Wednesday, May 20, 2015

කලි යුගයක හික්මීම..

සංක්‍රාන්ති කලි යුගයේ
හෙල්ලුම් කන සමාජයේ
පාලම් උඩ
මේ මගේ නෑයාය,
මිතුරාය,සැමියාය,බිරින්දෑය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා

(මක්නිසාද යත්- මහගම සේකර)

                               නෑයා නොනෑයා අතර වෙනස නොහදුනන, මිතුරාත් හතුරාත් අතර වෙනස නොහදුනන,සැමියා බිරිඳ අතර අවිශ්වාසයන් රජ වන සමජාතීය අලංකාරවත් වූ මානවයාගේ සංක්‍රාන්තිය හෙල්ලුම් කන සමාජයේ දෙදරා යන ඊනියා විශ්වාසයකින් ගොඩ වන්නට තටමන අවිශ්වාසයම පාරුවක් වන්නේය.එවන් වු යුගයක සංක්‍රාන්තියෙන් ඔඳ වැඩි ගිය දහමේ ධර්මතාවයන් වෙනස් වූ ඊනියා ශිෂ්ට සමාජයේ කලි යුගයක අතරමන් වූ මේ මිනිසුන් අන්තෝ ජටා බහි ජටා අතර සිර වුනු මොහුන් කවදා නම් එතර වන්නෙහිද?




















තමාව නොහදුනන
කල්හි,
අන් අයව නොහදුනන
අසිරිමත් ලොවක් කරා
පියමන් කරන්නා වූ..
කලි යුගයක අතරමන් වූ
නොහඳුනන පුතයා
අධර්මයේ ශක්තියෙන්
පුශ්ටිමත්ව
සමාජීය පොරක් වන්නට
වැර කන,
සමාජයේ ගැඹුරට පිහිනා නොගොස්
ගොඩ පිහිනමින්
තමගේ ඇසෙහි ඇති
පොල් පරාලය නොදැක
සිටින්නා,
කවදා නම්
අන්තෝ ජටා බහි ජටාවෙන්
මිදෙන්නෙහිද...
එවන් වූ අයෙකු
සැබවින්ම දිනක
පසු තැවෙනුයේ
එකල්හි
තමාව හඳුනා ගනීමට
තමාටම නොහැකි වූ බැවිනි...
එකල් හි "ඔහු"
සැබවින්ම සමාජයෙන්
තහරින ද්දෙකි.