවිධ වූ රාවයන් සමාජය තුල එක් රැස් වෙමින් තමන්ගේ ධර්මයේ අන්තර්ගතයෙන් බැහැරව එහි දර්ශනයෙන් බැහැරව ගමන් ගනිමින් සමාජයේ ජීවත් වන තවත් ජාතියක් රටකට නොගැලපෙන බව මෙන්ම එම ජාතියේ ආගමික දර්ශනය වැරදි යයි මෙන්ම එම දර්ශනයේ සටහන් වන දෑ වැරදි යයි හංවඩු ගසමින් සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ සිත් වලට විෂ පොවමින් දේශපාලනික අතකොලු වෙමින් දේශපාලනික බළල් අතක් වෙමින් ඔවුන්ගේ සුභ සිද්ධිය පතා කොස් ඇට බලා දෙන ජාතිකානු රාගයෙන් උදම් වී සිටින ඊනියා දේශප්‍රේමීන්ට මෙවන් වූ පුවත් ඇසට කටු අනිනවා සේ වන බව නොසගැවුණු රහසකි.
එවන් වූ යුගයක රටක ජාතීන් කීපයක් සිටියද ඔහුන්ගේ අදහස් දැක්වීම එකම වූ රාමුවකට පමණක් කොටු වී ඇති බව සමාජය තුල විපරම් කර බැලූ කල දක්නට ඇති දෙයකි. අපි කොළඹ, අපි නුවර, අපි රත්නපුර යැයි මුහුණු පොතේ පිටු අතර බෙරිහන් දෙන්නන් අතර අපි කිලිනොච්චි, අපි යාපනේ, අපි මඩකලපු යැයි බෙරිහන්දෙන්නෝ සිටියහොත් දකුණේ සිට බෙරිහන්දෙන්නෝ අතර එය යම්කිසි ප්‍රශ්නයකට තුඩු දෙන සිතුවිල්ලක් මෙන්ම නැවතත් වෙනත් ජාතියක නගිටීමක්දෝ යන සිත පහල වෙනවා නොඅනුමානය. එවන් වූ අයුරින් එකම අදහසකට එකම සිතුවිල්ලකට ජාතීන් සියල්ලන්ම කොටු විය යුතු යැයි සමහරුන් සිතන කලක එම සිතුවිල්ලට එකම හේතුව ලෙස අවස්ථාවාදී පාලකයින්ගේ ක්‍රියා කලාපයන් හැර ඒ අයුරුන් සිතනා සාමාන්‍ය ජනතාව වගකිය යුතු නැතැයි මා හට සිතෙයි.
ආගමික සහජීවනයේ පහස පෙරදැරි කර ගනිමින් එකම ජාතියක දරුවන් සේ අප සිටිය යුත්තේ සැවොම අපේම ආදරණීයන් වන හෙයිනි. දිනෙන් දින විවිධ මතයන් ගොඩ නැගුනත් අප යම් දිනක අසරණ වූ කල අපිට පිහිටට ඒමට ඒ මතයන්ට නොහැකි වුවත් අපි ආදරය කල අපේම සොහොයුරන් අපිත් සමඟ අත් වැල් බැඳ ගනිනුයේ මනුෂ්‍යත්වයේ සැබෑ අරුත සමාජය තුල පුෂ්පවත් කරවමිනි.
තම ආගමේ දර්ශනයට අනුගත වෙමින් දිවි ගෙවූ කල නැවතත් කළු ජූලියක් හෝ වෙනත් ජූලියකට ආරම්භයක් නොවන බව ඔබද මා ද තේරුම් ගත යුතු කරුණකි. මේ සටහන තබන මා බුද්ධාගමේ වන හෙයින් මා හට මගේ දහම තුල මෙතෙක් දිවිය තුල තවත් අයෙකුව තලා පෙළීමට තවත් අයෙකුට සතුරු කම් කිරීමට උගන්නා නොමැත එසේ හෙයින් සැවොම සමග සමගියෙන් සිටි කල අපේම ජීවිතය මෙන්ම අපේම සමාජය සාර්ථක වෙනවා විනා වෙන යම් වූ අයහපතක් සිදු නොවන වග ඔබ මා තේරුම් ගත යුතුය. එසේ හෙයින් දැනට සමාජය තුල හට ගෙන ඇති ජාති වාදයන්ට අනුගත නොවෙමින් සැවොම සමග සැමටම ගරු කරමින් හොදින් සිටීමට අත්වැලක් දීම මේ බ්ලොග් සටහනෙන් මා බලාපොරොත්තු වන එකම කරුණ වේ.
Destiny and Life: එකම මවකගේ කුසේ ඉපදීම..: මිනිසත්කමේ පරම චින්තනය දෝතින් බදාගත් සමාජයේ දියවී යන ඉටි රූපයකට උපමාවන මිනිසා නැවත නැවතත් මැරී ඉපදෙන්නේ විවිධ පැහැයෙන් යුතු ඉටිපන්...
ආගමික සහජීවනයේ පහස පෙරදැරි කර ගනිමින් එකම ජාතියක දරුවන් සේ අප සිටිය යුත්තේ සැවොම අපේම ආදරණීයන් වන හෙයිනි. දිනෙන් දින විවිධ මතයන් ගොඩ නැගුනත් අප යම් දිනක අසරණ වූ කල අපිට පිහිටට ඒමට ඒ මතයන්ට නොහැකි වුවත් අපි ආදරය කල අපේම සොහොයුරන් අපිත් සමඟ අත් වැල් බැඳ ගනිනුයේ මනුෂ්‍යත්වයේ සැබෑ අරුත සමාජය තුල පුෂ්පවත් කරවමිනි.
තම ආගමේ දර්ශනයට අනුගත වෙමින් දිවි ගෙවූ කල නැවතත් කළු ජූලියක් හෝ වෙනත් ජූලියකට ආරම්භයක් නොවන බව ඔබද මා ද තේරුම් ගත යුතු කරුණකි. මේ සටහන තබන මා බුද්ධාගමේ වන හෙයින් මා හට මගේ දහම තුල මෙතෙක් දිවිය තුල තවත් අයෙකුව තලා පෙළීමට තවත් අයෙකුට සතුරු කම් කිරීමට උගන්නා නොමැත එසේ හෙයින් සැවොම සමග සමගියෙන් සිටි කල අපේම ජීවිතය මෙන්ම අපේම සමාජය සාර්ථක වෙනවා විනා වෙන යම් වූ අයහපතක් සිදු නොවන වග ඔබ මා තේරුම් ගත යුතුය. එසේ හෙයින් දැනට සමාජය තුල හට ගෙන ඇති ජාති වාදයන්ට අනුගත නොවෙමින් සැවොම සමග සැමටම ගරු කරමින් හොදින් සිටීමට අත්වැලක් දීම මේ බ්ලොග් සටහනෙන් මා බලාපොරොත්තු වන එකම කරුණ වේ.
පෙර සටහන
Monday, October 6, 2014
ඒක මෝඩකම නෙමෙයි; අහිංසකකම..
ගමන පුරාවටම ෆෙඩ්රිකා තම සීයා වූ වික්ටර් සුරතිස්සගෙන් බොහෝ කාරනා දැනගත්තාය. බොහෝ තැන් වලදී ඇයගේ ඇස් වල කඳුළු පිරී තිබෙනු වික්ටර් මහතා දුටුවේය. ඇයට වැඩිපුරම සිනා පහල වුයේ තම සීයාගේ පෙර කල නම ඇසීමෙනි. 'බබාහේනයා'. ඇය ඒ නම කියමින් යලි යලිත් සිනාසුනාය.
"I'm so amazed about your story Grand Pa. People worked for others without being paid?"
("මට හරි ම පුදුමයි සීයා කියපු කතාවට. ඉස්සර මිනිස්සු මුදල් ගන්නැතුව තව මිනිසුන්ට වැඩ කරනවා කියපු-එක.")
"That is how it was at that time Fedrica. People just wanted to have something and live by themselves."
("ඒ කාලේ එහෙම තමයි ෆෙඩ්රිකා. මිනිස්සුන්ට ඕන වුනේ මොනවා හරි කාල පාඩුවේ ජීවත් වෙන්න විතරයි.")
"Why were those people such stupid?"
("ඇයි මිනිස්සු ඒ තරම් මෝඩ?")
"Its isn't stupidity. They were innconcent"
("ඒක මෝඩකම නෙමෙයි; අහිංසකකම")
"I don't believe that."
("මං නං විශ්වාස කරන්නේ නෑ")
"But I do."
(" ඒත් මං විශ්වාස කරනවා.")
ඔව් ඔහුට විශ්වාස කිරීමේ හැකියාව තිබිණ එසේ වුයේ ඔහු කුඩා කල සිට හැදී වැඩුණු සමාජයේ සත්‍ය බව ඔහු හොදින් දන්නා බැවිනි..
ඒ අපුරු වූ සුවඳ පිලිබඳ පුවත මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් පිටු අතර සටහන් කලේ "සෙන්කොට්ටන්" ලෙසිනි. එය මෑත යුගයේ ලියන ලද විශිෂ්ට රචනයක් වග එය කියවන්නා වූ ඔබට වැටහෙන නොසැගවෙන කරුණකි. 2012 රාජ්‍ය සම්මානය ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලද සෙන්කොට්ටන් සිංහල ජන සමාජයේ ඇති බලහීන බව සහ සිංහල ජන සමාජයේ වසන යම් ජන කොටසක අසරණ බව මනාව පෙන්නුම් කරනු ලබයි. බලවතුන්ගේ කිලිටි සෝදමින් එක වේලක් කා අනිත් වෙල කෑමට හූල්ලන, තමන්ගේ නිහඩ මාවතේ ගමන් කරමින් තම අසරණ බවේ අරුත ලොවට පෙන්වන, එසේ පෙන්වමින් සමාජය තුල නිහඩව සගවෙන එක්තරා ජන සමාජයක පුවත සමාජය තුල සටහන් කිරීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ සෙන්කොට්ටන් සමාර්ථ වෙයි.
මානව සමාජයේ නොයෙක් වූ කිලිටි කෙලෙසුන් තම දෑත්වලින් සුදොවන් අයුරින් පවිත්‍ර කරමින් තම බඩවියත නිහඩව රැක ගැනීමට වෙර දරන ජන සමාජයක වසන වීරප්පුලි හේන්යා හෙවත් බබා හින්නියගේ අත්තා වටා ගෙතෙන්නා වූ මේ පුවත තුල සෙන්කොට්ටන්හි කතා නායකයා වීරප්පුලි හේනයාම වීම නොසැගවෙන කාරනාවකි. තමන් කුමන වූ දිවිපෙවෙතක් ගත කලත් තමා උපන් ආගමට දිවිහිමියෙන් කටයුතු කරන පුද්ගලයෙකු වන වීරප්පුලි හේන්යා, අනුරාධපුරයේ අටමස්ථාන වැඳ පුදා ගැනීමට යන අවස්ථාවෙන් අරබමින් ගෙතී යන සෙන්කොට්ටන් ඒ අතර වාරයේ ඔහුගේ ගමනේ මෙන්ම ඔහුගේ ග්‍රාමයේ, ඔහුගේ පවුල ආශ්‍රයෙන් සිදුවන විවිධ වූ හැලහැප්පීම් පිලිබදව රචනයේ අවසානය තෙක් සටහන් වන මෙය ශ්‍රීලාංකීය ජන සමාජයේ එක ජන කොටසක, ඔහුන්ගේ අහිංසක චින්තනයන් පිලිබදව ගෙතෙන්නා වූ අද්විතීය නිර්මාණයකි.
පෙර සමාජයේ මෙන්ම වර්තමාන සමාජයේද සිටින්නා වූ එවන් වූ කුහකයින් වර්තමාන සමාජය තුල ඔහුන්ගේ පවතින අවස්ථාවාදී මෝඩ ගති සිරිත් වපුරමින් පවතින්නා වූ යුගයක ජීවත් වන වීරප්පුලි හේනයා වන් වූ අහිංසක නිහඩ පුද්ගයලන්ගේ චරිතයේ පවතින පිවිතුරු බව පසක් කරගැනීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් රචිත සෙන්කොට්ටන් ඔබට තෙවැනි ඇසක් වනු ඇත. එලෙසම ඒ අපූරු බවේ සුවද ඔබටද දැනෙනු ඇත.
එවන් වූ අහිංසක ජන කොටසක් වෙනුවෙන් තබන්නා වූ මෙම බ්ලොග් සටහන ඔවුනට මා විසින් ලබා දෙන උත්තමාචාරයකි. එය මා එසේ ලබා දෙනුයේ ඔබ සේම මා ද එකම සමාජයක වසන එමෙන්ම එක බඩවැල කඩාගෙන නාවත් ලේ වල වර්ණය රතු පැහැ වන, එසේම අප එකම කුසක උපන් සහෝදරයන් වන හෙයිනි.

Sunday, October 5, 2014
කඩිකුලප්පුවක මහිම...
සාර්ථකත්වයේ මුදුන්මල්කඩ
සොයා යන ගමනේ
සමාජීය වශයෙන්
ලබන විවිධ වූ හැලහැප්පීම් සමගින්,
තෙහෙට්ටු වී ලත වෙන
අපේ මනසට පවන් සැලීමට විනා
පීඩිත මනසේ හැගීම් දැනීම් තේරුම් ගැනීමට
උත්සුක නොවෙන ජන සමාජයේ වසන මිනිසුන්
සුරුට්ටු පත්තු කිරීමට වෙර දරනුයේ
ගහෙන් වැටුණු මිනිසාට ගොනා අන්නා සේ
පීඩිතව දිවි ගෙවන අපගේ,
රැවුල ගිනි අරගෙන සිටින මොහොතකය...
වෘර්තියක පහස ලැබීමට
හන්දියක් හන්දියක්
පාරක් පාරක් තුල
වෙහෙස වෙන තවකෙකු සිටින කල
අන්තර්ජාලයෙන් තවකෙකු
බල සිටිනුයේ
තම ජීව දත්තයට ඇරයුමක් ලැබෙන තුරුය...
වෘර්තියේ පහස එතරම් වැදගත් බව ඔවුනට දැනෙනුයේ,
තම අනාගතය පිළිබද දුටු සිහින
ඉටු කර දීමට දෙමාපියනට නොහැකි බව
වැටහී ගිය නිසා විනා,
තවකෙකු සේ ගෙදර බත් බුදිමින්
තම ඕනෑ එපාකම් ඉටු කර දෙන්නයි
හිරු සදුට වද දීමට හැකි නිසා නොවනි..
එසේ වුවත්,
තම ජය මාවත
කෙසේ හෝ සොයා ගැනීම
අධිටන කරගත්තා හට
එය ලගා කර ගැනීමට
මෙතරම් කඩිකුලප්පුවක් සැදී තිබෙනුයේ
ඔරලෝසුවේ කටුව
ඉවක් බවකින් තොරව
සට සට ගා කරකැවෙන බැවිනි...
දත කා දැගලුවත්

කාලයේ නැවතුම
එකම ෆැන්ටසියක් බව දත්
ඔබ හා මා,
මේ ජීවිතය සමග පොරබඳිනුයේ
සාර්ථකත්වයේ නිම්වළලු
තමන්ගේ සිතටත්
තම දෙමාපියනටත්
උදා කරදීමේ එකම මෙන්ම
පරම වූ පැතුමත් හදේ තබාගෙනය..
එවන් වූ චින්තනයක
උරුමකරුවෝ වන අපිට
වීඩා නිවීමට අවස්ථාවක් නොමැත,
එහෙයින් ගතේ හා සිතේ
පවතින උපරිම වූ ශක්තියෙන්
ජීවය සතුව පවතින ඉලක්කය
අපේම කර ගැනීමට
නොපැකිලිව කැප වෙමු..
එකල්හි, කෙදිනක හෝ
සිතග පතනා සාර්ථකත්වය
අපේම වනු ඇත...
එදිනට ඔරලෝසුවේ කටුද
එක තැන ලතවෙනවා සේ දැනෙනු ඇත...
Monday, September 29, 2014
බොර දියේ මාළුවෙකු සිටීම...
ගලකින් පට්ටයක් ගන්න
පට්ට අමාරු සේම
විවිධ වූ කාර්යයන් කිරීමේදී
එය සාර්ථක කර ගැනීම
මහත් අසීරු කටයුත්තක් වන බව
ඔබ මම සියලු දෙනාම
දන්නා වූ ප්‍රතිඵලයකි...
උත්සහවන්තයා ජය ගන්නවා යැයි
රුවන් වැකියක් ගොඩ නැගී තිබුනද,
එය එසේ වුවත්
සැබවින්ම එය එසේම වනවාද යන්න
පිළිබද සැකයක් මතුවේ...
එසේ සැකයක් මතු වුවත්
එය බොර දියේ මාළු බෑමක් සේ නොසිතා
උත්සාහය අතහැර පසු නොබසීමට
අප ඉටා ගත යුත්තේ
අවසානයේදී අප උත්සාහ වුවා යන
සතුට හෝ අපගේ සිත තුල රජ කරවීමට හැකි බැවිනි,
එසේ සිත තුල සතුට රජයන විට
බොර දියේ වුවද මාළුවෙකු සිටීම
අහබුවක් නොවෙනු ඇත...
උත්සාහයේ මල් ඵල
දෝතින් පිළිගැනීමට නොහැකි වී සිටින විටදී,
සමාජයේ කුහකකම් හමුවේ
අඩන්න සුදානම් වූ අපේ නෙත
බලා සිටිනුයේ
තවකෙකු පැමිණ ඇගිල්ලෙන් අනින තුරුය...
එසේ බලා සිටිනා විට,
තවකෙකු පැමිණ ඇසට ඇගිල්ලෙන් එන්නත්
අඩන්න තරම් වත් වූ
කදුළු පොදක් අප නෙත සතු නොවෙනුයේ
පෙර අතීතයේ දවසක
උත්සහවන්තයා ජය නොගත් දිනයක
ගලා ගිය කදුළු
අති මහත් වූ බැවිනි..
උත්සහවන්තයා ජය නොගැනීමේ
කොළ එලිය දැල්වුණු දින
දෙසවන ලත් දෝංකාරය,
වර්තමානයේ අපේ පැතුමන්
බොද වීමේ රතු එලිය දෙල්වෙන විට
නැවත නැවතත් අපේ දෙසවන
පෙර දෝංකාරය රජයන විට
සිතේ හටගත් අධිෂ්ඨානයන්
මෙන්ම බලාපොරොත්තුද අපේ සිතින් ඈත් වනුයේ
අපේ සිතටත් නොහැගෙන පරිදිනි...
එසේ වුවත්
අපගේ සාර්ථකත්වයේ මුදුන්මුල
උත්සාහය වන හෙයින්
අප කොතෙක් වැටුනත්
නැවතත් උත්සාහයේ මල් ඵල නෙලා ගැනීමට
වෙර දැරිය යුත්තේ
කෙදිනක හෝ,
අපේ ඉලක්කය සමාජයේ ඉහලම තැනක
රැදවීමට සිතා අති හෙයිනි...

"උත්සාහයේ මල් ඵල නෙලා ගැනීමට අපට හැකි වනුයේ, උත්සහවන්තයා ජය ගැනීම යන දෙස බලා නොසිට උත්සාහය යන අධිටන අපේ සිතේ මෙන්ම ගතේද, ගතේ මෙන්ම අපගේ ක්‍රියාවන් හීද හංවඩු ගසා ගත් විටදීය"
Tuesday, September 23, 2014
බලලා ඉවර නම් අපිත් දෙමු..
නිල් අහසේ සොදුරු බව
දකින විට අපේ නෙත,
අහස් ගැබ සිසාරා
සියොත් කල තටු ගසා
ඉගිලෙනු දුටු විට
ආත්මීය ප්‍රීතියෙන්
අපේ සිත
උදම් වුවා මතකද??
හරිත වන නිල් උයන්
දකින විට අපේ නෙත,
නිල් උයන් තුල සුපිපි
පුෂ්පයන් දකින විට
සිසිලසේ නිම් තෙර
අපේ ගත දැවටුණා මතකද??
කදු සිසාරා
ගලා බසිනා නිල් වන් රැලි පේලි
දකින විට අපේ නෙත,
ඇද හැලෙන දිය වැල්හි
නේත්‍රා දුෂ්ටියෙන්
ගත සිත පහන් වුවා මතකද??
එවන් වූ මතකයන්
අප සිතේ ලැගුම් ගන්නා කල,
උපන් දා සිට
නේත්‍රා දුෂ්ටියේ පහස නොලද්
අපේම සහෝදරයන්
කොතෙකුත් සිටීද...
එහෙයින්,
අපේ භාවිතයෙන් පසු
අපේම ආදරණීයන් වෙනුවෙන්,
ඔවුන් නොදුටු
අප දිටු දේ
ඔහුන්ටත් දැක බලා ගැනීමට
අපේ සහයත්
ඔවුනට ලබා දෙමු...
මනුෂ්‍යයන් වශයෙන් තවත් යම් හෙයෙකින් අසරණ වූ මනුෂයෙකු හට උපකාර කිරීම මැරී ඉපදෙන කෙළවරක් නොමැති සංසාරයේ පිය මනින අපේ යුතුකමයි. ඒ සදහා අපිත් නොපැකිලි වූ සිතින් යුතුව කාරුණිකව දායක වෙමු..

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."
දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත,
කොළඹ 07.
- ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051
උපදෙස්
- කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
- ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
- වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
- මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
- සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමට පහසුවක්වේ.
- ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
- ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
- පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
- සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
- මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.
Monday, September 22, 2014
ශක්තියක් වූ ඔහු...
ඔහු දැවැන්තයෙකු නොවීය..
එහෙත්, ඔහුට කල හැකි උපරිමය
තම දරුවන් වෙනුවෙන් කළේය..
මුදල් පාදක වූ සමාජයක් තුල
මුදලේ ලුහුඩු බව
තම දරුවන්ට
දැනීමට ඉඩ නොදුන්නේය..
සමාජය...,,
ඔහුගේ ඔලුවට අත සෝදන කල
තම දරුවන් වෙනුවෙන්
එය ඉවසුවේය..
සමාජයේ ඇති අභියෝග
ජය ගැනීමට
තමන් ආ මාර්ගය,
එනම් "පොඩි තැන සිට නැගීටීම"
යන වචන පෙළ
තම දරුවන් අතර බෙදා දුන්නේය...
තම දරුවන්ගේ සිත් වල ඇති ආශාවන්
ඉටු කිරීමට,
තමන්ගේ ශ්‍රමය හැකි උපරිමයෙන්
සමාජයට ලබා දුන්නේය..
සමාජයේ සාර්ථකත්වය වෙනුවෙන්,
මිනිසුන්ගේ අභිවුර්ධිය වෙනුවෙන් පෙනී සිටි ඔහුට
අවසානයේදී..
ඒ මිනිසුන්ගෙන්ම අවමානයන් ලැබුනේය...
තම ආශාවවන්, තම දරුවන්ගේ
සාර්ථකත්වය වෙනුවෙන් කැප කල ඔහු,
තවමත් තමනට යැයි දෙයක් කර ගෙන නොමැත..
සැබවින්ම ඔහු,
සමාජය තුල මහා දැවැන්තයෙකු ලෙස
සමාජය විසින් හංවඩු නොගැසුවත්
ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
දැවැන්තයෙකු වන්නේය...
ඔහුගේ සවිය ගත් ඔහුගේම දරුවන් දැන්
සාර්ථකත්වය ලගා කර ගෙන ඇත.
ඔහු දරු උත්සාහයේ මල්ඵල
දැන් ඔහු සතුව ඇත..
සැබවින්ම ඔහු සාර්ථකත්වය තුල
ශේෂ්ටයෙකි...
අපගේ සාර්ථකත්වය
අපට ලබා ගැනීමට
ඔහු දුන් ඒ අත්වැල
අගය කිරීමට
මෙවන් වූ බ්ලොග් සටහනක්
ප්‍රමාණවත් නොවුවත්,
ඔහු අපට ලබා දුන්
ශක්තිය වෙනුවෙන්
ලබා දෙන කුඩා උපහාරයකි...
යම් තැනක මා
ශක්තියෙන් දුර්වල වන විට
ඔහුගේ ශක්තිය මට ලැබුනේය..
යම් තැනක මගේ
සාර්ථකත්වය අඩුවන විට
ඔහුගේ සාර්ථකත්වය මට ලැබුනේය..
ඔහුට හැකි පමණින්
මට ලබා දුන් ඒ දායාද වනුවෙන්
ඒ දායාද වලට සමාන කිරීමට
මට කල හැකි දෙයක් නොවුවත්
ඔහු වෙනුවෙන් කල හැකි
උපරිමය මට හැකි අයුරින් කරමි..
ඔහු එදා විදි දුක් වලට
යම් දිනක ඔහු සිංහාසනයක හිදුවමි..
ඒ අයුරින්, සෑම දිනම
මගේ සාර්ථකත්වය වෙනුවෙන්
ශක්තියක් වුනු ඔහු..
මගේම ආදරණීය අප්පච්චීය..
ඩෙරෙක් රෙද්මොන්ඩ් ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහුගේ පියා ඔහුට ශක්තියක් වූවා සේම, මටද මගේ අප්පච්චි ශක්තියක් විය.. ඔහු ලබා දුන් සෙනෙහස කිසි දිනක නොමැකෙන අයුරින් මගේ සිතේ සටහන් වී ඇත.. එය මට සේම, ඔබේ දියුණුවටත් ශක්තියක් වූ ඔබගේ පියා, ආදරණීය බවේ සැබෑ අරුත වන්නේය.

Friday, September 19, 2014
පාරිශුද්ධ මනුෂ්‍යත්වය..
සිතක පාරිශුද්ධ බව
සමාජයට වසන් වන කල්හි
සමාජයේ පවතනින
අසම්මත ක්‍රියාකාරකම්
පාරිශුද්ධ බවේ
පරිනත බව
සමාජය තුලදීම
තලා පෙලා දැමීමට
සමත්වන්නේය...
අනුන් ගැන නොසිතන්නන්
තමන්ගේ කාර්යයන්
ගැන සිතමින්
දිවි ගෙවන්නේ
තමා පමණක්
ලොව තුල ජීවත් වන බව
ලොවට හගවමිනි...
එසේ වන කලිහි
සමාජයේ ජීවත් වන
පරමාර්තකමි
අසරණ පුද්ගලයා
සමාජය තුල අන්ත අසරණ වනුයේ
සමාජයේ පවතින
අත්මාර්තකමී බවේ වදන
සමාජය තුල
සටහන් කරවමිනි...
අසරණ බවින් පීඩිත
පරමාර්තකමි පුද්ගලයා
මනුෂ්‍යත්වයේ පිහිට පතනුයේ
ඔහු පිදුම් ලබන පීඩිත බව
ඔහුගේ හදවතේ
කැකෑරෙන නිසා විනා
අන් කරුණක් නිසා නොවන බව,
මනුෂ්‍යත්වය පිටේ
හංවඩු ගසා ගත්
අප තේරුම් ගත යුතුය..
අමන බවින්
පුර්ණ වූ සමාජය තුල
කළගුණ දත්
පුද්ගලයින්
වහකදුරු සොයන සේ වුවත්
කළගුණ දත්
ශේෂ්ට පුද්ගලයින්
එක් අයෙක් හෝ
අප අතරේ සැරිසරන බව
අප තේරුම් ගත යුතුය..
එසේ අප අතරේ සිටින ඔහු,
අපගේ අසරණ බවේ
අර්ථාන්විත බව
තේරුම් ගනිමින්
අප කර පැමිණෙනුයේ
ඔහුගේ සිතේ මෙන්ම
ඔහුගේ ක්‍රියාකාරකම් වල ඇති
පිරිසිදු බව,
ලොව තුල සටහන් කරවමිනි...
ආදරණීය සෙනෙහසේ
අරුත ජනිත කරවමින්
ඔහු අපිට උපකාර වනු පිණිස
අප අවට ගැවසෙනු ඇත..
ඒ අයුරින් ඔහු
අප අවට ගවසෙනුයේ
පෙර කල
අප තුලින් දුටු මනුෂ්‍යත්වයේ
ශේෂ්ට බව
ඔහුගේ හදවතේ
ඔහු වටා සැරිසරන බැවිනි...
"අපගේ හදවතේ පවතින මනුෂ්‍යත්වය, කෙදිනක හෝ අප අසරණ වූ කල්හි අපට සරණ වනු පිණිස අප අවට සැරිසරනු ඇත."

Tuesday, September 16, 2014
නියමය සමග පොරබැදීම...
අපේ ජීවිතය තුල අපි සිතන දේම අපිට ලැබෙන්නේ නෑ.. ඒ වගේම තමයි අපි කරන සෑම දෙයක්ම අපි සිතන අයුරින්ම සිදුවෙන්නෙත් නෑ.. මේ අයුරින් අපේ ජීවිතය ගෙතිගෙන යන විට අපි සිතන්නේ සෑම දෙයක්ම සිදුවන්නේ අපේ දෛවයේ කොටා ඇති පරිදි මේ දේවල් අපිට වෙනවම කියා. එක පැත්තකින් බලනකොට එය සැබෑවක් වෙන්න පුළුවන් මක්නිසාද යත්, " අපේ දෛවය" යන දේ පෙර කල අපගේ කාර්ම විපාකයන්ට අනුගත වන බැවින්.. එසේ වුවත් අපිට ඒ දේ වෙනස් කොරගන්න නම් පුළුවන් ටිකක් උත්සහ කලොත්, උත්සහ කොලා කියලා අපි මැරෙන එක නම් නවත්තන්න බෑ මොකද අපි ස්වභාවධර්මයේ තීරණයන්ට අවනත වෙන්න ඕන.එසේ වුවත් යු ටිවුබය ඔස්සේ ලස්සන වීඩියෝවක් හම්බ වුණා එකේ නම් පෙන්නුම් කරන්නේ දෛවයේ තීරණය අභිබවා ගොස් මරණය නමැති තීන්දුව වෙනස් කිරීනට දරන උත්සහයක් ගැන, එය එසේ වුවත් ඒ වීඩියෝව තුල සැගවුණු යටි අදහසක් දක්කනට ලැබෙනවා. ඔබ වීඩියෝව නරබා සිතන්නට උත්සහයක් දරන්නකෝ...
ඔබ සිතුවාද????
ඔබ සිතන්නට ඇත
ඔබට සිතෙන්නට ඇත
කෙසේ උත්සහ දැරුවත්
දෛවයේ අවසාන තීන්දුව
එනම් මරණය
නැවත්වීමට දරන
උත්සාහය
උත්සහයකටම පමණක් සීමා වන බව
එය සැබෑවක් වුවත්
අප ජීවත් වන කාලය තුල
අප සිතන යම් යම් දේ
අපිට සිතනා සේම
ජය ගැනීමට නොහැකි වග
ඔබ එය කර ගැනීමට නොහැකි වගේ
පහස ලබා ඇත..
ඔබ සේම මා ද ඒ නොහැකි වගේ
පහස ලබා ඇත..
එය එසේ වන කල්හි ඔබේ ඒ,
සිහින වලට
බලාපොරොත්තු වලට
ගමන් කිරීමට නැවත සිතා ගත්තද??
එසේ සිතුවා නම්,
ඔබට ඒ දේ කල හැක
ඒ සිහිනයට යාමේ මාර්ගය
කලින්ට වඩා
දිගු වුවත්
ඒ මාර්ගයේ යාම තුලින්
ඔබගේ ජීවිතයට
නවමු
අත්දැකීම්,
අභියෝග,
වෙනස් මිනිසුන්,
වෙනස් ගතිගුණ,
ඔබට මුණගැසෙනු ඇත
ඒවා තුලින්
ඔබ නව ජීවයක් ලබනු ඇත.
ඒවා තුලින්
ඔබට ඔබගේ සිහිනය ජය ගැනීමට
හැකි වනු ඇත..
පෙර කල,
ඔබගේ සිහිනය ඉටු නොවීමේ
දෛවයේ තීරණය
මෙකල ඔබට පරාජය වනු ඇත...
මෙසේ බ්ලොග් සටහන් තබන මම ලොකු පොරක් හෝ පොර ටෝක් එහෙම දෙන්න හිතාගෙන තබන සටහනක් නොවේ මේ.. සැබවින්ම මම මේ තබන සටහන් මගේ දිවියේ එක කොටසක් ඒ කොටස ඔබත් සමග බෙදා ගනිමින් මගේ ජීවිතයටත් ශක්තියක් ලබා ගනිමින් ඔබේ ජීවිතයටත් කුඩා හෝ ශක්තියක් ලබා දී අපි හැමෝගෙම ජීවිතවලට සාර්ථකත්වය ලබා ගැනීමට දරන පුංචි උත්සහයක්..

Thursday, September 11, 2014
වචනයක පරිසමාප්ත අර්ථය.. නමින් "ඇය"
ඇය
සැම අතින්ම
ශක්තිමත් වුවාය..
ඇය
සැම අතින්ම
දහිරිය සම්පන්න වුවාය..
අගේ සෙනෙහසේ
අර්ථාන්වික බව,
අගේ දයාවේ
ශක්තිමත් බව,
අගේ දිරියේ
විශ්වසනීය බවත් සමගින්
මා හොදින් හැදී වැදුනේය..
අගේ පරම වූ පැතුම
මගේ දියුණුවම පමණක් විය
ඒ පරම පැතුමේ
සාර්ථකත්වය පිණිස
ඈ..
අපමණ වෙහෙසක් දරනට ඇත
සිතින් සහ ගතින්,
අපමණ සිහින මව්නට ඇත
පිළිබද මගේ දියුණුව..
සැපක් නොවිදි ඈ
ඇය සැප විදිනවා වෙනුවට
අපගේ සැප වෙනුවෙන්
වෙහෙස වුවාය..
ඔබ වෙනුවෙන්
තබන මේ සටහන
මිහි මත තිබෙන
වැලි කැටයකට තරම් වත්
සමාන නොවුවත්,
මා සමාජය තුල
ශක්තිමත් කිරීමට දරු
අපමණ වෙහෙසට
කුඩා උපහාරයකි....
ඔබ ලද
වෙහෙසට
සවියක් වන්නට
ඔබගේ සිතේ තිබු
පැතුමන්
මල්ඵල දරවීමට
මට හැකි
උපරිමය
ඔබ වෙනුවෙන් ඉටු කරමි..
ඔබ ලද දුක් වලට
කෙදිනක හෝ සැපතක් දීම
මගේ එකම අරමුනයි..
මගේ සැපත,
මගේ දියුණුව,
මගේ සාර්ථකත්වය,
මගේ සතුට
වෙනුවෙන් සැමවිටම
වෙහෙස වූ ඔබ
මගේම ආදරණීය අම්මාය...
සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන්නා වූ මේ ගීතය මවකගේ සෙනෙහස, දයාව හා කරුණාව පිළිබද මනා වූ අර්ථකතනයක් ලබා දෙනු ලබයි.

Monday, September 8, 2014
එකම මවකගේ කුසේ ඉපදීම..
මිනිසත්කමේ
පරම චින්තනය
දෝතින් බදාගත්
සමාජයේ
දියවී යන
ඉටි රූපයකට
උපමාවන මිනිසා
නැවත නැවතත්
මැරී ඉපදෙන්නේ
විවිධ පැහැයෙන් යුතු
ඉටිපන්දම් සේය..
වරෙක බෞධයෙකු
සේද,
ඔහු මැරී ඉපදෙන විට
නැවත ඔහුගේ ආත්මයම
හින්දු මවකගේ කුසේද
තවත් වරෙක
ඉස්ලාම් ආගමික මවකගේ කුසේද
තවත් වරෙක
කතෝලික ආගමේ මවකගේ කුසේද
විය හැක..
මෙය වැටහා නොගත්
අධම මනසින් හෙබි මිනිසා
ජාති වශයෙන් කුලල් කන්නේ
ඇයි දැයි මට නොවැටහේ...
දැන් තවත් ජාතියක සිටිමින්
වෙනත් ජාතියක් වෙනුවෙන්,
මෙන්ම ඔහුන්ගෙන් තම ජාතියට
විවිධ දේ වන බව පවසමින්
සටන් වදින මිනිසා
නැවත ඉපදෙන විටදී
ඔහු පෙර ආත්මයේදී
ගැරහු ජාතියේ මවකගේ කුසේ
පිලිසිදගෙන සිටීමට පුළුවන...
ඉපදීමෙන් පසු
ඔහුට ඔහුගේ ජාතිය
ලොව ඇති ශේෂ්ටතම ජාතිය වනු ඇත...
එය එසේ වන විටදී,
අන් අයගේ අතින් සිදුවන
සුළු වැරදි
නොසලකා හරිමින්
අපිට එක මෙන්
එක ජාතියක් වශයෙන්
සිංහල මුස්ලිම් ද්‍රවිඩ
ලෙස නොසලකමින්
අපිට බැදී සිටීමට පුළුවන
එසේ විය යුත්තේ
නැවතත් නැවතත් අප ඉපදෙන ලෙසිනි..
බුදු දහමේ එසේ සදහන් වුවත්
වෙනත් ආගම වල එසේ සදහන් නොවුනත්
අපිට කම් නැත,
මක්නිසාද අපි සැවොම මිනිසුන් වන බැවිනි
නමුත් සෑම දහමකටම
පොදු වූ නියායක් ඇත,
එය වනුයේ
හොද කරන්නට හොද ලැබෙන බවයි..
එය එසේ වූ කල්හි
නරක කරන්න හට නරකම ලැබෙනු ඇත
එය බුදු දහමේ පරිදි නම් මේ ආත්මයේම හෝ ලබන ආත්මයේ විය හැක
වෙනත් ආගමක නම් ස්වර්ගය හෝ නිරය,
ඔහුගේ ක්‍රියාවන් වලට ලැබෙනු ඇත..
එය එසේ තේරුම් ගන්නා කල්හි,
අපි සැවොම එක සමාන වනු ඇත
අප එකම ජාතියක් වනු ඇත
අපි එකම මවකගේ කුසෙහි අවසාන සංසිද්ධිය
වශයෙන් ඉපදෙනු ඇත...
"මිනිසුන් වන අපගේ එකම අභිප්‍රාය විය යුත්තේ ජාති ආගම් වශයෙන් ඇන කොට ගැනීම නොව සැවොම සමගින් එක සේ බැදී සමගියෙන් කාලය ගෙවීමයි මක්නිසාද යත්, අප ඉපදුනත් නැවත මරණ බැවිනි. යම් අයෙක් මෙය කියවන කල්හි ඔහු සිතින් විමසයි,මු මොන ආගමේ එකෙක්ද මොන ජාතියේ එකෙක්ද කියල?? එකට පිළිතුර මට දෙන්න පුළුවන් මගේ ආගම බෞද්ධ එත් මට එක ජාතියකට පමණක් කොටු වෙන්න බෑ.. මොකද මට බෑ මම සිංහලයෙක් යයි මටම හංවඩු ගස ගනිමින් තවත් ජාතියකට ගරහන්න මොකද පෙර ආත්මයකදී මගේ ජාතිය සිංහල නොවෙන්න පුළුවන් බැවිනි, මම වෙනත් ජාතියක නැවත ඉපදීමට ඉඩකඩ ඇති බැවිනි."
"ජීවත් වන සෑම තප්පරයක්ම ජාති ආගම් වශයෙන් සටන් වැදීමට නොව අන් අයගේ යහපත, අන් අයගේ දියුණුව හා මිනිසුන්ට උපකාරීවනු පිණිස තම ධර්මයට අනුගත වෙමින් ධර්මනුකුලව දිවි ගෙවීමට සිතා ගන්න"

Sunday, September 7, 2014
තීරණය ලැබීම..
සියලු පැතුමන් අත්හල සිතින් යුතුව
පෙර පරදීම
බලා සිටිමි..
එය
බලා සිටීමක්ම පමණක් විය..
අතීතයේ
පැතුමන් සුන් වුයේ
යම් සේද
වර්තමානයේ
මා සතුව තිබු පැතුමන්
සුන් වී ගියේ
දෛවය නමැති ජූරියේ
අනුකම්පා විරහිත බව
මගේ සිතේ නැවතත්
පසක් කරමිනි...
එය එසේ වන විට
නෙතින් වැටුණු කදුළු බිදු
පිළිගන්නට
ඉදිරිපත් වුයේ
මගේ මුහුණ පමණකි
කෙසේ වුවත්
ඒ අවස්ථාවේදී
මගේ සිත, නැවතත් මල්ඵල දැරවීමට
ඉදිරිපත් වුවෝ කීප දෙනෙකු සිටි
ඔවුන් හට තුති මල් පිදීමට
මෙය අවස්ථාවක් කර ගනිමි...
එසේ ජූරියේ
පෙර පරදීම
බලා සිටිමි..
එය
බලා සිටීමක්ම පමණක් විය..
අතීතයේ
පැතුමන් සුන් වුයේ
යම් සේද
වර්තමානයේ
මා සතුව තිබු පැතුමන්
සුන් වී ගියේ
දෛවය නමැති ජූරියේ
අනුකම්පා විරහිත බව
මගේ සිතේ නැවතත්
පසක් කරමිනි...
එය එසේ වන විට
නෙතින් වැටුණු කදුළු බිදු
පිළිගන්නට
ඉදිරිපත් වුයේ
මගේ මුහුණ පමණකි
කෙසේ වුවත්
ඒ අවස්ථාවේදී
මගේ සිත, නැවතත් මල්ඵල දැරවීමට
ඉදිරිපත් වුවෝ කීප දෙනෙකු සිටි
ඔවුන් හට තුති මල් පිදීමට
මෙය අවස්ථාවක් කර ගනිමි...
එසේ ජූරියේ
තීරණය ලැබුනත්
වැටුණු මා
නැවත නැගිටිනුයේ
පෙර සිටිය ලෙසටත් වඩා
ශක්තිමත් මිනිසෙකු,
සාර්ථකවත් මිනිසෙකු
ලෙසිනි..
එසේ වන විට
ජුරිය ලබා දුන් තීරණය
මගේ දෙපා මුල
වහලෙකු සේ
ඇද වැටෙනු බව
මගේ විශ්වාසයි..
නැවතත්
මගේ සාර්ථකත්වය
වෙනුවෙන්
මා පසුපස සිටින
යෝධ සෙවනැළි වලට
මගේ හද පිරි
තුති මල්...
"සෑම අයෙකුටම යම් අවස්ථාවක තමන් බලාපොරොත්තු වුවාට වඩා අතිශයින්ම විරූපී සහගත වූ තීරණ වලට මුහුණ දීමට සිදු වේ.ඒ අවස්ථා වලදී තමන්ගේ සිත කඩ වැටුනත් ඒ කඩ වැටීම නැවතත් නාග සිටුවීමට තමන් අසල සිටිනා කල්‍යාණ මිතුරන්ගේ මෙන්ම දෙමවුපියන්ගේ ශක්තිය තමන් හට ලැබේ. ඒ ශක්තියද කටුව එමෙන්ම තම සිතේ ශක්තියද කටුව නැවතත් මහා පුරුෂයෙකු ලෙස නැගී සිටීම අනුකම්පා විරහිත වූ දෛවය සහ ඔහුගේ තීරණ පරාජය කිරීමට මනා රුකුලක් වේ"
පෙර සටහන..
Friday, September 5, 2014
සාර්ථකත්වයට යන අතර මග...
මගේ Blog පිටු අතර මේ පැදි පෙළ සටහන් කරන්නට ම හට සිතුනේ මගේ කුඩා කාලයේදී ඇසු මේ පද වැල් සටහන මේ දක්වාම මගේ ජිවිතයට ආදර්ශයක් වූ හෙයින්. සැබවින්ම කිවහොත් මේ පැදි පෙළ සැබවින්ම ජිවිතයට් ආදර්ශයක් එමෙන්ම ජිවිතයේ සාර්ථකත්වය සොයා යන අපට මැනවින් උපකාර වන අත්වැලක්. රත්න ශ්‍රී විජේසිංහයන් විසින් අලංකාරවත් ලෙස ගලපු මේ පැදි පෙළ සාර්ථකත්වය සොයා යන මගේ ලැබෙනා වෙහෙසවත් බව මෙන්ම දුක් කම්කටුලු වල කටුක බව මොහොතකට සිතින් ගතින් තුරන් කිරීමට සමත් වන බව මා හට මේ තුලින් ලැබී ඇති ආස්වාදය තුලින් වැටහී යයි. එසේ වන හෙයින් ඔබ හටද මේ පැදි පෙළ ඔබගේ සාර්ථකත්වය සොයා යන මගට අත්වැලක් වේ යැයි මට සිතේ...
ගංගාවක් වී ගලන්න
උල්පත පසු කර
වැවක් වෙලා නතර වෙන්න
නෙලුම් මලක් යට
නිල දිය මත ගල් කැටයක්
වැටුණු වෙලාවට
රැල් සිය දහසක් නැගේවි
රිදිලා හදවත
දිවිල්ලෙන් වැසුණු දට
මුළු මිටියාවත
සිහි කරන්න කදු පාමුල
මව්කිරි උල්පත
ඇල්මෙන් අකුරට ඇවිදින්
අකුරු අහිදගෙන
කදු මුදුනට නැග බලන්න
ජිවිතයේ උස..
සාර්ථකත්වය නමැති කදු මුදුනේ මුදුනත සිප ගැනීමට වෙර දරන ඔබට රත්න ශ්‍රී විජේසිංහයන් විසින් දුන් මේ දායාදය ඔබගේ ගමන් මගේ දියුණුවට මෙන්ම ඒ ගමන් මග තුල ලබන කටුක අත්දැකීම් ඔබගේ සිතින් තුරන් වනු දැකීම, මෙම Blog සටහන සටහන් කල මගේ එකම පැතුමයි.

Wednesday, September 3, 2014
පරමාර්තකාමි වෙඩිමුරය...
අහස දෙස බලමින්
පොළව දෙස බලමින්
හුල්ලන්නේ,
තම දරුවන්ගේ
බඩගින්න දකිමින් සිටීමට
නොහැකි හෙයිනි
නමුදු
කෙසේ කියම්ද?
කෑමට යමක් නැති වග..
චිත්ත පීඩාවෙන් තලි පොඩි වී
යන යුගයක
තම හේනේ හට ගත්
සහල්,
කුරහන්,
මුං බෝංචි
කුණු කොල්ලෙට ගත් හෙයින්
කිරි පිටි පැකට් එකක් වත් ගන්නට
අතේ පිච්චියක් නැති හෙයින්
තම දරුවන් හඩන හැටි
කෙසේ වාවන්නද?
අට පහ නොදත් දරුවන් එසේ හැඩුවත්
අට පහ දත් දරුවා නොහඩා සිටිනුයේ
තම පවුලේ පීඩිත බව දැක විනා
ඔහුට බඩගින්නක් නොදැනෙන හෙයින් නොවේ..
බඩගින්නක් දැනුනත් ඉවසා සිටිනුයේ
මවගේ චිත්ත සන්තාපය
තවත් ඉවසීමට නොහැකි බැවිනි..
ගෙදර හල් ඇටයක් වත් නොමැති වග
ලෝකයට හන්ගමින්
තුන් වෙලාම සරුවට බුදින බව
ලොවට පසක් කරනුයේ
ලෝකයෙන්,
තමනට් හා පවුලට
ලැබෙන
නවනින්ගිරවෙන් බේරීමට විනා
අන් දෙයක් නිසා නොවෙයි..
ජල චක්‍රය,
කාබන් චක්‍රය,
නයිට්‍රජන් චක්‍රය සේම,
බඩගින්න සගවීමේ චක්‍රයද
ලොව තුල ජනිත වී ඇත්තේ
බඩ ගින්නෙන් තලි පොඩි වී ගිය
හේන් ගොවියන්,
මධ්‍යම පාන්තික රජයේ සේවකයන්,
කම්කරුවන්,
දෛනික කුලී කරුවන්
සහ..,
අද සමාජයේ ජීවිතය
ගැට ගසා ගැනීමට වෙර දරන
අපටත් නොදැනෙන ලෙසිනි...
නව වසන්තයක් දෙන බව පවසන විට
වැල යන අතට මැස්ස බදිනුයේ
සුපුරුදු ලෙස ඊනියා සමානාත්මතාවයේ
කතිරය ලබා දෙමිනි..
කතිරය ලබා ගැනීමට
තුත්තිරිගස් අල්ලමින් පැමිණෙන්නන්
තම ඉලක්කය ලගා කර ගැනීමෙන් පසු
පිට පාරෙන්ම දුවනුයේ
නව වසන්තයේ නිම් වළලු
ඔවුනගේ පරම්පරාවන්ට උරුම කර දෙමිනි..
මෙය දකින
අසරණ බැවින් පීඩිත වුවන්
අවසානයේ පවසනුයේ,
මුන්ට සැලකු අපිට මඩු වලිගෙන් තලන්න ඕනේ යයි
තමන්ටම ගරහමිනි..
බඩගින්නේ ආස්වාදය ලබමින්
ජීවන උද්දමනයේ පහස ලද්දෝ
දැක දැකම,
තරු පහේ
කෑම කඩ වල
සප්පායම් වන පාලකින්
පවසනුයේ
අපිට මේවා ලැබුනේ පෙර පින් නිසා යයි
පවසමිනි..
එසේ වුවත්
අපගේ දායකත්වය නොලැබුණි නම්
පෙර පින් අහෝසි වී යාමටද ඉඩ තිබුණි
බව,
ඔවුනට නොවැටහෙනුයේ
ඔවුන්ගේ මොළ ගෙඩි තුල ඇති
ආත්මාර්ථකාමී බවේ
කුකුල් අඩි සටහන් වී ඇති බැවිනි..
නව වසන්තයේ
භෞතික ස්වරූපයන්
ගොඩ නැගීමට මත්තෙන්
මනුෂ්‍යයන්ගේ සබැ ඕනෑ එපාකම්
දකින්නට හැකිනම්
ඔවුන්ගේ පරමර්තකාමී බවේ
ශේෂ්ඨ පරම චින්තනය
ජීවන උද්දමනයේ පහස ලද්දන්ගේ හදවත් තුල
සටහන් වනවා මෙන්ම
බඩගින්න නමැති වෙඩිමුරයටද
නැවතීමේ තිත සටහන් වනු ඇත..
"මිනිසුන් වන අපගේ සබැ ස්වරුපය අපටත් නොදැනීම සැගවී යනුයේ ලෝකයෙන් ලැබෙන සීමා රහිත වූ සරදමට ඇති බිය හෙයිනි"

Monday, September 1, 2014
මොළ ගෙඩි සේදීම...
සංචාරය පිණිස පැමිණි අයෙක්,
කෝ කෝ ලිද
කෝ කෝ වැව
කොහෙටද ගියේ
කලින් මෙතන තිබුනනේ
කොහොමද නැති උනේ??
මෙසේ යම් අයෙක්
විමසන කල්හි,
වියලි ගිය මඩ තට්ටු
සෝදාගෙන
රජ වන්නට නොහැකිව
බලාගෙන සිටින
සහල් ගොවියා
බිරන්තට්ටු වී
බලාගෙන සිටිනුයේ,
තම වෙලී ගිය
බඩ වැල් වලට
ආස්වාදයක් ලබා දීමට
දිය දෝතක්
මේ ලබා දෙයි.. මේ ලබා දෙයි..
යන චිත්තාණුරුපි
කවි පෙලේ
පද වල් එකින් එක
අමුණමිනි...
ඒ මේ අතර නැවත වරක්,
කෝ කෝ ලිද
කෝ කෝ වැව
කොහෙටද ගියේ
කලින් මෙතන තිබුනනේ
කොහොමද නැති උනේ??
මෙසේ අසන කල්හි,
මෙයට
පිළිතුරු දීමට විනා
හුස්ම පොදක් ඉහලට ගන්න
ශක්තියක් නැතුව,
විඩාවට පත්ව,
පිපාසයෙන් ඔද වැඩීගිය
අටකොටු මිටියකින් සර්ව සම්පුර්ණ වූ
සහල් ගොවියා බල සිටිනුයේ,
තම බිරිද
තම දරුවා
පිපාසයෙන් වේලී
බඩගින්නෙන් මිරිකී
යන දෙස විනා
වැව ගියේ කොහෙද? ලිද ගියේ කොහෙද?
යන දෙස නොවේ..
ඒ මේ අතරේ ලංකාවේ සම හරක්,
නානවා Ice Bucket
එකලු අලුත්ම ට්‍රෙන්ඩ් එක
මොකකටද මන්ද ආධාර පිණිසලුනේ කරන්නේ...
හැබැයි හිත උණු වෙලා නම් නෙමෙයි
මුලික පරමාර්ථය ප්‍රසිද්ධ වීම,
මාධ්‍යවේදියෝ
ගායකයෝ
නළුවෝ
නිලියෝ
ඔක්කොම නානවා
ඒ මදිවට challenge කරනවා..
තම ප්‍රසිද්ධිය පිණිස කරන්න වූ මෙවන් වූ ඊනියා ක්‍රියාකාරකම් ලෝකය යන අතට පිනුම් ගැසීම පිණිස නොව තම අසල් වැසියන්ගේ සුභසිද්ධිය පතා, ඔවුන්ට උපකාර වනු පිණිස පතා, මනුෂ්‍යත්වය වෙනුවෙන් යමක් කීරීමට යොදා ගත්තේ නම් කොතරම් අගනේද? මෙසේ අයිස් වතුරෙන් නෑම විනා අයිස් වතුරෙන් තම මොළ ගෙඩිය සෝදා ගත්තා නම් යම් දෙයක් වෙටහෙනු ඇත. මෙය කියවන්නා වූ යම් අයෙක් මෙම ලිපියට ගරහනු ඇත, ඒ ගැරහීම පසෙකට කර මෙම ඊනියා ක්‍රියාකාරකම් තුල සැගවුණු යටි පරමාර්ථ සහ මනුෂ්‍යත්වය යනු කුමක්ද යන්න තේරුම් ගැනීම අගනේය. මේ ලිපිය හුදෙක්ම මොළ ගෙඩි සේදීමට විනා ලෝකේ යන අතට දගලන සම හරක් ලාංකිකයන්ගේ කරනම් ගැසීම විවේචනය කිරීමට නොවන වග වටහා ගන්න.

Sunday, August 24, 2014
කෘතිම මුහුණ..
ලස්සනයි දකින්නට
අමාරුයි හදන්නට
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
නොසිතන්න ඇති,
යම් කෙනෙක් මේ තුල සැගවෙයි කියලා
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
සිතන්න ඇති,
යම් කෙනෙක් සමාජයට නව අරුතක් දෙයි කියලා
අතේ කර ගැට එක දෙක නැගෙන්න ඇති
දහඩිය බින්දු එක දෙක වැටෙන්න ඇති
මහන්සිය දැනෙන විට
මනසින් දකින්න ඇති
බිරිද සහ දරුවන්
සහ ඔවුන්ගේ පැතුමන්..
දෙවියන් දුන්න දායාදය
එක සිතින් රැක ගන්න
වෙර දැරුවේ
තම බඩ වියත රැක ගන්න
ලද එකම පිරිසරණ මෙය නිසයි
ඉල්ලුමට සැපයුමක් තිබුනත්
වෙහෙසට අසාධාරණයක් වුවත්
ඒ අසාධාරණය ඉවසුවේ
වෙහෙසට ලැබෙන පිච්චිය වත්
නොලැබෙයි කියන බයට විනා
අන් දෙයක් නිසා නෙමෙයි...
ඒ මේ අතරේ තවත් අය,
සිත ඇතුලේ
ගොඩක් දේවල්
කරන්න තියෙන
ගොඩක් දේවල්
සිත ඇතුලෙම තියාගෙන
මුණට මුණක් දැම්මේ
සමාජයට සැබෑවටම
මුණ දෙන්න බැරි නිසයි
සමාජය හොදයි කියලා හංවඩු ගහනවා එහෙම නොවෙයි මේ,
සමාජයත් නරකයි
සමාජයේ ඉන්න අයත් නරකයි
හැම පත්තකම කළු සුදු තියෙනවා නොවැයි
කළු සගවලා සුදු පේන්න
මුණට මුණක් දැම්මට
මතක තියා ගන්න ඕන
නටන්න වෙන්නේ එළිපිට කියලා...

Monday, August 18, 2014
සිත්තරාගේ සිහිනය..
වරෙක ඔහු පැළ කල
නිල් පැහැති නිල් රුවෙති
අනාගත සිහිනය,
අනාගත ජීවය
සාර්ථක වනු පිණිස
පස් බුරුල් කර
වල් පැළ ද නෙලා
දිය යොදා සෑදුවේ
සිත්තෙරෙකු බලාපොරොත්තු වන
අවසාන සිහිනය,
අවසාන පැතුම
තමාටත් උරුම කර ගැනීම විනා
අන් කවරක්ද??
තම දණහිසෙන් නොසිට,තම කකුල් දෙකෙන් නැගී සිටීමට වෙර දරු කඳපොළ ප්‍රෙදේශයේ තම ජීවන වියමන ලෙස වඩේ වෙළදාම කරමින් සිටි පුද්ගලයෙකුට සිදු උ විපතක් පිළිබදව පසු ගිය දවසක වාර්තා විය. සැබවින්ම කිවහොත් එය තමන් විසින්ම තමාට කරගත් විපතක් විනා අන් අයෙකු විසින් කල දෙයකුත් නොවේ නමුත් ඒ විපත ඔහු කර ලගා කරවීමට අද සමාජයේ වගකිය යුතු පුද්ගලයින්ගේ ගති පැවතුම් වල සහ ඔවුන් තුල ඇති ආත්මාර්ථකාමී පිළිවෙත් ඒ සදහා දායක වුවදෝ යන සැකය මා සිත තුල ගොඩ නැගේ. විවිධ පුද්ගලයින් විවිධ මත පළ කරයි.. යම් අයෙක් ඔහු මෝඩයෙක් යැයි අදහස් දක්වයි, තවත් අයෙක් ඔහු දරු සෙනෙහෙ නොදන්නා අත්මර්තකමියෙකු ලෙස හංවඩු ගසයි කෙසේ වෙතත් මොහුගේ සිත හදුනා නොගත් විචාරකයෝ කෙසේ දැක වුවත් සැබවින්ම මොහු තම දෛවය සමග සටන් කල සෙනවියෙකු ලෙස ඔහුගේ චරිතය දෙස තවත් කෝණයකින් බැලු මා හට පෙනේ.
ඒ පුවත ගත් කල මෙසේය,
බිරියගේ කුසේ දරු දෙදෙනකු බව දැන ගත් සැමියා වස බී නසී
උපුටා ගැනීම: මව්බිම පුවත්පත
මෙයින් කියා පාන්නේ සමාජයේ මිනිසුන් තුල ඇති සැබෑ අසරණ බව විනා ඔහු තුල ඇති මෝඩකම වත්, ඔහු තුල ඇති මන්ද මානසික අසහනයවත් නොවේ එය තේරුම් ගත් විවිධ මතධාරීන් කෙසේ කිවත් එය එසේ නොවේ. ණය බරින් තැලී පොඩිවී ගිය මොහු හට රුපියල් 40,000 ක මුදල නොමැති වුයේ, ණය මුදල ගෙවා සතුටින් ජීවත් වීමට විනා කැසිනෝ ශාලාවකට ගොස් කැසිනෝ ගසන්නට වත් විස්කි බෝතලයක් මේසයක් උද තබාගෙන බදුනකට දමා බිදුවෙන් බිදුව තම මුවෙහි තබා ගැනීමට වත් එසේත් නැති නම් Bangkok වලට ගොස් Dinner එක අරගෙන ආපසු ඒමට වත් නොවන හෙයිනි.
මොහු මෝඩයෙකු යැයි හංවඩු ගසන පුද්ගලයින් සමහර විට දවසටම තම පෞද්ගලික ආශාවන් තකා රුපියල් 40,000 ක් වියදම් කරනවා වීමට පුළුවන සමහර විට පැයකට එම මුදල වියදම් කරනවා වීමට පුළුවන, එසේ කරන්නා වූ පුද්ගලින් කෙසේ අන් අයගේ දුක හදුනනවාද?? යන සැකය මතු වේ. එසේ කරන පුද්ගලයින්ගෙන් ඉල්ලන්නේ එකම දෙයි ඒ අනුන්ගේ දුක හදුනා ගැනීමට නොහැකි නම් තම වක්කඩක් වන් වූ මුඛය වත් වසාගෙන සිටිනු ලෙසට දක්වන ඉල්ලීමයි.
මෙවන් වූ අසරනකම් මැඩලීමට උසින් උසට අහසට ගෑවෙන තරම් ගොඩනැගිලි සැදුවට පලක් නැත, හරි කෙලින් දිවෙන මන් මාවත් සැදුවට පලක් නොමැත නිකරුනේ ලෝකයට පෙනෙන්නට ලොකු ලොකු උත්සව පැවැත් වුවාට පලක් නොමැත.. කල යුත්තේ ප්‍රථමයෙන්ම මිනිසුන්ගේ අසරණ සිත් වල පොර බදන අහිංසක පැතුමන් අහිංසක බලාපොරොත්තු තේරුම් ගැනීමය..
"තමන්ගේ පොදිය තර කර ගැනීමට හතිලමින් දගලන මිනිසුනේ අන් ය ගැනත් සිතන්න, ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබදව ක්‍රියාවට හේතුව නොදැන විවේචන ඉදිරිපත් කිරීමෙන් වලකින්න මිනිසත්කමට අත්වැලක් වන්න, සෑම දෙයක්ම දෛවයට බාර නොදෙන්න එසේ වූ කල මෙවන් වූ සමාජීය අසර්තකත්වයන් ලොවින් තුරන් වනු ඇත"

Wednesday, August 13, 2014
තීරණය ලැබෙන තුරු...
විඩාබර දිවියට
අස්වැසිල්ලක් වෙමින්
ලැබුණු සිහින් පොද වැස්ස
ඉරි තැලි ගිය බලාපොරොත්තු
නැවත අස්වදීමට්
අත් වැලක් වූ විට
සිතට දැනෙන
සතුට, සැනසුම
ඒ පහස ලද්දා විනා,
අන් කෙනෙකු හට වැටහේද?
සැබවින්ම එය
මහත් සැනසීමකි.
අනාගතයේ පිපෙනු දුටු මල්
යම් දිනක වර්තමානයේම පර වුණා,
ඒ පර වීමේ සන්තාපය
වර්තමානයේ දීම
මොහොතකට නැති වී ගියා
නමුත් මොහොතකට පමණයි..
එසේ වුයේ,
තවත් දුෂ්ටියක්
අනාගතය උදෙසා
ඉතුරු කරමිනි.
ඒ දුෂ්ටියද
ඉටුවෙන තුරු
සියලු පැතුමන් අත්හල සිතින් යුතුව
පෙර පරදීම
බලා සිටිමි.
දෛවය නමැති ජූරියෙ තීරණය ලැබෙන තුරු බලා සිටිනුයේ විසිරි ගියා වූ බලාපොරොත්තු වල පහස තවමත් හදවතේ තබා ගනිමිනි.එමෙන්ම, අතීතයේ සිදු වූ ඒ විසිරියම වර්තමානයේ ලද කුඩා සන්තුෂ්ටියෙන් සැනසි සිටීමට බාදාවක් වී ඇත.

Sunday, August 10, 2014
මනුෂ්‍යත්වය..
මනුෂ්‍යත්වයේ අරුත කෙසේදැයි යන්න විදහා දක්වන රූප රාමුවක් YouTube ඔස්සේ දැක ගැනීමට හැකි වුනා. එය වෙළද ප්‍රචාරක දැන්වීමක් වුවත් එය තුල සැබෑ වූ අරුතක් දක්නට ලැබුණා.
මෙයයි විය යුතු, නමුදු මෙය අද සමාජය තුල මෙසේම සිදුවේද?? එය ඇසිය යුත්තේ ඔබගේම මනසින්. මිනිසෙකු තුල පවතින කාලීන චිත්ත පීඩාවක් වෙනුවෙන් එයට පිහිට වෙනු පිණිස ඉදිරිපත් විය යුත්තේ මිනිසෙකුම විසිනි. මනුෂ්‍යත්වය වෙනුවෙන් තවත් මිනිසෙක් ඉදිරිපත් නොවන අද සමාජය තුල තිරිසන් සතෙකුට මිනිසෙකු පමණින් සිතීමේ ශක්තිය තිබුණි නම් ඔහු අන් අයට උපකාර කරනුයේ මිනිසත් කම යන වචනයේ පරිසමාප්ත අර්ථයටත් අභියෝග කරමින් යන වග, අද සමාජය තුල ජීවත් වන මා හට පසක් වූ දෙයකි.
මිනිසෙකු හට වැදගත් වනුයේ තවත් අයෙකුගේ සිනහව, සතුට සහ ඔහුගේ දියුණුව විනා තවත් අයෙකු තුල පවතින සමාජ තත්වයන්, ඔහු තුල පවතින දුර්වලකම්, මුදල් හෝ බාහිර ස්වරුපය නොවන බව අප විසින් තේරුම් ගත යුත්තේ අපිත් මෙලොව තුල නැවත නැවතත් මැරී ඉපදෙන අප හටත් තව කෙනෙකුගේ උපකාරයක් කෙදිනක හෝ අවශ්‍ය වන පිරිසක් බැවිනි. එය තේරුම් නොගත් අද සමාජය තුල ජීවත් වන, ජීවයක් නැති ආත්මයන් සේ සැරිසරන බහුතරයක් පුද්ගලින් තවත් අයෙකුට උදව් කිරීම පසෙක තිබු කල තවත් අයෙකුගේ දුකකදී ලගින් සිටිමින් ඔහුගේ හෝ අයගේ සිත ශක්තිමත් වනු පිණිස වචනයක් හෝ තම මුවින් පරිත්‍යාග කිරීමට සමත් නොවීම දුක්ඛ දායක තත්වයක් වන්නේය.
"යමෙකුගේ සතුට ඉදිරියේ ඔහු වට රොක්වන්නා සේම ඔහුගේ දුක ඉදිරියේද ඔබ රොක් විය යුත්තේ, ඔබ මිනිසත් කමේ අරුත දන ගත් මහත්මා පුද්ගලයෙක් වන බැවිනි."

Thursday, August 7, 2014
වතුර නැතුව කෙසේ රජ වන්නද??
බර්ටි.බී.කුඩාහෙට්ටියන්ගේ, සැපෙනි සැපවේවා සහ සිරිමලුගේ නගා නලනීය යන කෘතිය කියවීමේදී දක්නට ලැබුණු දැනට සමාජය තුල දක්නට ලැබෙන ආත්මීය සාධකයක් නෙත ගැටුණි. රචකයාගේ නිර්මාණාත්මක මනසින් දුටු දැනට සමාජය තුල දක්නට ඇති එක් සමාජ කොට්ටාසයක් පමණක් අත්විදින මෙහි දැක්වෙන සිතුවිලි හැගීම් කුඩාහෙට්ටියන් මැනවින් දක්වා ඇත්තේ මගේ මනස තුලද
මෙම කෘතිය කියවන්න වූ ඔබගේ මනස තුලද මේ කියන්නා වූ දෙය සත්‍ය යැයි විනා අන් කවරක්ද???
මෙම කෘතිය ඇසුරින් උපුටා ගත මෙම පද වැල වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්ට නොපෙනෙන කරුණක් විදහා දක්වයි.
කවියා:
සරු පස පෙරළමින්
කදුලකින් වතුර බැද
පුර දහතුන් වසක්
නුඹ කුඹුරු කෙටුවෙහිය
පුරා දහතුන් වසම
කටු මැටි ගෙපැල පමණකි
කෝ පොලව කොටමින්
ගොඩනැගු අටුකොටු
රැයක ගෙට සොරෙකු පැන
සොරාගෙන යන ලද වස්තුව
පුරා දහතුන් වසක්
කුඹුරු කෙටුවා මදි ද
ඇගේ මඩ සෝදාගෙන
රජකම් කලොත් නරකද?
ගොවියා:
දිනපතා ගොවිබිමට
බැංකුකරුවන් වැදි
ලොරි අයිතිකරුවන්ද
අතරමැදියන් වැදි
මංකොල්ලකන නිසා
කටු මැටි ගෙපැල පමණකි
තෙමා ගන්නට කුඹුර
මහා ඇලේ වතුර නැත
මඩ සෝදාගත නොහැක
ඔටුනු පළදින්නට
සමාජයට මන වූ මෙහෙවරක් කරන්නාවූ එක් කොට්ටාසයක් වට ගෙතුනු මෙය ඒ සමාජය තුල සත්‍ය වූ දැක්මක් පෙන්නුම් කරනු ලබයි.අලුත් ඉරක් පොරොන්දු වෙමින් ආණ්ඩු ආවත් මේ ජන කොට්ටාසයේ මේ ඉරණම දුටුවෙහිද? ඒ ඉර කෙසේ වෙතත් ඒ ඉර බස ගිය පසු තවත් දිනක් උදා වුණා, අයෙත් ආණ්ඩුවක් ආවා මේ ඉරණම දුටුවෙහිද? සමහර විට දකින්නට ඇති එත් නොදැක්කා වගේ සිටින්නට ඇත.
මේ කෘතිය තුලින්ම තවත් කරුණක් දුටුවා "මිනිස්කම නැතුව මිනිස්සු වෙන්න බෑ" එය සැබෑම වූ කරුණකි අප සෑම කෙනෙක් ගැනම සොයා බැලිය යුතුය, අප අපගේ මල්ල පුරවා ගත්තත් ඒ මල්ල කරපින්නා ගෙන අපි යන දිනයට ගෙන නොයන්නා බැවිනි.
Wednesday, August 6, 2014
ලොවීනා තුලින් සමාජය විනිවිද දැකීම
මෙය මොහාන් ලාල් මඩවලයන්ගේ තෙවන ඇස විසින් දුටු ශ්‍රී ලාංකීය සමාජයේ විශිෂ්ට විනිවිද දැකීමකි. එමෙන්ම මෙම කෘතිය ශ්‍රී ලාංකීය සමාජය අතීත වශයෙන් මෙන්ම වර්තමාන වශයෙන් සිහියෙන් යුතුව විමසා බැලීමට මොහාන් ලාල් මඩවලයන් විසින් ශ්‍රී ලාංකීය සමාජයට පිරිනැමූ විශිෂ්ට නිර්මාණයකි.
කතෘගේ පෙර වදන තුලින් මෙම කෘතිය පෙන්නුම කරන පරිදි,
මෙය,
තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය පිලිබදවවත්,
දස්කොන් මහාදිකාරම් සහ ප්‍රමිලා බිසුන් පිළිබදවවත්
හෝ ඔවුන්ගේ ආදර කතන්දර පිළිබදවවත්
සමජයට් පෙන්නුම් කීරීම පිණිස දැරූ උත්සහයක් වත් නොවන අතර
තමාගේ ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් පිරිනැමූ,
උපතින් ඊනියා බොදුගොවී තරුණියක් මෙන්ම
මරණය වන විට, වර්තමාන සමාජයේ මෙන්ම අතීත සමාජයේ
මනුෂ්‍යත්වය නම් වූ වදන තමන්ගේ අගේ හංවඩු ගසා ගත්
ශ්‍රී ලාංකීය පුද්ගයලන්ගේ පිළිකුලට ලක් වූ
ඊනියා රොඩී කුලයේ තරුණියක වටා ගෙතුනු සමාජීය දැක්මකි.
මෙහි දැක්වෙන උපතින් ඊනියා බොදුගොවී තරුණියක මෙන්ම මරණය වන විට ඊනියා රොඩී කුලයේ තරුණියකවූ මැය නමින් පුන්නා නොහොත් පුන්නී නම් වන්නීය.
එක දාස් හත්සිය ගණන් වල පෘතුගීසින් ගෙන් පසු පාලනය අතට ගත් ලන්දේසි සමයේ මෙරට බෞද්ධ සමාජයේ උපන් මැය "පුන්නා" යන නමින් එකල සමාජයට අයගේ මව් පියන් විසින් හදුන්වා දෙන ලදී. තම දරුවන් පිළිබද දෙමවුපියන්ගේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ ඔඋන් හොදින් අධ්‍යාපනය හදාරා අනාගත සමාජය තුල ඉහල තැනක ජීවත්වනු දැකීමයි මේ පැතූමම පුන්නගේ දෙමුපියන්ගේ සිත් වලද තිබු බව තේරුම් ගැනීමට මෙම කෘතිය පරිශීලනය කල ඔබට වැටහෙන බව අමුතුවෙන් උපුටා කිව යුත්තක් නොවුවත් මෙය මෙසේ ප්‍රකාශ කලේ දැනට මෙය කියව නැති ඔබ සදහම පමණක් මිස පරිශීලනය කල ඔබ පිණිස නොවේ. ඒ අයුරුන් පැතූ අයගේ දෙමුපියන් ඇයව ගමේ පන්සල කරා යවන්නේ අධ්‍යාපනය හදාරිමටය
එසේ අධ්‍යාපනය හැදෑරූ ඇය අයගේ තරුණ කල වන විට කාටත් දැකිඉමට සතුටු රූපසම්පත්තියක් ඇය සතු වන්නිය. එසේ වූ රූපසම්පත්තියම අයගේ ජීවිතයට කන කොකා හඩලයි යැයි ඇය කවදාවකවත්ම සිතන්නට නැත නමුත් එය එසේ නොවන්නේ අයගේ තිබු අවාසනාවක් නිසා නොව එකල රාජ්‍ය පාලනය කල ශ්‍රී පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් ගේ මන්ද මානසිකත්වය නිසා යන වග මට සිතේ එසේ වන්නේ යම් මොහොතක ඇයව ඔහුගේ අසහනය මකා ගැනීම පිණිස භාවිත කල අන්තප්පුරයට ඇයව කැදවාගෙන යාමත් සමගය. අන්තප්පුරයේ සිටින වකවානුවේදී මැයව නරෙන්ද්‍රසින්හයන්ගේ අසහනකාරී බලපෑම් වලට ලක් වන අතර එමෙන්ම මැයට ප්‍රමිලා බිසුන්ද හමු වන්නේ ප්‍රමිලා බිසුන් නරෙන්ද්‍රසින්හයන්ට හොරෙන් දස්කොන් මහාධිකරම්ට පෙම් බදින අවදියේය. ඒ කාලයේදීම පුන්නා හට දස්කොන් මහාධිකරම මුණ අගේන අතර එහෙදි ඇයට සිහියට පැමිණෙන්නේ දස්කොන් අයගේ කුඩා කල මිතුර බවයි.ඒ අතර තුර ඔහුට පෙම් බදින අයුරු කතෘගේ බුද්ධියෙන් දුටු පරිදි Magical එකක් ලෙස පෙන්නුම් කර ඇත්තේ මන වූ අගනා අයුරිනි. මෙසේ ගෙතෙන කතාවේ සමාජීය වශයෙන් සිංහල රාජ්‍යත්වයේ මෙන්ම සිංහල ජන සමාජයේ බුද්ධියේ අඩු බව නැතහොත් සිංහල සමාජයේ කෘරුරත්වය පෙන්නුම් කරන්නේ පුන්නා නම් නරෙන්ද්‍රසින්හයන්ගේ අන්තප්පුරයේ සිටි තරුණිය අයගෙන් සිදු වූ වැරදීමක් නිසාවෙන් අයගේ නම පුන්නී ලෙස වෙනස් කරමින් ඇයව එකල මෙන්ම වර්තමාන සමාජයේද අඩු ලෙස සලකන ඊනියා රොඩී කුලයට පිටුවහල් කිරීමත් සමගය. එය එසේ සිදුවන්නේ සැබවින්ම කිවහොත් අයගේ වරදකින් නොවන වග මෙම කෘතිය පරිශීලනය කරන ඔබට වැටහෙනු ඇත.
රොඩී කුලයට පිටිවහල් කිරීමත් සමග ආරම්භ වන මෙහි කතා පුවත ශ්‍රී ලංකේය සමාජයේ අඩු වැඩි බව හා කුල මල බේදය පෙන්නුම් කරන්නේ සිංහල සමාජයේ දුර්වල බව විදහා දක්වමිනි. සැබවින්ම කිවහොත් මේ කරුණ අතීත සමාජයේ පමණක් නොව වර්තමාන සමාජයේද දක්නට ඇති අප්‍රිය ජනක කරුණක් වනුයේ මෙපමණ දියුණු සමාජයක වුවත් කුල භේදය දක්නට තිබීම මෙවන් දියුණු වූ සමාජයකට දක්වන නිගාවක් ලෙසිනි. සමාජය තුල ජීවත් වන ඊනියා කුලවත් මිනිසුන්ට් නොතේරෙන කරුණ වනුයේ මනුෂ්‍යයා හෙවත් "මහා උසස් වූ" යන අරුත පෙන්වන එම කුඩා වචනය තේරුම් ගැනීමට නොහැකි වීමයි.

මෙම කෘතියේ අවසානය තෙක් ගමන් කරන විට මෙම කෘතියට නම් දැමු "ලොවීනා" යන රොඩී තරුණිය හෙවත් "පුන්නා" ගේ පරම්පරාවේ සිට පැමිණෙන පුන්න්නාට ලගම නෑකම් කියන එනම පුන්නා ගේ මිනිබිරිය වන ලොවීන නම් මැය මුණගැසෙන අතර ඇය සමග පෙම් බදින මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා හමුවන්නේ සිංහල සමාජයේ කුල බෙදය නොදුටු ශේෂ්ට පාලකයෙක් ලෙසිනි.
තම ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් පුජා කල පුන්නී නම් වූ මැය සිංහල සමාජය විසින් පහත් යැයි සලකනු ලැබූ රොඩී කුලයේ සිටියත් සිංහල සමාජයේම ඊනියා කුලවත් මිනිසුන්ට වඩා ශේෂ්ඨ වූ ගති පැවතුම් වලින් හෙබි කුලවත් මිනිසුන්ට පවා තම ආදර්ශයට ගත හැකි තරුණියක වන්නේය. කුලවත් මිනිසුන්ටවත් නොමැති චිත්ත ශක්තියක් මෙන්ම තම වර්ගයාගේ දියුණුව පිණිස යෙදවිය හැකි අපුර්වතම වූ සන්තුට්ටික ශක්තියක් ඇය තුල හෙබි වන්නේය. කෙසේ වෙතත් පුන්නි නම් චරිතය මනක්කල්පිත වුවත් අපගේ සිත් තුලට ගත හැක්කේ සමාජය තුල මිනිසුන්ගේ පවතින අප්‍රිය ජනක වූ ගතිපැවතුම් විනා අන් කවරක්ද යන වග ඔබ විසින් තේරුම් ගත යුතුය.

මෙය, මෙම කෘතිය ඔබට හදුන්වා දීමට මා ගත් වැයමක් නොව ශ්‍රී ලාංකීය සමාජයේ සමහරක් ජන කොට්ඨාසයකට සිදුවන මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් සිදුවන අසාධාරණය සමාජයට පෙන්නුම් කිරීමට ගත් පිම්මක් බව මෙම බ්ලොග් සටහන කියවන ඔබ විසින් තේරුම් ගත යුතු බව මෙයින් පෙන්නුම් කරනු ලබයි.
පිවිසුම..
මාගේ පළමු සටහන ලිවීම මෙතැන් සිට මා ආරම්භ කරමි.
ජීවිතයේ සාර්ථකත්වය සොයා යන ගමනක
ජීවිතයේ කටුක බවේ පහස ලබමින්
හති වැටුණු ජීවිතයට්
දිය පොදක් වන්නට
එසේම මා හට හැකි අයුරින් අත්වැලක් වන්නට
මගේ මෙම ප්‍රථම Blog සටහනත් සමගින්
මා Blog ලොවට පිවිසෙන්නෙමි.
මෙය මනුෂ්‍යත්වය යන වචනයේ පරිසමාර්ථ අර්ථය සමාජය තුල සටහන් කිරීමේ මගේ ප්‍රථම සටහනයි.

Subscribe to:
Posts (Atom)