Saturday, December 27, 2014

නිදහස් පරමාධිපත්‍යට පෙර..

මඩ ගොහුරක සටන් වදින,
ඊනියා දේශපාලන
හෙන්චයියන්
තමන්ගේ අවස්ථාවාදී මඩිය තර කර ගනීමට
උත්සහ නගන යුගයක,
අහිංසක මිනිසුන්ගේ ශේෂ්ඨතම මනුස්‍යත්වය පාවා දෙමින්,
ඔවුන්ගේ ඇස් වලට වැලි ගසන සමය එලබී ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් දේශපාලනයකට යම් කොටසක්
අතවනද්දි,
මානසික අල්ලස් දෙන
මන්ද මානසික දේශපාලනයක්ද
මිනිසත්කමේ පරම ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ
දණ ගසමින්
දේශපාලන හිඟමන් අයදින
සමයද එලඹි ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් මිනිසුන් අතර
බුද්ධිය තිබුණත් නිවරදි තීරණයක්
ගනීමට නොහකිව ලත වන,
බඩගින්න හිතේ තිබුනත්
බඩගින්න හිතේ නැති සේ සැරිසරණ,
ඔබගේ, නිදහස් පරමාධිපත්‍යට
නවමු අරුතක් ලබා දීමට උචිත කාලය මෙයම වන්නේය..


















"එය අපගේ එකම නිදහස විය..
එයට බලපෑමක් කිරීමට කිසිවෙකුට නොහැක,
එය අපගේම එකම නිදහස්,
ජනතා පරමධිපත්‍ය වන්නේය..."

                         එය එසේ වන කල්හි, එයටද බලපම් කරන්නා වු කුහක ආථමාර්තකාමි සමාජයක් මෙකල්හි බිහි වී ඇත, මෙකල්හි බිහි වු එම සමාජය සැබවින්ම සියයට සියයක් සමාජයම නොවන්නේය. එය සමාජය තුල සිටින්නා වු මන්දමානසික කුහක ආත්මාර්ථකාමින් කීපදෙනෙකුගේ බලපෑමක්ම පමණක් වන්නේය.
              ශේෂ්ඨ ජනසමාජය තුල සිටින්නා වු බුධිමත් මිනිසුන් 99% ක් එම බලපෑමට හසු නොවුවත්, අසරණකමින් බැට කමින් තම දිනක ජීවිතය ගැට ගසා ගනීමට වෙහෙස වන්නා වු 1% පමණක් වු පුද්ගලයා පමණක් එම බලපෑමට යටත් වන්නේය. එම යටත් වීමද ඔහුගේ අසරණකම නිසා පමණක් විනා වෙන කරුණක් නිසා නොවන්නේය.
                                  මුදලට බලයට තම ආත්මය පවා දෙමින්, සමාජයේ ජීවත්වන අහිංසක මිනිසුන්ගේ බඩ වියත සූරාකමින් තමන්ගෙ මඩිය තර කර ගනිමින් සමාජීය ශේෂ්ඨත්වය විනාශ කරන්නා වු සමාජීය දුර්මතයන් වෙනස් කිරීමට සුදුසු වන සමය එලබී ඇත. සමාජයේ ස්‍යය විනිවිද බව බුද්ධිමත්ව බලමින් යල් පැනගිය හේතු සාධකයන්ට හසු නොවෙමින්, ඔබගේ මෙන්ම ඔබ දකින නොදකින ජීවන උද්දමනයෙන් බැට කන්නා වු අහිංසක ඔබගෙම සහොදර සහොදරියො වෙනුවෙන් ඔබගේ එකම වු පරමාධිප්‍ය ලබා දීමට උචිත වු සමය එලබී ඇත.

මෙය හුදෙක්ම අන්තවාදි දේශපාලනයට අත වැනීම පිණිස තබන්නා වු සටහනක් නොවන්නේය, සැබවින්ම මෙය අහිංසක ඔබ අප වෙනුවෙන් ඔබගේම මෙන්ම මගේද අනාගතය වෙනුවෙන් තබන්නා වු සටහනක් වන්නේය... "ඔබ වෙනුවෙන් නිවරදි තීරණයක් ගනීම ඔබගේම යුතුකමක් වන්නේය."

No comments:

Post a Comment