Wednesday, February 24, 2016

ලඳකගේ වෙන්වීම...

















සිංහ මුව දොර
මුර මඬල රැක
සිටින ගොම්මන අඳුරු යාමෙහි
සරා පුර සඳ පෑයු සේ ඔබේ
මුවඟ සිරි එළි වැටී දිලුනෙහි...

පෑයු සඳ සිරි
සිංහ ලෙන් මත
දිදුල එළියෙන් දිව්‍ය ලෝ තල
ඔබේ රෂ්මිය වැදී මත් වී
රජුන් සැල විය ඔබ ලබන්නට...

දුහුල් සළු පිළි
රත්න මුතු වැල්
ගතෙහි පළඳා සරසවා සිරි
කැඳව අස් රිය පෙරහැරින් ඔබ
රැගෙන එන සැටි මා දසුන් විය...

මතින් රජ සැප
සිරිය දුටු ඔබේ
මුවෙහි දුක් බර සිතක් නොවුනෙනි
සිංහ මුව දොර දෙපස සිටි මා
දෙස නොදුටු සේ නෙත් පැහැරවුනි...

පොකුණු දිය මත
නෙළුම් මල් ගෙන
කරඬු සඟවා දුහුල් පටයෙන්
රජුන් පුදනට මල් නෙළන්නට
ඔබත් යනයුරු සිතින් දුටුවෙමි...

ඉහල තලයේ
සිංහ කුළු මත
ඔබේ සිතුවම් අඳී දිනයක
එවිට මා දුටු ඔබේ වත මල්
දකී අන් නෙත් සෑම වරකම...

රාජ උණුසුම
මතින් රත් සැප
විඳින ඔබේ සිත් මවයි මා සැප
කුසෙහි සිටිනා මා බිළිඳු සඳ
දිනක රජ සැප විඳි නිසකව....

නෙළුමක් යට හිඳ...























අහස් කුස සිඹ
ඒ දරිද්‍ර වූ පුසුඹ,
තුඩඟ තැවරුණු
ඒ කාෂ්ටක දුක්ඛිතය,
අහස් කුළු මත හිඳ සුසුම් හෙලයි
සමාජ පන්ති අරගලය දැක...


එක් පසක රත්න පිරි
සුන්දරත්වයේ සිහින මත පා වෙන
නෙළුම් පිපි උයන්ද,
තවත් පසක කාල වර්ණී
කටුක වූද සිහින දැක එමත පා වෙන
මඩ ගොහොරු පිරි දුක්ඛිතයකි...

ශිශ්ණ තුඩඟ රැඳි
රත්ත ලේ පැහැය
ලේ නොව දාඩිය දුක් කඳුළු බව
නොදැක නොදැක්කා සේ මිහි මත වසන
ඒ අපූරු ජන සංක්‍රමණය
ඇඟිලි ගැන හිඳි , අවසානයක් දැක හිනහෙන්නට...

කොළොම්තොට දුක්ඛිතයේ
යෝනි මත ගැටී නැති වී ගිය ඒ කන්‍යා බව
ඒ පුරුෂ ලිඟුව නොදනි
තමන් සැබවින්ම නෙළුමක්ද නැත්ද යන වග...

මඩ ගොහොරු මතින් සිට
අහස් කුස සිඹි
ඒ කොන්ක්‍රීට් සිහින නෙළුමෙහි අයිතිය
සිහින මත පාවෙන අයට පමණක් විනා
මඩ තැවරුනු දුක්ඛිතයට අයිති නොමැති බව
නොදැන හිනහෙයි වළා පට මතින් නැඟ....

Wednesday, February 3, 2016

මතකයේ හෝරාව... (යාල්පානමේ තවත් එක් සිතක්)
















 උණ්ඩ මත නිඳි වැරු
අඳුරු ආකාශය ගොරහැඬිය
ඉරි තැලී ගිය මඟ ලකුණු
නිදි වර්ජිතව හදෙහි කිමිදෙයි...

වතු සුදු මල්ද කටු කම්බි දෙවැටද
රතු රෝස මල් වැටී
සයනයේ පොර බැඳුනු
අතීතයේ සුවඳ හද පිරී රිදුම්දෙයි...

මහමෙරක් වූ සිතුවමක් තුල
අතරමන් කර පලා යන
සල්ලාල ඒ ප්‍රේමයේ ගිනිඳළු
හද කම්පිතව කඳුළු වගුරන සැන්දෑවකි...

ලයෙහි තුරුළුව ඔබෙන් ලත් ප්‍රේමය
ක්ෂීර පුඬු මත සිනා රැළි මවන
නොමේරූ ඒ ඔබේ වන් දෙතොල්
අතීතයේ සිතුවම් දෑසෙහි මවයි...

ඔබේ වන් වූ දෑස් මා හා කැටිව
පෙරමන් බලා හිද සුසුම් මල් සිඹින
ගොම්මනේ මඟ බලා තනි වූ
ඒ දෑස් මා ලයෙහි හොවා සිහිනයේ සැතපෙයි...

තුවක්කුව පසෙකලා නැවත එන්නට
ජය අමෝරාගත් ඒ ලයෙහි බැඳි පොරොන්දම්
සිවප්පාකම් සයංකාල්මේ සුළඟට විසිකර
සුසුම් මත තබමි ඔබේම ජීවයක් ඔබ වන් නොවන්නට...


ඡායාරූපය :  නයනහාරි අබේනායකගේ  "මල් තුහින නොවේ මේ යාපනේ"