Thursday, January 28, 2016

එකම කුසක්... (ආදරයේ කතාව)
























අඳුරු කුටියේ සිරවීලා
අත පය දෙක වකුටු කරන්
තව කොච්චර කල් ඉන්නද
ඕන කියලා මට කියන්න..

උණුසුම් වායුවෙන් පිරුනු
ඝණ වටකුරු කුටීරයේ
තව කොච්චර කල් ඉන්නද
ඕන කියලා මට කියන්න..

අඳුරු මතක හිතේ පිරිලා
ඒවා මාව බය කරනවා
ඔබේ තුරුලේ සැඟවෙන්නට
කාලේ ලඟද මට කියන්න..

වෙඩි හඬවල් මට ඇහෙනවා
මගේ අප්පාව මතක් වෙනවා
ඔබේ හදවතේ කඳුලැලි
ඇදත් එදා වගේ ඇසෙනවා..

තල් අතු වහලය හැදුවද
තාම ඉන්නේ කෝවිලේද
ඔබත් සමඟ මා ඉන්නා
බව ස්වාමිත් දන්නවාද..

ඔබ උදේට බත් කෑවද
බඩගින්නක් මට නම් නෑ
තාම කාලා නැත්නම් ඔබ
දැන් උදේට කාලා ඉන්න..

ඉදහිට සිංහල ඇහෙනවා
පිරිත් බණ පදත් ඇහෙනවා
ඔබේ තනියට දැන් සිංහල
යාළුවෝ ඉන්නවා නේද..

පන්සලේ ඝණ්ඨාර හඬින්
ඉඳහිට මගේ සිත පිරෙනවා
කෝවිල් යන අතරමඟින්
ඔබ දැන් පන්සල් යනවද..

යුද්දේ තාම තියෙනවනම්
සැඟවීලා තව ඉන්නම්
යුද්දේ ඉවර වුනු විගසම
මම ඉක්මනටම එන්නම්..

මම එළියට එන දිනයට
සාමයේ මල් පිපී තියෙයි
ජාති භේද තුරන් වෙලා
මිනිසුන් ආදරෙන් ඉදී..

මගේ අම්මත් පරෙස්සමින්
මා එනතුරු ටිකක් ඉන්න
හිතේ දුකක් හෙම තිබුණොත්
කණට කරලා මට කියන්න..

Tuesday, January 26, 2016

පංච චින්තන...

















සයුරෙන් එතෙර
ඇත් පවුරකි
තම වර්ගීය සුසුමන් මත හිඳ
රහස් කොඳුරන..

සයුරෙන් මෙතෙර
දිදුලන ධවල කඳු පෙලකි
ලවණ මිශ්‍රිත සුසුම් රැල්
මතින් ගිනියම්ව දිදුලන..

කෑදර රත් පැහැති
කළු ගෝල රැසකි
තණ්හාව වගුරුවා
සුසුම් රැල් ගිලින..

සුදු පියුම් මත හිඳින
පිණි පොකුරු වැලකි
මෛතී ගුණ වඩන
කරුණාව පුබුදුවන..

අවකාශ ආක්‍රමණික
හිස් ආත්මයන් පොදියකි
තම අලංකෘත සම්පත හේතුවෙන්
මරණයේ සුව විඳින...
 

එකම ජාතියක දේශපාලනය.. (ආදරවාදය)

කළු පාටින්
අහස වැසූ
ඇඳිරි නීති
රට කලබල
තිබුණු කලක
මාත් සමඟ
පාසල් ගිය අබ්දුල්ලා..


එක පැන්සල
දෙකට කඩා
කොටු කොලයක්
දෙකට ඉරා
උඹ මාවද මා උඹවද
ඇඳපු හැටිය බොට මතක්ද
මාත් සමඟ අබ්දුල්ලා..

















උඹ නෝම්බි අල්ලනකොට
උඹේ පංගු මා හට දී
මා කනවා හැටි බල බල
උඹ හිනැහුනා අබ්දුල්ලා..

මාත් සමඟ පන්සල් ගොස්
මල් කඩලා පැන් ඉහලා
බුදුන් පුදන්නට මට දී
ගල් කණු ලඟ වාඩි වෙලා
උඹ සිටියා අබ්දුල්ලා..

රාමසාන් සඳ බලන්න
ආපු වෙලේ උඹේ ගෙදරට
කන්න බොන්න
ඉදුම් හිටුම්
නුඹ දුන්නා අබ්දුල්ලා..

පිට්ටනියේ ක්‍රිකට් ගසා
වැටුනු වෙලේ තුවාලා වී
මට රිදිලා අඬන විටදි
උඹත් ඇඬුවා අබ්දුල්ලා..

මගේ අම්මට උණ සැදිලා
බෙහෙත් ගන්න සල්ලි නැතුව
සිටින වෙලේ
කැටේ කඩා
නුඹ දුන්නා අබ්දුල්ලා..

අවුරුදු ගානක් ගෙවිලා
උඹයි මායි
දැන් තරුණයෝ
වෙනසක් නෑ
ඒදා වගේ
අපි මිතුරෝ නේ අබ්දුල්ලා...

Sunday, January 24, 2016

පැතුමක නිමාව...

හදේ නිරුවත
වසා හිනහුන
ලයේ පැතුමඟ
නිවී සැනහුන
තෙමී ගිය නෙත්
පුරා දඟකල
මගේ සිහිනයේ
දියුණුවයි නුඹ..


කොත් මුඳුන් මත
පහස විඳ ඔබ
ප්‍රිතීයෙන් ළැම
තුරුලේ සැනසුනු
සිනා තොට සිත
ගතින් පිරිමැද
වැටුනු අව් වැසි
මා දරා වුමි..























කුලී දැලි මත
දවසේ පනමට
ගෙවා දවසම
සිල්ප සැදුවෙමි
ස්විප් ටිකටුත්
නටා මඟ තොට
වරම් සැදුවෙනි
ඔබට සරසවි..

ලොවක උණුසුම
සැම හටම පිදු
ලොවක් සනසා
යහන් මත දුටු
කවුද නොදනිමි
ඔබ ඇසූ කල
වටහා දෙනු වස්
ඔබේ පියතුම..

සොයා සුර සැප
මතින් ගිය දුර
නතර වූවෙමි
ඔබත් සමඟින්
තනිව යන්නට
නුඹට දැන් හැකි
මා ද නවතිමි
නොපෙන දුරකින්...

Saturday, January 23, 2016

සමුදුරක පැතුම...

සප්ත සමුදුරු
මත සිසාරා
නැගෙන සිත් කළු
සිතුම් පොදි බැඳ
පිහින සැනසෙමි
සීත දිය රැලි
ලය හදෙහි රැඳි
ඔබත් සමඟින්...


මෝර සැඩ සැර
යක්ෂ රකුසන්
මං බලා හිඳ
පහර දෙයි නුඹට මට
රැක නුඹේ මගේ
දිවිය සඟවා
සැඟව පැන යමු
යටින් දිය පර කොරල් අතරින්..

මරු වැලින් අත
සැඟවා ගෙන සිත්
පොදි ගැසී මග
සිටී රකුසන්
ඔහුන් නොදනී
නුඹෙද මා හද
ගැහෙන වේගය
දැනී මර බිය..

රකුසු සිත් ඇති
ඔවුන් සිතනා
අයුරු නොදනිමි
අසුර ලොව අප
කෙසේ වුව මුත්
අපද ඔවුනද
පතනුයේ
රැක ගන්න ජීවය..
 















රකුසු ලොව
රජ නීති හැදිල ලු
නොමරණා ලෙස
සත්ව ගෝ කුල
එකී කුලයෙහි
ඔවුන් පමණද
සුදුසුකම් ලද
පිරිස අභයට...

Friday, January 22, 2016

නීල සිත්තම...

බැඳුනු දුටු වරදින්
ඊවා සමඟ ආදම්,
සැර කර වරද දෙවියන්
නෙරපා හැරියා රැඳුනු විමනින්...

සකල කම්පිත ස්වරයෙන්
කඳුළු රූටා දෙනෙතින්
නඟා පා රළු ගමනින්
නතර වූවා සිරි ලංකා දීපයෙන්...
 

සොයා මඟ පිරි සරයන්
සෝ ගිනි ලතවුලෙන්
යන විට සොයා භවනක්
දුටුවා සමන් ගිරි පවුවක්...
 

සමඟ නෙතු මත කඳුලින්
නඟා ඔසවා දෙපා හඬමින්
තබා ඊවා සිතෙහි කොනකින්
නැඟුනා අහස් ගිරි ශිඛර ඉහළින්...


 

















නෙතඟින් වැටුනු කඳුලන්
සිප ගිරි ශිඛර ධාතුන්
තැනුවා නීල රත්නයන්
රඳවා මතකයෙහි ආදම්... 

 
ඇතිදා දස රාජ ධර්මයන්
නැඟී විසිරී පොළෝ තලයෙන්
නිවා ජන හද දුක් තැවුල්
මතුව නැඟී දිදුලයි නීල රත්නයන්...

ලබැඳි ස්වප්නය...

 






















කිතුල් රෑනක වන්
නීල පිල් මොණරෙකුගේ වන්
තිබූ හැඩ රැහැන්
කපා ලෙයර්ස්
හැඩති රුවලක වන්..
 

නඟා පා ඉඟ රුවන්
දෙවුර වසමින් සළුපටින්
නොසිතුවෙමි දැක්මට ළැම පියුම්
දීග යන්නට මත්තෙන්..
 

ස්වප්න සිත දොවමින්
හඬන දරු සුරතල්
සිනා පාමින් මනරම්
නිදනු දුටුවෙමි
මත හංස පියුමන්..
 

ගත රැඳුනු විඩාපත්
රැයක හද විල් පහන්
සමාධිව උණුසුමින්
සිතින් වැඩුවෙමි අනුහස්
ලැබුමට ලොවක සුවයන්..
 

එක් රැයකි සුමදුරන්
වශිකෘත මත් ස්වරයෙන්
සැලුනු ළැම සළු පටින්
ඔබත් දුටුවද "එන්රික්"
පෙර මා ලබැඳි ස්වප්නයන්...