Sunday, August 24, 2014

කෘතිම මුහුණ..

ලස්සනයි දකින්නට
අමාරුයි හදන්නට
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
නොසිතන්න ඇති,
යම් කෙනෙක් මේ තුල සැගවෙයි කියලා
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
සිතන්න ඇති,
යම් කෙනෙක් සමාජයට නව අරුතක් දෙයි කියලා
අතේ කර ගැට එක දෙක නැගෙන්න ඇති
දහඩිය බින්දු එක දෙක වැටෙන්න ඇති
මහන්සිය දැනෙන විට
මනසින් දකින්න ඇති
බිරිද සහ දරුවන්
සහ ඔවුන්ගේ පැතුමන්..
දෙවියන් දුන්න දායාදය
එක සිතින් රැක ගන්න
වෙර දැරුවේ
තම බඩ වියත රැක ගන්න
ලද එකම පිරිසරණ මෙය නිසයි
ඉල්ලුමට සැපයුමක් තිබුනත්
වෙහෙසට අසාධාරණයක් වුවත්
ඒ අසාධාරණය ඉවසුවේ
වෙහෙසට ලැබෙන පිච්චිය වත්
නොලැබෙයි කියන බයට විනා
අන් දෙයක් නිසා නෙමෙයි...
















ඒ මේ අතරේ තවත් අය,
සිත ඇතුලේ
ගොඩක් දේවල්
කරන්න තියෙන
ගොඩක් දේවල්
සිත ඇතුලෙම තියාගෙන
මුණට මුණක් දැම්මේ
සමාජයට සැබෑවටම
මුණ දෙන්න බැරි නිසයි
සමාජය හොදයි කියලා හංවඩු ගහනවා එහෙම නොවෙයි මේ,
සමාජයත් නරකයි
සමාජයේ ඉන්න අයත් නරකයි
හැම පත්තකම කළු සුදු තියෙනවා නොවැයි
කළු සගවලා සුදු පේන්න
මුණට මුණක් දැම්මට
මතක තියා ගන්න ඕන
නටන්න වෙන්නේ එළිපිට කියලා...







Monday, August 18, 2014

සිත්තරාගේ සිහිනය..

වරෙක ඔහු පැළ කල
නිල් පැහැති නිල් රුවෙති
අනාගත සිහිනය,
අනාගත ජීවය
සාර්ථක වනු පිණිස
පස් බුරුල් කර
වල් පැළ ද නෙලා
දිය යොදා සෑදුවේ
සිත්තෙරෙකු බලාපොරොත්තු වන
අවසාන සිහිනය,
අවසාන පැතුම
තමාටත් උරුම කර ගැනීම විනා
අන් කවරක්ද??















තම දණහිසෙන් නොසිට,තම කකුල් දෙකෙන් නැගී සිටීමට වෙර දරු කඳපොළ ප්‍රෙදේශයේ තම ජීවන වියමන ලෙස වඩේ වෙළදාම කරමින් සිටි පුද්ගලයෙකුට සිදු උ විපතක් පිළිබදව පසු ගිය දවසක වාර්තා විය. සැබවින්ම කිවහොත් එය තමන් විසින්ම තමාට කරගත් විපතක් විනා අන් අයෙකු විසින් කල දෙයකුත් නොවේ නමුත් ඒ විපත ඔහු කර ලගා කරවීමට අද සමාජයේ වගකිය යුතු පුද්ගලයින්ගේ ගති පැවතුම් වල සහ ඔවුන් තුල ඇති ආත්මාර්ථකාමී පිළිවෙත් ඒ සදහා දායක වුවදෝ යන සැකය මා සිත තුල ගොඩ නැගේ. විවිධ පුද්ගලයින් විවිධ මත පළ කරයි.. යම් අයෙක් ඔහු මෝඩයෙක් යැයි අදහස් දක්වයි, තවත් අයෙක් ඔහු දරු සෙනෙහෙ නොදන්නා අත්මර්තකමියෙකු ලෙස හංවඩු ගසයි කෙසේ වෙතත් මොහුගේ සිත හදුනා නොගත් විචාරකයෝ කෙසේ දැක වුවත් සැබවින්ම මොහු තම දෛවය සමග සටන් කල සෙනවියෙකු ලෙස ඔහුගේ චරිතය දෙස තවත් කෝණයකින් බැලු මා හට පෙනේ.

ඒ පුවත ගත් කල මෙසේය,
බිරියගේ කුසේ දරු දෙදෙනකු බව දැන ගත් සැමියා වස බී නසී
උපුටා ගැනීම: මව්බිම පුවත්පත

මෙයින් කියා පාන්නේ සමාජයේ මිනිසුන් තුල ඇති සැබෑ අසරණ බව විනා ඔහු තුල ඇති මෝඩකම වත්, ඔහු තුල ඇති මන්ද මානසික අසහනයවත් නොවේ එය තේරුම් ගත් විවිධ මතධාරීන් කෙසේ කිවත් එය එසේ නොවේ. ණය බරින් තැලී පොඩිවී ගිය මොහු හට රුපියල් 40,000 ක මුදල නොමැති වුයේ, ණය මුදල ගෙවා සතුටින් ජීවත් වීමට විනා කැසිනෝ ශාලාවකට ගොස් කැසිනෝ ගසන්නට වත් විස්කි බෝතලයක් මේසයක් උද තබාගෙන බදුනකට දමා බිදුවෙන් බිදුව තම මුවෙහි තබා ගැනීමට වත් එසේත් නැති නම් Bangkok වලට ගොස් Dinner එක අරගෙන ආපසු ඒමට වත් නොවන හෙයිනි.

මොහු මෝඩයෙකු යැයි හංවඩු ගසන පුද්ගලයින් සමහර විට දවසටම තම පෞද්ගලික ආශාවන් තකා රුපියල් 40,000 ක් වියදම් කරනවා වීමට පුළුවන සමහර විට පැයකට එම මුදල වියදම් කරනවා වීමට පුළුවන, එසේ කරන්නා වූ පුද්ගලින් කෙසේ අන් අයගේ දුක හදුනනවාද?? යන සැකය මතු වේ. එසේ කරන පුද්ගලයින්ගෙන් ඉල්ලන්නේ එකම දෙයි ඒ අනුන්ගේ දුක හදුනා ගැනීමට නොහැකි නම් තම වක්කඩක් වන් වූ මුඛය වත් වසාගෙන සිටිනු ලෙසට දක්වන ඉල්ලීමයි.
මෙවන් වූ අසරනකම් මැඩලීමට උසින් උසට අහසට ගෑවෙන තරම් ගොඩනැගිලි සැදුවට පලක් නැත, හරි කෙලින් දිවෙන මන් මාවත් සැදුවට පලක් නොමැත නිකරුනේ ලෝකයට පෙනෙන්නට ලොකු ලොකු උත්සව පැවැත් වුවාට පලක් නොමැත.. කල යුත්තේ ප්‍රථමයෙන්ම මිනිසුන්ගේ අසරණ සිත් වල පොර බදන අහිංසක පැතුමන් අහිංසක බලාපොරොත්තු තේරුම් ගැනීමය..

"තමන්ගේ පොදිය තර කර ගැනීමට හතිලමින් දගලන මිනිසුනේ අන් ය ගැනත් සිතන්න, ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබදව ක්‍රියාවට හේතුව නොදැන විවේචන ඉදිරිපත් කිරීමෙන් වලකින්න මිනිසත්කමට අත්වැලක් වන්න, සෑම දෙයක්ම දෛවයට බාර නොදෙන්න එසේ වූ කල මෙවන් වූ සමාජීය අසර්තකත්වයන් ලොවින් තුරන් වනු ඇත"





Wednesday, August 13, 2014

තීරණය ලැබෙන තුරු...

විඩාබර දිවියට
අස්වැසිල්ලක් වෙමින්
ලැබුණු සිහින් පොද වැස්ස
ඉරි තැලි ගිය බලාපොරොත්තු
නැවත අස්වදීමට්
අත් වැලක් වූ විට
සිතට දැනෙන
සතුට, සැනසුම
ඒ පහස ලද්දා විනා,
අන් කෙනෙකු හට වැටහේද?
සැබවින්ම එය
මහත් සැනසීමකි.
අනාගතයේ පිපෙනු දුටු මල්
යම් දිනක වර්තමානයේම පර වුණා,
ඒ පර වීමේ සන්තාපය
වර්තමානයේ දීම
මොහොතකට නැති වී ගියා
නමුත් මොහොතකට පමණයි..
එසේ වුයේ,
තවත් දුෂ්ටියක්
අනාගතය උදෙසා
ඉතුරු කරමිනි.
ඒ දුෂ්ටියද
ඉටුවෙන තුරු
සියලු පැතුමන් අත්හල සිතින් යුතුව
පෙර පරදීම
බලා සිටිමි.


















දෛවය නමැති ජූරියෙ තීරණය ලැබෙන තුරු බලා සිටිනුයේ විසිරි ගියා වූ බලාපොරොත්තු වල පහස තවමත් හදවතේ තබා ගනිමිනි.එමෙන්ම, අතීතයේ සිදු වූ ඒ විසිරියම වර්තමානයේ ලද කුඩා සන්තුෂ්ටියෙන් සැනසි සිටීමට බාදාවක් වී ඇත.

Sunday, August 10, 2014

මනුෂ්‍යත්වය..

මනුෂ්‍යත්වයේ අරුත කෙසේදැයි යන්න විදහා දක්වන රූප රාමුවක්  YouTube ඔස්සේ දැක ගැනීමට හැකි වුනා. එය වෙළද ප්‍රචාරක දැන්වීමක් වුවත් එය තුල සැබෑ වූ අරුතක් දක්නට ලැබුණා.




මෙයයි විය යුතු, නමුදු මෙය අද සමාජය තුල මෙසේම සිදුවේද?? එය ඇසිය යුත්තේ ඔබගේම මනසින්. මිනිසෙකු තුල පවතින කාලීන චිත්ත පීඩාවක් වෙනුවෙන් එයට පිහිට වෙනු පිණිස ඉදිරිපත් විය යුත්තේ මිනිසෙකුම විසිනි. මනුෂ්‍යත්වය වෙනුවෙන් තවත් මිනිසෙක් ඉදිරිපත් නොවන අද සමාජය තුල තිරිසන් සතෙකුට මිනිසෙකු පමණින් සිතීමේ ශක්තිය තිබුණි නම් ඔහු අන් අයට උපකාර කරනුයේ මිනිසත් කම යන වචනයේ පරිසමාප්ත අර්ථයටත් අභියෝග කරමින් යන වග, අද  සමාජය තුල ජීවත් වන මා හට පසක් වූ දෙයකි.
මිනිසෙකු හට වැදගත් වනුයේ තවත් අයෙකුගේ සිනහව, සතුට සහ ඔහුගේ දියුණුව විනා තවත් අයෙකු තුල පවතින සමාජ තත්වයන්, ඔහු තුල පවතින දුර්වලකම්, මුදල් හෝ බාහිර ස්වරුපය නොවන බව  අප විසින් තේරුම් ගත යුත්තේ අපිත් මෙලොව තුල නැවත නැවතත් මැරී ඉපදෙන අප හටත් තව කෙනෙකුගේ උපකාරයක් කෙදිනක හෝ අවශ්‍ය වන පිරිසක් බැවිනි. එය තේරුම් නොගත් අද සමාජය තුල ජීවත් වන, ජීවයක් නැති ආත්මයන් සේ සැරිසරන බහුතරයක් පුද්ගලින් තවත් අයෙකුට උදව් කිරීම පසෙක තිබු කල තවත් අයෙකුගේ දුකකදී ලගින් සිටිමින් ඔහුගේ හෝ අයගේ සිත ශක්තිමත් වනු පිණිස වචනයක් හෝ තම මුවින් පරිත්‍යාග කිරීමට සමත් නොවීම දුක්ඛ දායක තත්වයක් වන්නේය.

 "යමෙකුගේ සතුට ඉදිරියේ ඔහු වට රොක්වන්නා සේම ඔහුගේ දුක ඉදිරියේද ඔබ රොක් විය යුත්තේ,  ඔබ මිනිසත් කමේ අරුත දන ගත් මහත්මා පුද්ගලයෙක් වන බැවිනි." 

Thursday, August 7, 2014

වතුර නැතුව කෙසේ රජ වන්නද??


බර්ටි.බී.කුඩාහෙට්ටියන්ගේ, සැපෙනි සැපවේවා සහ සිරිමලුගේ නගා නලනීය යන කෘතිය කියවීමේදී දක්නට ලැබුණු දැනට සමාජය තුල දක්නට ලැබෙන ආත්මීය සාධකයක් නෙත ගැටුණි. රචකයාගේ නිර්මාණාත්මක මනසින් දුටු දැනට සමාජය තුල දක්නට ඇති එක් සමාජ කොට්ටාසයක් පමණක් අත්විදින මෙහි දැක්වෙන සිතුවිලි හැගීම් කුඩාහෙට්ටියන් මැනවින් දක්වා ඇත්තේ මගේ මනස තුලද
මෙම කෘතිය කියවන්න වූ ඔබගේ මනස තුලද මේ කියන්නා වූ දෙය සත්‍ය යැයි විනා අන් කවරක්ද???


























මෙම කෘතිය ඇසුරින් උපුටා ගත මෙම පද වැල වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්ට නොපෙනෙන කරුණක් විදහා දක්වයි.

කවියා:
සරු පස පෙරළමින්
කදුලකින් වතුර බැද
පුර දහතුන් වසක්
නුඹ කුඹුරු කෙටුවෙහිය

පුරා දහතුන් වසම
කටු මැටි ගෙපැල පමණකි
කෝ පොලව කොටමින්
ගොඩනැගු අටුකොටු
රැයක ගෙට සොරෙකු පැන
සොරාගෙන යන ලද වස්තුව

පුරා දහතුන් වසක්
කුඹුරු කෙටුවා මදි ද
ඇගේ මඩ සෝදාගෙන
රජකම් කලොත් නරකද?

ගොවියා:
දිනපතා ගොවිබිමට
බැංකුකරුවන් වැදි
ලොරි අයිතිකරුවන්ද
අතරමැදියන් වැදි
මංකොල්ලකන නිසා
කටු මැටි ගෙපැල පමණකි

තෙමා ගන්නට කුඹුර
මහා ඇලේ වතුර නැත
මඩ සෝදාගත නොහැක
ඔටුනු පළදින්නට

සමාජයට මන වූ මෙහෙවරක් කරන්නාවූ එක් කොට්ටාසයක් වට ගෙතුනු මෙය ඒ සමාජය තුල සත්‍ය වූ දැක්මක් පෙන්නුම් කරනු ලබයි.අලුත් ඉරක් පොරොන්දු වෙමින් ආණ්ඩු ආවත් මේ ජන කොට්ටාසයේ මේ ඉරණම දුටුවෙහිද? ඒ ඉර කෙසේ වෙතත් ඒ ඉර බස ගිය පසු තවත් දිනක් උදා වුණා, අයෙත් ආණ්ඩුවක් ආවා මේ ඉරණම දුටුවෙහිද? සමහර විට දකින්නට ඇති එත් නොදැක්කා වගේ සිටින්නට ඇත.
                         මේ කෘතිය තුලින්ම තවත් කරුණක් දුටුවා "මිනිස්කම නැතුව මිනිස්සු වෙන්න බෑ" එය සැබෑම වූ කරුණකි අප සෑම කෙනෙක් ගැනම සොයා බැලිය යුතුය, අප අපගේ මල්ල පුරවා ගත්තත් ඒ මල්ල කරපින්නා ගෙන අපි යන දිනයට ගෙන නොයන්නා බැවිනි.

Wednesday, August 6, 2014

ලොවීනා තුලින් සමාජය විනිවිද දැකීම

මෙය මොහාන් ලාල් මඩවලයන්ගේ තෙවන ඇස විසින් දුටු ශ්‍රී ලාංකීය සමාජයේ විශිෂ්ට විනිවිද දැකීමකි. එමෙන්ම මෙම කෘතිය ශ්‍රී ලාංකීය සමාජය අතීත වශයෙන් මෙන්ම වර්තමාන වශයෙන් සිහියෙන් යුතුව විමසා බැලීමට මොහාන් ලාල් මඩවලයන් විසින් ශ්‍රී ලාංකීය සමාජයට පිරිනැමූ විශිෂ්ට නිර්මාණයකි.




කතෘගේ පෙර වදන තුලින් මෙම කෘතිය පෙන්නුම කරන පරිදි,

මෙය,
තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය පිලිබදවවත්,
දස්කොන් මහාදිකාරම් සහ ප්‍රමිලා බිසුන් පිළිබදවවත් 
හෝ ඔවුන්ගේ ආදර කතන්දර පිළිබදවවත් 
සමජයට් පෙන්නුම් කීරීම පිණිස දැරූ උත්සහයක් වත් නොවන අතර 
තමාගේ ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් පිරිනැමූ, 
උපතින් ඊනියා බොදුගොවී තරුණියක් මෙන්ම 
මරණය වන විට, වර්තමාන සමාජයේ මෙන්ම අතීත සමාජයේ 
මනුෂ්‍යත්වය නම් වූ වදන තමන්ගේ අගේ හංවඩු ගසා ගත්
ශ්‍රී ලාංකීය පුද්ගයලන්ගේ පිළිකුලට ලක් වූ 
ඊනියා රොඩී කුලයේ තරුණියක වටා ගෙතුනු සමාජීය දැක්මකි.

මෙහි දැක්වෙන උපතින් ඊනියා බොදුගොවී තරුණියක මෙන්ම මරණය වන විට ඊනියා රොඩී කුලයේ තරුණියකවූ මැය නමින් පුන්නා නොහොත් පුන්නී නම් වන්නීය.
එක දාස් හත්සිය ගණන් වල පෘතුගීසින් ගෙන් පසු පාලනය අතට ගත් ලන්දේසි සමයේ මෙරට බෞද්ධ සමාජයේ උපන් මැය "පුන්නා" යන නමින් එකල සමාජයට අයගේ මව් පියන් විසින් හදුන්වා දෙන ලදී. තම දරුවන් පිළිබද දෙමවුපියන්ගේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ ඔඋන් හොදින් අධ්‍යාපනය හදාරා අනාගත සමාජය තුල ඉහල තැනක ජීවත්වනු දැකීමයි මේ පැතූමම පුන්නගේ දෙමුපියන්ගේ සිත් වලද තිබු බව තේරුම් ගැනීමට මෙම කෘතිය පරිශීලනය කල ඔබට වැටහෙන බව අමුතුවෙන් උපුටා කිව යුත්තක් නොවුවත් මෙය මෙසේ ප්‍රකාශ කලේ දැනට මෙය කියව නැති ඔබ සදහම පමණක් මිස පරිශීලනය කල ඔබ පිණිස නොවේ. ඒ අයුරුන් පැතූ අයගේ දෙමුපියන් ඇයව ගමේ පන්සල කරා යවන්නේ අධ්‍යාපනය හදාරිමටය
එසේ අධ්‍යාපනය හැදෑරූ ඇය අයගේ තරුණ කල වන විට කාටත් දැකිඉමට සතුටු රූපසම්පත්තියක් ඇය සතු වන්නිය. එසේ වූ  රූපසම්පත්තියම අයගේ ජීවිතයට කන කොකා හඩලයි යැයි ඇය කවදාවකවත්ම සිතන්නට නැත නමුත් එය එසේ නොවන්නේ අයගේ තිබු අවාසනාවක් නිසා නොව එකල රාජ්‍ය පාලනය කල ශ්‍රී පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් ගේ මන්ද මානසිකත්වය නිසා යන වග මට සිතේ එසේ වන්නේ යම් මොහොතක ඇයව ඔහුගේ අසහනය මකා ගැනීම පිණිස භාවිත කල අන්තප්පුරයට ඇයව කැදවාගෙන යාමත් සමගය. අන්තප්පුරයේ සිටින වකවානුවේදී මැයව නරෙන්ද්‍රසින්හයන්ගේ අසහනකාරී බලපෑම් වලට ලක් වන අතර එමෙන්ම මැයට ප්‍රමිලා බිසුන්ද හමු වන්නේ ප්‍රමිලා බිසුන් නරෙන්ද්‍රසින්හයන්ට හොරෙන් දස්කොන් මහාධිකරම්ට පෙම් බදින අවදියේය. ඒ කාලයේදීම පුන්නා හට දස්කොන් මහාධිකරම මුණ අගේන අතර එහෙදි ඇයට සිහියට පැමිණෙන්නේ දස්කොන් අයගේ කුඩා කල මිතුර බවයි.ඒ අතර තුර ඔහුට පෙම් බදින අයුරු කතෘගේ බුද්ධියෙන් දුටු පරිදි Magical එකක් ලෙස පෙන්නුම් කර ඇත්තේ මන වූ අගනා අයුරිනි. මෙසේ ගෙතෙන කතාවේ සමාජීය වශයෙන් සිංහල රාජ්‍යත්වයේ මෙන්ම සිංහල ජන සමාජයේ බුද්ධියේ අඩු බව නැතහොත් සිංහල සමාජයේ කෘරුරත්වය පෙන්නුම් කරන්නේ පුන්නා නම් නරෙන්ද්‍රසින්හයන්ගේ අන්තප්පුරයේ සිටි තරුණිය අයගෙන් සිදු වූ වැරදීමක් නිසාවෙන් අයගේ නම පුන්නී ලෙස වෙනස් කරමින් ඇයව එකල මෙන්ම වර්තමාන සමාජයේද අඩු ලෙස සලකන ඊනියා රොඩී කුලයට පිටුවහල් කිරීමත් සමගය. එය එසේ සිදුවන්නේ සැබවින්ම කිවහොත් අයගේ වරදකින් නොවන වග මෙම කෘතිය පරිශීලනය කරන ඔබට වැටහෙනු ඇත.

රොඩී කුලයට පිටිවහල් කිරීමත් සමග ආරම්භ වන මෙහි කතා පුවත ශ්‍රී ලංකේය සමාජයේ අඩු වැඩි බව හා කුල මල බේදය පෙන්නුම් කරන්නේ සිංහල සමාජයේ දුර්වල බව විදහා දක්වමිනි. සැබවින්ම කිවහොත් මේ කරුණ අතීත සමාජයේ පමණක් නොව වර්තමාන සමාජයේද දක්නට ඇති අප්‍රිය ජනක කරුණක් වනුයේ මෙපමණ දියුණු සමාජයක වුවත් කුල භේදය දක්නට තිබීම මෙවන් දියුණු වූ සමාජයකට දක්වන නිගාවක් ලෙසිනි. සමාජය තුල ජීවත් වන ඊනියා කුලවත් මිනිසුන්ට් නොතේරෙන කරුණ වනුයේ මනුෂ්‍යයා හෙවත් "මහා උසස් වූ" යන අරුත පෙන්වන එම කුඩා වචනය තේරුම් ගැනීමට නොහැකි වීමයි.

මෙම කෘතියේ අවසානය තෙක් ගමන් කරන විට මෙම කෘතියට නම් දැමු "ලොවීනා" යන රොඩී තරුණිය හෙවත් "පුන්නා" ගේ පරම්පරාවේ සිට පැමිණෙන පුන්න්නාට ලගම නෑකම් කියන එනම පුන්නා ගේ මිනිබිරිය වන ලොවීන නම් මැය මුණගැසෙන අතර ඇය සමග පෙම් බදින මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා හමුවන්නේ සිංහල සමාජයේ කුල බෙදය නොදුටු ශේෂ්ට පාලකයෙක් ලෙසිනි.

තම ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් පුජා කල පුන්නී නම් වූ මැය සිංහල සමාජය විසින් පහත් යැයි සලකනු ලැබූ රොඩී කුලයේ සිටියත් සිංහල සමාජයේම ඊනියා කුලවත් මිනිසුන්ට වඩා ශේෂ්ඨ වූ ගති පැවතුම් වලින් හෙබි කුලවත් මිනිසුන්ට පවා තම ආදර්ශයට ගත හැකි තරුණියක වන්නේය. කුලවත් මිනිසුන්ටවත් නොමැති චිත්ත ශක්තියක් මෙන්ම තම වර්ගයාගේ දියුණුව පිණිස යෙදවිය හැකි අපුර්වතම වූ සන්තුට්ටික ශක්තියක් ඇය තුල හෙබි වන්නේය. කෙසේ වෙතත් පුන්නි නම් චරිතය මනක්කල්පිත වුවත් අපගේ සිත් තුලට ගත හැක්කේ සමාජය තුල මිනිසුන්ගේ පවතින අප්‍රිය ජනක වූ ගතිපැවතුම් විනා අන් කවරක්ද යන වග ඔබ විසින් තේරුම් ගත යුතුය.

මෙය, මෙම කෘතිය ඔබට හදුන්වා දීමට මා ගත් වැයමක් නොව ශ්‍රී ලාංකීය සමාජයේ සමහරක් ජන කොට්ඨාසයකට සිදුවන මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් සිදුවන අසාධාරණය සමාජයට පෙන්නුම් කිරීමට ගත් පිම්මක් බව මෙම බ්ලොග් සටහන කියවන ඔබ විසින් තේරුම් ගත යුතු බව මෙයින් පෙන්නුම් කරනු ලබයි.




පිවිසුම..

මාගේ පළමු සටහන ලිවීම මෙතැන් සිට මා ආරම්භ කරමි.

ජීවිතයේ සාර්ථකත්වය සොයා යන ගමනක
ජීවිතයේ කටුක බවේ පහස ලබමින්
හති වැටුණු ජීවිතයට්
දිය පොදක් වන්නට
එසේම මා හට හැකි අයුරින් අත්වැලක් වන්නට
මගේ මෙම ප්‍රථම Blog සටහනත් සමගින්
මා Blog ලොවට පිවිසෙන්නෙමි.

















මෙය මනුෂ්‍යත්වය යන වචනයේ පරිසමාර්ථ අර්ථය සමාජය තුල සටහන් කිරීමේ මගේ ප්‍රථම සටහනයි.