බුලතා | Bulathaa
හැම එකාටම ආදරේ කරන තැන...
Sunday, October 14, 2018
මඟ දිගට
රබර් අඩි වල දුඹුරු මඩ පළු
ඇලෙනවා මම ඉන්න බැද්දේ
කියලා කිවුවම කඳුළු පිරුනද
හීරිලා උඹේ පපුව මැද්දේ
හෙට උදේ ඉර ඇවිත් පායයි
මැදින් අර දුර පේන කන්දේ
මල් පිපෙයි හෙට උදේ අලුතින්
අපි යමන් හෙට ඉඳන් යුද්දේ
Friday, October 12, 2018
මඟ දිගට
ළපල්ලක් ගොඩවෙලා පොළවෙන්
අපි වගේ දැන් උස් වෙලා
සිහින දකිනවා මල් පිපෙන්නට
අතු යටින් පැන හිනහිලා
පොළව උහුලන මේ විසල් ගස
ආදරෙන් අද මත් වෙලා
මැණිකේ හරියට උඹ වගේමයි
මගේ උරිස්සට බර වෙලා
Thursday, October 11, 2018
මඟ දිගට
සීනි වැඩියෙන් දාපු කිරි ටොපි
හවස එනකොට අතේ රන්දා
ලඟට ඇවිදින් අතේ ගුලි කර
දී ගියා මහ සෙනෙහේ කන්දා
සීනී නැතුවම කහට ගිල ගිල
කිවුවේ ඒ පොඩි ලෙඩක් හන්දා
තුංග ගිරි හිස උඩ තබා අප
ආදරේ ලණු වලින් බැන්ඳා
Wednesday, October 10, 2018
මඟ දිගට
පුංචි හිරිපොද හුඟක් වැටුණා
මේ තරම් නෑ ඒත් ඉස්සර
ෆර්මිදා උඹ හුඟක් ඇඬුවා
බය වෙලා ඒ පුංචි වැස්සට
කුඩේ යට වත් ඉන්න බෑ අද
වැටෙන්නේ ඇයි අකුණු මෙච්චර
ගුලි වෙලා මගේ ලඟින් හිටපන්
හිතක් නෑ මේ වහින වැස්සට
Tuesday, October 9, 2018
මඟ දිගට
නටු කෙමියක උපන් කඳුළු
නෙළුම් මලක පෙති තැනුවා
දියෙන් ගොඩට ගෙන එන්නට
මඬ පොල් ලෙලි කෙඳි තැළුවා
සුවඳ පාට ඉස කර දඬු
පුතේ උඹට සවි කෙරුවා
උඹ එනකන් බලාන ඇති
අද ඇඳකට වී බැරුවා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)