Tuesday, October 14, 2014

ජීවන සුවඳින් පාර අසන්නෝ...

                    සුදුසැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. අමරිකාවේ ජීවත් වූ අන්ධ පුද්ගලයන්ට මහමග යාමේදී නොවැටී යාම සඳහා එරට රජය විසින් ආධාරකයක් අවශ්‍ය බව තීරණය කළේ ය. ඒ අනුව එරට සිංහ සමාජය මඟින් අන්ධ පුද්ගලයන් සඳහා සුදුපාට ආලේපිත සැරයටියක් ලබා දුනි. මෙම සැරයටිය රැගෙන මහ මග ගමන් කරන ජනතාව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර ඔවුන්ට ඉන් පෙර වූ කරදර හිරිහැරද ක්‍රමයෙන් අඩු වන බවක් පෙනුණි. මේ හේතුවෙන් නොබෝ දිනක් ගතවන්නට පෙර අමරිකාව පුරාම සිටින අන්ධ ජනතාවගෙන් මෙම සුදු සැරයටියට හොඳ ඉල්ලුමක් ඇති විය.
             ඒ අයුරින් මෙය අන්ධ පුද්ගලයන්ගේ ආරක්‍ෂාව පමණක් නොව ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන් ම ස්වාධීනත්වයටද පිටිවහලක් වන බව වටහා ගත් එවකට එහි සිටි අන්ධ පුද්ගලයන්ගේ සංගමය මෙය සුහද සංකේතයක් ලෙස භාවිතා කරන ලදී.වර්ෂ 1942 දී අමරිකාවේ සිංහ සමාජ හා එක් වූ අන්ධ පුද්ගල සංගමය ප්‍රථම වරට “ සුදු සැරයටි දිනයක්” පැවැත් විය. අනතුරුව මෙයට යුරෝපයද එක් විය. 1950 වන විට යුරෝපයේ සිටි අන්ධ පිරිසෙන් 95% පමණ සුදු සැරයටියක් භාවිතා කිරීමට පෙළඹුණහ. ඔවුහු තමන්ට වෙන් වූ වෙනම දින යොදා “ සුදු සැරයටි දිනයක් පැවැත් වූහ. “මෙහි ප්‍රතිඵලයක් ලෙසට ලෝකයේම අවධානය මොවුන් වෙතට යොමු වීය. එහි බලපෑමක් ලෙස 1969 දී ප්‍රථම ජාත්‍යාන්තර අන්ධ සමුළුව පැවැත්විණි.ඒ ශ්‍රී ලංකාවේ ගෝල්පේස් හෝටලේ දී ය. වර්ෂ 1969 ඔක්තෝම්බර් 01 දා සිට 04 වැනිදා දක්වා පැවැත් වූ මෙම සමුළුවට රටවල් 618 ක් නියෝජනය කරමින් අන්ධ පුද්ගල සංවිධානවල නියෝජිතයෝ 618 ක් සහභාගි වූහ.මෙම සම්මේලනයේදී අන්ධ ජනතාව වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග රැසක් තීරණය වූ අතර සෑම වසරකම ඔක්තෝම්බර් මස 15 වන දා “ සුදු සැරයටි දිනය ලෙස නම් කිරීමද සිදු විය. එසේ ම ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ද බිහි විය. එහෙත් සුදු සැරයටි දිනය ඔක්තෝම්බර් 15 වන දා පැවැත්විය යුතු යැයි ප්‍රථම වරට ප්‍රකාශයට  පත් වූයේ 1964 දී ය. ඒ අමරිකාවේ 36 වන ජනාධිපති වූ ලින්ඩන් බී. ජොන්සන් මහතාගේ නියමයෙනි.

උපුටා ගැනීම :   දැනුම danuma.lk






සුදු සැරයටියක්  අතට ගත්තේ
කකුල් දෙකට වාරුවක් දෙන්න..
ඒ ලබා දෙන වාරුව තුලින්
ජීවිතයට නව අරුතක් ලබා දෙන්න...
අරුත ලබා දෙන්න සිතුවේ
තම ආදරණීයන්ගේ සතුට වෙනුවෙන්,
ඔවුන්ගේ සැපත වෙනුවෙන්,
තමනට ලැබුණු සරදම
ඔවුනට, ඔවුන්ගේ අනාගතයට බාදාවක් කල නොහැකි බැවින්....
වරක සිතින් දුක්වන්නට ඇති,
වරක කඳුළු කැට දෙතොල සිපගන්නට ඇති,
එවිට ලුණු රසක් දැනෙන්නට ඇති,
ඒ ලද ලුණු රසෙන් අනෙකෙකු නොලද්
සැනසීමක් ලබන්නට ඇති...
සැබවින්ම ඔවුන් වාසනාවන්ත වන්න ඇති
සාමාජීය අධම ක්‍රියාවන් ඔවුනට නොපෙනෙන බැවින්..
අපට සාපේක්ෂ රාමුවක සිට බැලූ කල
එය අපට සැනසීමක් වුවත්
ඔවුනට සාපේක්ෂව එහි කටුක අත්දැකීමක් අන්තර්ගත මෙන්ම
සැගවුණු දුකක්, චිත්ත සන්තාපයක් තිබෙන්නට ඇති...
ජීවන මඟ එසේ යන විට
සාමාජයේ ඔවුන් සේම,
ඔවුනට සාපේක්ෂව වෙනස් වූ අත්දැකීම් ලබන
අහිංසක මිනිසුන් හමුවන්නට ඇති,
වෙහෙස වූ ගතෙහි දැවටෙන
දාඩියෙහි පුසුඹ
ඔවුනට සාපේක්ෂව
මානුෂීය බවේ සංකේතවත් ඡායාව,
ඔවුන්ට දැනෙන්නට ඇති..
ඒ සුවඳින් තම සිතින් විමසන්න ඇති,
තමා සේම ඔවුන්ද,
විවිධාකාර වූ සිත් තැවීම් වලින් බැට කන බව..
ඒ විමසීමෙන් සිත සැනසෙන්න ඇති,
තමා සේම ඔවුන්ද පීඩිත වූවන් බැවින්
එහෙත් ඔවුන් නොදකින යම් දෙයක්
සමාජයේ වැලලෙන්නට ඇති,
එය රෝද සතරක් උඩට පමණක් සීමා වූ
සිතල කාමරයක දිවි ගෙවන
තවත් ජීවයක් සිටින බව...
එවන් පිරිසක් එසේ සැගවී ගියේ
ඔවුනට දාඩිය නොදමන බැවිනි..
ඒ අයුරින්,
සුදු සැරයටියක පහස ලබමින්
දාඩිය සුවදින් පාර අසමින්
මානුෂීය සිත් තේරුම් ගත්
අප අතරේ ජීවත් වන ඒ සුන්දර මිනිසුන්
මේ අයුරින් සිහි කලේ
අද ඔක්තෝම්බර් 15
සුදු සැරයටි දිනය නිසා නොවුනත්
අපේ හදවත් ඔවුනගේ මනසින්
වටහා ගනිමින්
අපිත් සමඟ රැදුණු,
ඔවුනට දක්වන උපහාරයක් බැවිනි...

"ඇස් පෙනුනත් සුදු සැරයටියක් අතින් ගත්තා සේ අහිංසක මිනිසුන්ගේ හැගීම් තේරුම් ගන්නා මිනිසුන් සිටින යුගයක, ජීවන සුවඳින් පාර සොයමින් සැබවින්ම සුදු සැරයටියක් අතින් ගත්තෝ ශේෂ්ට වන්නෝය."

Saturday, October 11, 2014

ගොම බිංදුවක නැගිටීම හා කිරි මුට්ටියේ අභාවය...

කළු
සුදු
වශයෙන්
වර්ණ භේදය
හිස ඔසවාගත්
සමයක්,
ඈත
ලඟ
අතීතයන් හි දක්නට ලැබිණ...
සුදු වූවන්ගේ
අධි මානයන්
හිස ඔසවාගත්
ඈත
ලග
අතීතයන් හි,
කළු වූවන්ගේ
මානසික සටහන්
හීනමානයක් කිරීම
එකල සුදු වූවන්ගේ අභිමතය විය....
එවන් වූ සමයක,
කළු වූවන්ගේ නැගිටීම
ප්‍රකාශ කරමින්
ගායකයෝද, ක්‍රීඩකයෝද, දර්ශනවාදියෝද එමෙන්ම පාලකයෝද
කළු ගල් තලාවක
නිල් මැණික් සේ
සුදු වූවන්ගේ අධි මානයන් බිඳලමින් නැගී සිටියේය..
ඒ අතර,
Hiram Revels, W.E.B. Du Bois , Jackie Robinson ,James Meredith ,Martin Luther King, Malcolm X
තවද Barack Obama ද විය...
ඒ මේ අතර 
වෙනත් වූ රාජ්‍යයන් තුල
නම් ගම් අප්‍රසිද්ධ වූ  
ප්‍රාදේශීය 
බලයන්ද සිටිනට ඇත..
එවන් වූ බලයන් 
සමාජය තුල ස්ථාපිත වූ අවදියේ,
කළු 
සුදු 
මත ගැටුම් 
මෙන්ම වර්ණ භේදයද සමාජයෙන් 
සැඟවී පලායන්නට විය...



















කළු
සුදු 
වර්ණ භේදයන් 
සමාජයෙන් සැඟවී 
පලායන විට,
චින්තනයන්ගෙන්ද 
ක්‍රියාවන්ගෙන්ද
කළු 
සුදු
වූවන්
සමාජය තුල
අළු ගසා දමමින් නැගිටින්ට විය..
ඒ අතර 
කළු වූවන්ගේ ප්‍රභල බවේ ප්‍රතිශතය වැඩි විය,
යහපත් ගති පැවතුම් නැමති සුදු කොට්ටාසය
අයහපත් ගති පැවතුම් නමැති කළු වූවන්ගෙන් වැසී ගියේය...
සොරකම් 
මැරකම් 
මිනීමැරුම්
සහිත කළු සමාජය, සමාජය තුල හිස ඔසවන්නට විය
ඒ අතර දේශපාලන අඩත්තේට්ටන් ප්‍රමුක විය..
තම මඩිය තර කර ගැනීමට
පෙර සුදු ලෙස සිටිය උන්ද කළු බවට පෙරලින..
සුදු වූ අහිංසකයා 
කළු වූ තක්කදියන්ගෙන් 
සැම විටම බැට කන්නට විය..
අයහපත් බවේ කළු වූ අසප්පුරුෂ අදමයින්ගේ
නැගිටීමේ ප්‍රබලතාවයෙන් 
සමාජයේ යහපත් බවේ පරිච්ඡේදයට නැවතීමේ තිත සටහන් විය..
වර්ණ භේදය එසේ පැවතුන යුගයකත්
මේ ආකාරයේ කළු සුදු දුභාලතා සමාජයේ තිබුණද
මේ කල් සමයෙහි ඒ දුභාලතාවයන්ගේ ප්‍රභල බව වැඩි වී ඇත..
වර්ණ භේදය එසේ යටපත් වුවත්,
ආකල්පීය වශයෙන් පවතින්නා වූ 
කළු සුදු දුභාලතාවයන්   
සමාජයෙන් සැගවී තුරන් වීමට බොහෝ කලක් ගත වෙනු ඇත...
ඒ කල උදා වන තෙක් 
යහපත් බවේ සුද 
සමාජය තුල වැපිරීම 
අපගේ එකම අධිටන විය යුතුය..


"උපත්තියෙන් කළු සුදු වුවත් සැබෑ කළු සුදු බව සටහන් වනුයේ ඔහු හෝ ඇය තුල ඇති යහපත් මෙන්ම අයහපත් චින්තනයන්ගේ ප්‍රභල බවත්  සමඟින්ය."

Wednesday, October 8, 2014

සැබෑ සේනාවක ආරම්භය...

    
News
            
              හදිසි අනතුරකින් මොළය මිය ගොස් දැඩි සත්කාර ඒකකයේ සිටි දෙමළ ජාතික කාන්තාවකගේ වකුගඩු දෙක වකුගඩු රෝගයෙන් පෙළුණු සිංහල ජාතික දෙදෙනෙකුට මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දී බද්ධ කර ඇත.
             සාර්ථක ලෙස වකුගඩු බද්ධ කිරීමෙන් පසුව ඔවුන් නිරෝගී සුවයෙන් පසු වන බව මහනුවර මහ රෝහලේ වෘක්කවේදී හා වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාමික ප‍්‍රනාන්දු මහතා පැවසීය.සිංහල ජාතික රෝගීන් දෙදෙනාට බද්ධ කිරීම සඳහා වකුගඩු දෙක ලබා ගත්තේ මොණරාගල බැඳියාය ගම්මානයේ පදිංචිව සිටි ගෝවින්දසාමි විග්නේෂ්වරී නමැති තිදරු මවකගෙනි.

උපුටා ගැනීම Lanka C News (August 27, 2014)






















මනුෂ්‍යත්වයේ වචනයේ පරිසමාප්ත අර්ථය සමාජය තුල සටහන් වූ මෙම අවස්ථාව දැනට කල් ඉකුත් වූ පුවතක් වුවත් එම පුවතේ අන්තර්ගතය ශේෂ්ට මානව සමාජය තුල ප්‍රාණවත් මෙන්ම නැවුම් වූ පුවතක් වූ හෙයින් සාර්ථකත්වය සොයා යන ගමනක රැඩිකල් දුෂ්ටි පථයත් සමඟ එක් වන ඔබ සමගින් බෙදා ගැනීමට මා හට සිතුනි.

                විවිධ වූ සේනාවන්, විවිධ වූ රාවයන් සමාජය තුල එක් රැස් වෙමින් තමන්ගේ ධර්මයේ අන්තර්ගතයෙන් බැහැරව එහි දර්ශනයෙන් බැහැරව ගමන් ගනිමින් සමාජයේ ජීවත් වන තවත් ජාතියක් රටකට නොගැලපෙන බව මෙන්ම එම ජාතියේ ආගමික දර්ශනය වැරදි යයි මෙන්ම එම දර්ශනයේ සටහන් වන දෑ වැරදි යයි හංවඩු ගසමින් සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ සිත් වලට විෂ පොවමින් දේශපාලනික අතකොලු වෙමින් දේශපාලනික බළල් අතක් වෙමින් ඔවුන්ගේ සුභ සිද්ධිය පතා කොස් ඇට බලා දෙන ජාතිකානු රාගයෙන් උදම් වී සිටින ඊනියා දේශප්‍රේමීන්ට මෙවන් වූ පුවත් ඇසට කටු අනිනවා සේ වන බව නොසගැවුණු රහසකි. 

            එවන් වූ යුගයක රටක ජාතීන් කීපයක් සිටියද ඔහුන්ගේ අදහස් දැක්වීම එකම වූ රාමුවකට පමණක් කොටු වී ඇති බව  සමාජය තුල විපරම් කර බැලූ කල දක්නට ඇති දෙයකි. අපි කොළඹ, අපි නුවර, අපි රත්නපුර යැයි මුහුණු පොතේ පිටු අතර බෙරිහන් දෙන්නන් අතර අපි කිලිනොච්චි, අපි යාපනේ, අපි මඩකලපු යැයි බෙරිහන්දෙන්නෝ සිටියහොත් දකුණේ සිට බෙරිහන්දෙන්නෝ අතර එය යම්කිසි ප්‍රශ්නයකට තුඩු දෙන සිතුවිල්ලක් මෙන්ම නැවතත් වෙනත් ජාතියක නගිටීමක්දෝ යන සිත පහල වෙනවා නොඅනුමානය. එවන් වූ අයුරින් එකම අදහසකට එකම සිතුවිල්ලකට ජාතීන් සියල්ලන්ම කොටු විය යුතු යැයි සමහරුන් සිතන කලක එම සිතුවිල්ලට එකම හේතුව ලෙස අවස්ථාවාදී පාලකයින්ගේ ක්‍රියා කලාපයන් හැර ඒ අයුරුන් සිතනා සාමාන්‍ය ජනතාව වගකිය යුතු නැතැයි මා හට සිතෙයි.

               ආගමික සහජීවනයේ පහස පෙරදැරි කර ගනිමින් එකම ජාතියක දරුවන් සේ අප සිටිය යුත්තේ සැවොම අපේම ආදරණීයන් වන හෙයිනි. දිනෙන් දින විවිධ මතයන් ගොඩ නැගුනත් අප යම් දිනක අසරණ වූ කල අපිට පිහිටට ඒමට ඒ මතයන්ට නොහැකි වුවත් අපි ආදරය කල අපේම සොහොයුරන් අපිත් සමඟ අත් වැල් බැඳ ගනිනුයේ මනුෂ්‍යත්වයේ සැබෑ අරුත සමාජය තුල පුෂ්පවත් කරවමිනි.

තම ආගමේ දර්ශනයට අනුගත වෙමින් දිවි ගෙවූ කල නැවතත් කළු ජූලියක් හෝ වෙනත් ජූලියකට ආරම්භයක් නොවන බව ඔබද මා ද තේරුම් ගත යුතු කරුණකි. මේ සටහන තබන මා බුද්ධාගමේ වන හෙයින් මා හට මගේ දහම තුල මෙතෙක් දිවිය තුල තවත් අයෙකුව තලා පෙළීමට තවත් අයෙකුට සතුරු කම් කිරීමට උගන්නා නොමැත එසේ හෙයින් සැවොම සමග සමගියෙන් සිටි කල අපේම ජීවිතය මෙන්ම අපේම සමාජය සාර්ථක වෙනවා විනා වෙන යම් වූ අයහපතක් සිදු නොවන වග ඔබ මා තේරුම් ගත යුතුය. එසේ හෙයින් දැනට සමාජය තුල හට ගෙන ඇති ජාති වාදයන්ට අනුගත නොවෙමින් සැවොම සමග සැමටම ගරු කරමින් හොදින් සිටීමට අත්වැලක් දීම මේ බ්ලොග් සටහනෙන් මා බලාපොරොත්තු වන එකම කරුණ වේ.


පෙර සටහන
Destiny and Life: එකම මවකගේ කුසේ ඉපදීම..: මිනිසත්කමේ පරම චින්තනය දෝතින් බදාගත් සමාජයේ දියවී යන ඉටි රූපයකට උපමාවන මිනිසා නැවත නැවතත් මැරී ඉපදෙන්නේ විවිධ පැහැයෙන් යුතු ඉටිපන්...

Monday, October 6, 2014

ඒක මෝඩකම නෙමෙයි; අහිංසකකම..

                           ගමන පුරාවටම ෆෙඩ්රිකා තම සීයා වූ වික්ටර් සුරතිස්සගෙන් බොහෝ කාරනා දැනගත්තාය. බොහෝ තැන් වලදී ඇයගේ ඇස් වල කඳුළු පිරී තිබෙනු වික්ටර් මහතා දුටුවේය. ඇයට වැඩිපුරම සිනා පහල වුයේ තම සීයාගේ පෙර කල නම ඇසීමෙනි. 'බබාහේනයා'. ඇය ඒ නම කියමින් යලි යලිත් සිනාසුනාය.

"I'm so amazed about your story Grand Pa. People worked for others without being paid?"
("මට හරි ම පුදුමයි සීයා කියපු කතාවට. ඉස්සර මිනිස්සු මුදල් ගන්නැතුව තව මිනිසුන්ට වැඩ කරනවා කියපු-එක.")

"That is how it was at that time Fedrica. People just wanted to have something and live by themselves."
("ඒ කාලේ එහෙම තමයි ෆෙඩ්රිකා. මිනිස්සුන්ට ඕන වුනේ මොනවා හරි කාල පාඩුවේ ජීවත් වෙන්න විතරයි.")

"Why were those people such stupid?"
("ඇයි මිනිස්සු ඒ තරම් මෝඩ?")

"Its isn't stupidity. They were innconcent"
("ඒක මෝඩකම නෙමෙයි; අහිංසකකම")

"I don't believe that."
("මං නං විශ්වාස කරන්නේ නෑ")

"But I do."
(" ඒත් මං විශ්වාස කරනවා.")

ඔව් ඔහුට විශ්වාස කිරීමේ හැකියාව තිබිණ එසේ වුයේ ඔහු කුඩා කල සිට හැදී වැඩුණු සමාජයේ සත්‍ය බව ඔහු හොදින් දන්නා බැවිනි..


























ඒ අපුරු වූ සුවඳ පිලිබඳ පුවත මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් පිටු අතර සටහන් කලේ "සෙන්කොට්ටන්" ලෙසිනි. එය මෑත යුගයේ ලියන ලද විශිෂ්ට රචනයක් වග එය කියවන්නා වූ ඔබට වැටහෙන නොසැගවෙන කරුණකි. 2012 රාජ්‍ය සම්මානය ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලද සෙන්කොට්ටන් සිංහල ජන සමාජයේ ඇති බලහීන බව සහ සිංහල ජන සමාජයේ වසන යම් ජන කොටසක අසරණ බව මනාව පෙන්නුම් කරනු ලබයි. බලවතුන්ගේ කිලිටි සෝදමින් එක වේලක් කා අනිත් වෙල කෑමට හූල්ලන, තමන්ගේ නිහඩ මාවතේ ගමන් කරමින් තම අසරණ බවේ අරුත ලොවට පෙන්වන, එසේ පෙන්වමින් සමාජය තුල නිහඩව සගවෙන එක්තරා ජන සමාජයක පුවත සමාජය තුල සටහන් කිරීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ  සෙන්කොට්ටන් සමාර්ථ වෙයි.

                    මානව සමාජයේ නොයෙක් වූ කිලිටි කෙලෙසුන් තම දෑත්වලින් සුදොවන් අයුරින් පවිත්‍ර කරමින් තම බඩවියත නිහඩව රැක ගැනීමට වෙර දරන ජන සමාජයක වසන වීරප්පුලි හේන්යා හෙවත් බබා හින්නියගේ අත්තා වටා ගෙතෙන්නා වූ මේ පුවත තුල සෙන්කොට්ටන්හි කතා නායකයා වීරප්පුලි හේනයාම වීම නොසැගවෙන කාරනාවකි. තමන් කුමන වූ දිවිපෙවෙතක් ගත කලත් තමා උපන් ආගමට දිවිහිමියෙන් කටයුතු කරන පුද්ගලයෙකු වන වීරප්පුලි හේන්යා, අනුරාධපුරයේ අටමස්ථාන වැඳ පුදා ගැනීමට යන අවස්ථාවෙන් අරබමින් ගෙතී යන සෙන්කොට්ටන් ඒ අතර වාරයේ ඔහුගේ ගමනේ මෙන්ම ඔහුගේ ග්‍රාමයේ, ඔහුගේ පවුල ආශ්‍රයෙන් සිදුවන විවිධ වූ හැලහැප්පීම් පිලිබදව රචනයේ අවසානය තෙක් සටහන් වන මෙය ශ්‍රීලාංකීය ජන සමාජයේ එක ජන කොටසක, ඔහුන්ගේ අහිංසක චින්තනයන් පිලිබදව ගෙතෙන්නා වූ අද්විතීය නිර්මාණයකි.

                       පෙර සමාජයේ මෙන්ම වර්තමාන සමාජයේද සිටින්නා වූ එවන් වූ කුහකයින් වර්තමාන සමාජය තුල ඔහුන්ගේ පවතින අවස්ථාවාදී මෝඩ ගති සිරිත් වපුරමින් පවතින්නා වූ යුගයක ජීවත් වන වීරප්පුලි හේනයා වන් වූ අහිංසක නිහඩ පුද්ගයලන්ගේ චරිතයේ පවතින පිවිතුරු බව පසක් කරගැනීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් රචිත සෙන්කොට්ටන් ඔබට තෙවැනි ඇසක් වනු ඇත. එලෙසම ඒ අපූරු බවේ සුවද ඔබටද දැනෙනු ඇත.
                                                                     
                                       එවන් වූ අහිංසක ජන කොටසක් වෙනුවෙන් තබන්නා වූ මෙම බ්ලොග් සටහන ඔවුනට මා විසින් ලබා දෙන උත්තමාචාරයකි. එය මා එසේ ලබා දෙනුයේ ඔබ සේම මා ද එකම සමාජයක වසන එමෙන්ම එක බඩවැල කඩාගෙන නාවත් ලේ වල වර්ණය රතු පැහැ වන, එසේම අප එකම කුසක උපන් සහෝදරයන් වන හෙයිනි.

Sunday, October 5, 2014

කඩිකුලප්පුවක මහිම...

සාර්ථකත්වයේ මුදුන්මල්කඩ
සොයා යන ගමනේ
සමාජීය වශයෙන්
ලබන විවිධ වූ හැලහැප්පීම් සමගින්,
තෙහෙට්ටු වී ලත වෙන
අපේ මනසට පවන් සැලීමට විනා
පීඩිත මනසේ හැගීම් දැනීම් තේරුම් ගැනීමට
උත්සුක නොවෙන ජන සමාජයේ වසන මිනිසුන්
සුරුට්ටු පත්තු කිරීමට වෙර දරනුයේ
ගහෙන් වැටුණු මිනිසාට ගොනා අන්නා සේ
පීඩිතව දිවි ගෙවන අපගේ,
රැවුල ගිනි අරගෙන සිටින මොහොතකය...
වෘර්තියක පහස ලැබීමට
හන්දියක් හන්දියක්
පාරක් පාරක් තුල
වෙහෙස වෙන තවකෙකු සිටින කල
අන්තර්ජාලයෙන් තවකෙකු
බල සිටිනුයේ
තම ජීව දත්තයට ඇරයුමක් ලැබෙන තුරුය...
වෘර්තියේ පහස එතරම් වැදගත් බව ඔවුනට දැනෙනුයේ,
තම අනාගතය පිළිබද දුටු සිහින
ඉටු කර දීමට දෙමාපියනට නොහැකි බව
වැටහී ගිය නිසා විනා,
තවකෙකු සේ ගෙදර බත් බුදිමින්
තම ඕනෑ එපාකම් ඉටු කර දෙන්නයි
හිරු සදුට වද දීමට හැකි නිසා නොවනි..
එසේ වුවත්,
තම ජය මාවත
කෙසේ හෝ සොයා ගැනීම
අධිටන කරගත්තා හට
එය ලගා කර ගැනීමට
මෙතරම් කඩිකුලප්පුවක් සැදී තිබෙනුයේ
ඔරලෝසුවේ කටුව
ඉවක් බවකින් තොරව
සට සට ගා කරකැවෙන බැවිනි...





















දත කා දැගලුවත්
කාලයේ නැවතුම 
එකම ෆැන්ටසියක් බව දත් 
ඔබ හා මා,
මේ ජීවිතය සමග පොරබඳිනුයේ
සාර්ථකත්වයේ නිම්වළලු 
තමන්ගේ සිතටත් 
තම දෙමාපියනටත් 
උදා කරදීමේ එකම මෙන්ම
පරම වූ පැතුමත් හදේ තබාගෙනය..
එවන් වූ චින්තනයක 
උරුමකරුවෝ වන අපිට 
වීඩා නිවීමට අවස්ථාවක් නොමැත,
එහෙයින් ගතේ හා සිතේ 
පවතින උපරිම වූ ශක්තියෙන් 
ජීවය සතුව පවතින ඉලක්කය 
අපේම කර ගැනීමට 
නොපැකිලිව කැප වෙමු..
එකල්හි, කෙදිනක හෝ
සිතග පතනා සාර්ථකත්වය
අපේම වනු ඇත...
එදිනට ඔරලෝසුවේ කටුද 
එක තැන ලතවෙනවා සේ දැනෙනු ඇත...