Friday, January 22, 2016

නීල සිත්තම...

බැඳුනු දුටු වරදින්
ඊවා සමඟ ආදම්,
සැර කර වරද දෙවියන්
නෙරපා හැරියා රැඳුනු විමනින්...

සකල කම්පිත ස්වරයෙන්
කඳුළු රූටා දෙනෙතින්
නඟා පා රළු ගමනින්
නතර වූවා සිරි ලංකා දීපයෙන්...
 

සොයා මඟ පිරි සරයන්
සෝ ගිනි ලතවුලෙන්
යන විට සොයා භවනක්
දුටුවා සමන් ගිරි පවුවක්...
 

සමඟ නෙතු මත කඳුලින්
නඟා ඔසවා දෙපා හඬමින්
තබා ඊවා සිතෙහි කොනකින්
නැඟුනා අහස් ගිරි ශිඛර ඉහළින්...


 

















නෙතඟින් වැටුනු කඳුලන්
සිප ගිරි ශිඛර ධාතුන්
තැනුවා නීල රත්නයන්
රඳවා මතකයෙහි ආදම්... 

 
ඇතිදා දස රාජ ධර්මයන්
නැඟී විසිරී පොළෝ තලයෙන්
නිවා ජන හද දුක් තැවුල්
මතුව නැඟී දිදුලයි නීල රත්නයන්...

No comments:

Post a Comment