Saturday, January 17, 2015

හොරු සමඟ හෙළුවෙන් සිටීම...

නව හිරු එසේ පායද්දි, හිරු මුදුන් වීමට පෙර සමාජයෙන් සැගවුනු පිළිලයන් මෙසේ මතු වන්නනට විය...

පසු ගිය වසර කීපය තුල සමාජය තුල හට ගත් දුෂ්චරිතවත් විපරියාසය අති මහත්ය, ඒ විපරියාසය පසු ගිය වසර කීපයට පමණක් කොටු නොවූවත් පෙර වසර කීපය තුල ඒ විපරියාසයේ නගීමක් දක්නට ලැබුනි. එයට පාදක වු ප්‍රථම හෙතුව අන් කවරක් වත් නොව හොරු සමඟ හෙළුවෙන් සිටි දේශපාලන නායකයින්ය. මේ වන විට ඒ සෑම දූශනයක්ම ජනතාවගේ ඇස් ඉදිරියේ විනිවිදව නලියන බව ඔබ මට දක්නට ලබෙන විශේෂ කරුණක් වීම ඔබටද මටද නොසැගවෙන කරුනකි. කෙසේ නමුත් අප "විනිවිද" යැයි සිතුවත් එය සැබවින්ම විනිවිදමද යන්න, අපගේ සිත තුල ඇති කුතුහලයකි.
                                      කෙසේ නමුත් අපිට සබවින්ම සිදු වුයේ කුමක්ද යැයි වටහා ගනීමට හැකි වන පරිදි යම් යම් දේ එලි වීම ඔබට මෙන්ම මටද එක්තරා අකාරයක සිතට සැනසීමකි. එය එසේ සනසීමක් වනුයේ එකල පාලකයින් ජොගි නටා ඇත්තේ අසරණ අපගේ මහන්සියේ අස්ල්ලස් හෙවත් අපගේ මුදල් සමඟ විනා අන් දෙයක් අධාරයෙන් නොවන හෙයිනි. 
                                    එකල පාලකයින් සම්ඟ හෙළුවෙන් සිටි වන්දිබට්ටන් විසින්ම එකල පාලනයේ අයහපත් බව විදහා දක්වන හෙතුන් මේ වන විට හෙලි කරමින් පවති, එසෙම එකල තම බලයෙන් පාගා ගෙන සිටි ආරක්ෂක අංශයන් දැන් සෑම සාධකයක්ම පෙන්වමින් පවති, එසෙම එකල බලයට බියව සුළු දිය යමින් සිටි විවිධ වූ පුද්ගලයන් විසින් සෑම කරුනක්ම වමාරමින් සිටි..

ඒ අතර,

          විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව දූෂණ විරෝධී හඬ සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ගුණවර්ධන මහතා සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට තොරතුරු...   සජීන් වාස්ට අල්ලස් චෝදනා(උපුටා ගනීම, ලංකාදීප online)

පසුගිය රජය සමයේ සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් හා තමාට වූ බලපෑම සම්බන්ධයෙන් හිටපු...

මර්වින් අල්ලස් කොමිසමට යයි(උපුටා ගනීම,LankaDaily)

එසේ අපගේ ඇස් වලට වැලි ගැසු, අපගේ මුදල් වලින් රජ සැප විඳි, සත්‍ය පිලිබඳව දැන ගනීමට ලබීම අපගේ සතුටට හෙතුවකි.


















ප්‍රථමයෙන්,
අපගේ බඩහින්නත් සමඟ සෙල්ලම් කල
පෙර කල දූශිතයන්ට
අප අනුකම්පා කරනෙමු..
අපගේ අසරනකමට පයින් ගැසු
පෙර කල දූශිතයන්ට
අප අනුකම්පා කරනෙමු..
එසේ නමුත්,
එකල දූශිතයන් සමඟ මෙන්ම,
එකල හොරු සමඟ හෙළුවෙන් සිටි
දූශණය, හොරකම, මැරකම නැති කිරීමට සමත්ව තිබුනත්,
එ බව නොදැක්කා සේ සිටි පාලකයිනි,
අප ඔබ ගැන ලැජ්ජා වන්නෙමු..
එසේම,
මෙකල පෑයු නව හිරු,
හොරු සමඟ හෙළුවෙන් නොසිටි යැයි අප විශ්වාස කරනෙමු...

"එදා වේල සොයා ගනිමින්, බඩගින්නට වතුර බොමින් හූල්ලන අපට දුන් මානසික අල්ලස් ගැන මා ද, ඔබ ද, පසු තැවෙන බව ඔබේ ද, මගේ ද සිතට නොසැගවෙන කරුනකි. එසේ වන හෙයින් ඔබෙද මගෙද සමාජය තුල සැඟවෙන යුක්තිය වෙනුවෙන් පෙර පසු තැවීම පාදමක් කර ගනිමින්, මනුශ්යත්වයට නව අරුතක් ලබා දෙන්නට ඉදිරියටම පිය නගමු, ඒ පිය නගීම තුලින් ඔබෙද මගෙද සාර්ථකත්වය ඔබටද මටද ලබෙනු ඇත."