Friday, January 22, 2016

ලබැඳි ස්වප්නය...

 






















කිතුල් රෑනක වන්
නීල පිල් මොණරෙකුගේ වන්
තිබූ හැඩ රැහැන්
කපා ලෙයර්ස්
හැඩති රුවලක වන්..
 

නඟා පා ඉඟ රුවන්
දෙවුර වසමින් සළුපටින්
නොසිතුවෙමි දැක්මට ළැම පියුම්
දීග යන්නට මත්තෙන්..
 

ස්වප්න සිත දොවමින්
හඬන දරු සුරතල්
සිනා පාමින් මනරම්
නිදනු දුටුවෙමි
මත හංස පියුමන්..
 

ගත රැඳුනු විඩාපත්
රැයක හද විල් පහන්
සමාධිව උණුසුමින්
සිතින් වැඩුවෙමි අනුහස්
ලැබුමට ලොවක සුවයන්..
 

එක් රැයකි සුමදුරන්
වශිකෘත මත් ස්වරයෙන්
සැලුනු ළැම සළු පටින්
ඔබත් දුටුවද "එන්රික්"
පෙර මා ලබැඳි ස්වප්නයන්...

No comments:

Post a Comment