Tuesday, August 30, 2016

හිස්බව...






















ගිනිගත් අහස යට
ගිලගත් හිරුත් සැඟව ගිය
රත් පැහැති වළා සෙවණේ හිඳ
මං දොරටු දෙස බලයි
සෝ සුසුම් පාවඬ එලන්නට...

මඟ බලා හිඳ ඈත දුර
නිවුනු සිත් කොහිද
සැඩ පරුෂ ඉතිහාසයට
වර්ග සංහාර බිම්
පහුරුගා වලවල් ඉස
සොයා ඉගිලී යති
පෙම් කල සැඟව ගිය සඳ...

පල්ලියට
පන්සලට
කෝවිලට
වහල් වී හිඳ
පහන් සිළු දල්වයි
හිමි නොවන වර්ග බිම් තණ්හාවට
සුළඟට හසුව
පාවෙනා සියොත් කැල
සොයාපන් සොයාපන්
සැඟව ගිය යහපත් සිත...




ඡායාරූපය නයනහාරි අබේනායක විසින් ( This are not Dewdrops of Jaffna )


Saturday, August 27, 2016

හකුරු කවි - 07






















සීතලට සැඟවෙන
මීඳුමේ පිණි කැට
හිනහෙයි
කණාමැදිරි
එළිය දැක...


Friday, August 26, 2016

හුස්ම..

















වැහි දාට මුණගැහුන
වැටකෙයියා පඳුර ලඟ
කැඩී ගිය හදවතේ
තාම පණ ගැහෙනවා...


වතුර නැති නියඟයට
තෙමුණු කටු කම්බි වැට
පැහැ වැටී ගොම පාට
තාම මඟ බලනවා...

ඉරි තැළුණු වැව් ඉවුර
තිසා වැව් අද්දරට
හීන් වැහි පොද වැටී
සුමට රැළි අඳිනවා...

තෙළි තුඩක අඟ රැඳුණු
පාට වැහි පොද කැකුළු
නුඹේ හදේ ඡායාව
වැව් දියේ මවනවා...

ගොම්මනට නුඹ ගාව
පිපෙන සඳ දෙස බලන්
නුඹ ගොතපු කවි මාල
තාම හිත නිවනවා...

අමාවක සඳට පෙර
නුඹ ඇවිත් මගේ ගාව
තරු පොකුරු ඇතිරිල්ලේ
නැළවෙන්න පතනවා...

Saturday, August 20, 2016

හකුරු කවි - 06



රාත්‍රිය,
හිරුට
පෙම්
බඳින
සොඳුරු
යාමය...

Friday, August 12, 2016

හකුරු කවි - 05






















වසන්තයේ
නැලවෙන
මෙපල් පත්
සොයයි උණුසුමක්
සීතල
වස්සානයට පෙර...


Saturday, August 6, 2016

සංහිඳියාව...






















වැහි කඳුළු හිනහෙන්න
මුතු පබළු පළඳින්න
හීන් තණ මල් කැකුළු
පිණි වැටී දිලිසෙන්න...

දේදුන්නේ සළු අතර
තනිකමට සැඟවෙන්න
පිණි වැටුනු මල් කැකුළු
මාලයක් ගෙන එන්න...

මල් තුහින ඉහිරෙච්ච
සුදු පුළුන් ඇතිරිල්ලේ
උණුහුමට ගුලිවෙන්න
සතුටු සිත ගෙන එන්න...

වෙනස් සිත් සැනසෙන්න
එක සිතක් හමුවන්න
ඉවුරු කොණ වෙත එද්දි
තිලකයක් ගෙන එන්න...

එක අහස යට ඉන්න
ඉසව් ගම් යා වෙන්න
මරතොන්ඩි මල් වැටුන
දෑත් යුග මට දෙන්න...

Tuesday, August 2, 2016

හකුරු කවි - 04

















සරුංගලේ
සරුංගලේ
අඳුරු අහසේ තනිකම නම්
නිල් අහසට ඇවිත් යන්න
නුඹේ හීන
තුරුළු කරන්...