Wednesday, August 6, 2014

ලොවීනා තුලින් සමාජය විනිවිද දැකීම

මෙය මොහාන් ලාල් මඩවලයන්ගේ තෙවන ඇස විසින් දුටු ශ්‍රී ලාංකීය සමාජයේ විශිෂ්ට විනිවිද දැකීමකි. එමෙන්ම මෙම කෘතිය ශ්‍රී ලාංකීය සමාජය අතීත වශයෙන් මෙන්ම වර්තමාන වශයෙන් සිහියෙන් යුතුව විමසා බැලීමට මොහාන් ලාල් මඩවලයන් විසින් ශ්‍රී ලාංකීය සමාජයට පිරිනැමූ විශිෂ්ට නිර්මාණයකි.




කතෘගේ පෙර වදන තුලින් මෙම කෘතිය පෙන්නුම කරන පරිදි,

මෙය,
තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය පිලිබදවවත්,
දස්කොන් මහාදිකාරම් සහ ප්‍රමිලා බිසුන් පිළිබදවවත් 
හෝ ඔවුන්ගේ ආදර කතන්දර පිළිබදවවත් 
සමජයට් පෙන්නුම් කීරීම පිණිස දැරූ උත්සහයක් වත් නොවන අතර 
තමාගේ ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් පිරිනැමූ, 
උපතින් ඊනියා බොදුගොවී තරුණියක් මෙන්ම 
මරණය වන විට, වර්තමාන සමාජයේ මෙන්ම අතීත සමාජයේ 
මනුෂ්‍යත්වය නම් වූ වදන තමන්ගේ අගේ හංවඩු ගසා ගත්
ශ්‍රී ලාංකීය පුද්ගයලන්ගේ පිළිකුලට ලක් වූ 
ඊනියා රොඩී කුලයේ තරුණියක වටා ගෙතුනු සමාජීය දැක්මකි.

මෙහි දැක්වෙන උපතින් ඊනියා බොදුගොවී තරුණියක මෙන්ම මරණය වන විට ඊනියා රොඩී කුලයේ තරුණියකවූ මැය නමින් පුන්නා නොහොත් පුන්නී නම් වන්නීය.
එක දාස් හත්සිය ගණන් වල පෘතුගීසින් ගෙන් පසු පාලනය අතට ගත් ලන්දේසි සමයේ මෙරට බෞද්ධ සමාජයේ උපන් මැය "පුන්නා" යන නමින් එකල සමාජයට අයගේ මව් පියන් විසින් හදුන්වා දෙන ලදී. තම දරුවන් පිළිබද දෙමවුපියන්ගේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ ඔඋන් හොදින් අධ්‍යාපනය හදාරා අනාගත සමාජය තුල ඉහල තැනක ජීවත්වනු දැකීමයි මේ පැතූමම පුන්නගේ දෙමුපියන්ගේ සිත් වලද තිබු බව තේරුම් ගැනීමට මෙම කෘතිය පරිශීලනය කල ඔබට වැටහෙන බව අමුතුවෙන් උපුටා කිව යුත්තක් නොවුවත් මෙය මෙසේ ප්‍රකාශ කලේ දැනට මෙය කියව නැති ඔබ සදහම පමණක් මිස පරිශීලනය කල ඔබ පිණිස නොවේ. ඒ අයුරුන් පැතූ අයගේ දෙමුපියන් ඇයව ගමේ පන්සල කරා යවන්නේ අධ්‍යාපනය හදාරිමටය
එසේ අධ්‍යාපනය හැදෑරූ ඇය අයගේ තරුණ කල වන විට කාටත් දැකිඉමට සතුටු රූපසම්පත්තියක් ඇය සතු වන්නිය. එසේ වූ  රූපසම්පත්තියම අයගේ ජීවිතයට කන කොකා හඩලයි යැයි ඇය කවදාවකවත්ම සිතන්නට නැත නමුත් එය එසේ නොවන්නේ අයගේ තිබු අවාසනාවක් නිසා නොව එකල රාජ්‍ය පාලනය කල ශ්‍රී පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් ගේ මන්ද මානසිකත්වය නිසා යන වග මට සිතේ එසේ වන්නේ යම් මොහොතක ඇයව ඔහුගේ අසහනය මකා ගැනීම පිණිස භාවිත කල අන්තප්පුරයට ඇයව කැදවාගෙන යාමත් සමගය. අන්තප්පුරයේ සිටින වකවානුවේදී මැයව නරෙන්ද්‍රසින්හයන්ගේ අසහනකාරී බලපෑම් වලට ලක් වන අතර එමෙන්ම මැයට ප්‍රමිලා බිසුන්ද හමු වන්නේ ප්‍රමිලා බිසුන් නරෙන්ද්‍රසින්හයන්ට හොරෙන් දස්කොන් මහාධිකරම්ට පෙම් බදින අවදියේය. ඒ කාලයේදීම පුන්නා හට දස්කොන් මහාධිකරම මුණ අගේන අතර එහෙදි ඇයට සිහියට පැමිණෙන්නේ දස්කොන් අයගේ කුඩා කල මිතුර බවයි.ඒ අතර තුර ඔහුට පෙම් බදින අයුරු කතෘගේ බුද්ධියෙන් දුටු පරිදි Magical එකක් ලෙස පෙන්නුම් කර ඇත්තේ මන වූ අගනා අයුරිනි. මෙසේ ගෙතෙන කතාවේ සමාජීය වශයෙන් සිංහල රාජ්‍යත්වයේ මෙන්ම සිංහල ජන සමාජයේ බුද්ධියේ අඩු බව නැතහොත් සිංහල සමාජයේ කෘරුරත්වය පෙන්නුම් කරන්නේ පුන්නා නම් නරෙන්ද්‍රසින්හයන්ගේ අන්තප්පුරයේ සිටි තරුණිය අයගෙන් සිදු වූ වැරදීමක් නිසාවෙන් අයගේ නම පුන්නී ලෙස වෙනස් කරමින් ඇයව එකල මෙන්ම වර්තමාන සමාජයේද අඩු ලෙස සලකන ඊනියා රොඩී කුලයට පිටුවහල් කිරීමත් සමගය. එය එසේ සිදුවන්නේ සැබවින්ම කිවහොත් අයගේ වරදකින් නොවන වග මෙම කෘතිය පරිශීලනය කරන ඔබට වැටහෙනු ඇත.

රොඩී කුලයට පිටිවහල් කිරීමත් සමග ආරම්භ වන මෙහි කතා පුවත ශ්‍රී ලංකේය සමාජයේ අඩු වැඩි බව හා කුල මල බේදය පෙන්නුම් කරන්නේ සිංහල සමාජයේ දුර්වල බව විදහා දක්වමිනි. සැබවින්ම කිවහොත් මේ කරුණ අතීත සමාජයේ පමණක් නොව වර්තමාන සමාජයේද දක්නට ඇති අප්‍රිය ජනක කරුණක් වනුයේ මෙපමණ දියුණු සමාජයක වුවත් කුල භේදය දක්නට තිබීම මෙවන් දියුණු වූ සමාජයකට දක්වන නිගාවක් ලෙසිනි. සමාජය තුල ජීවත් වන ඊනියා කුලවත් මිනිසුන්ට් නොතේරෙන කරුණ වනුයේ මනුෂ්‍යයා හෙවත් "මහා උසස් වූ" යන අරුත පෙන්වන එම කුඩා වචනය තේරුම් ගැනීමට නොහැකි වීමයි.

මෙම කෘතියේ අවසානය තෙක් ගමන් කරන විට මෙම කෘතියට නම් දැමු "ලොවීනා" යන රොඩී තරුණිය හෙවත් "පුන්නා" ගේ පරම්පරාවේ සිට පැමිණෙන පුන්න්නාට ලගම නෑකම් කියන එනම පුන්නා ගේ මිනිබිරිය වන ලොවීන නම් මැය මුණගැසෙන අතර ඇය සමග පෙම් බදින මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා හමුවන්නේ සිංහල සමාජයේ කුල බෙදය නොදුටු ශේෂ්ට පාලකයෙක් ලෙසිනි.

තම ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් පුජා කල පුන්නී නම් වූ මැය සිංහල සමාජය විසින් පහත් යැයි සලකනු ලැබූ රොඩී කුලයේ සිටියත් සිංහල සමාජයේම ඊනියා කුලවත් මිනිසුන්ට වඩා ශේෂ්ඨ වූ ගති පැවතුම් වලින් හෙබි කුලවත් මිනිසුන්ට පවා තම ආදර්ශයට ගත හැකි තරුණියක වන්නේය. කුලවත් මිනිසුන්ටවත් නොමැති චිත්ත ශක්තියක් මෙන්ම තම වර්ගයාගේ දියුණුව පිණිස යෙදවිය හැකි අපුර්වතම වූ සන්තුට්ටික ශක්තියක් ඇය තුල හෙබි වන්නේය. කෙසේ වෙතත් පුන්නි නම් චරිතය මනක්කල්පිත වුවත් අපගේ සිත් තුලට ගත හැක්කේ සමාජය තුල මිනිසුන්ගේ පවතින අප්‍රිය ජනක වූ ගතිපැවතුම් විනා අන් කවරක්ද යන වග ඔබ විසින් තේරුම් ගත යුතුය.

මෙය, මෙම කෘතිය ඔබට හදුන්වා දීමට මා ගත් වැයමක් නොව ශ්‍රී ලාංකීය සමාජයේ සමහරක් ජන කොට්ඨාසයකට සිදුවන මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් සිදුවන අසාධාරණය සමාජයට පෙන්නුම් කිරීමට ගත් පිම්මක් බව මෙම බ්ලොග් සටහන කියවන ඔබ විසින් තේරුම් ගත යුතු බව මෙයින් පෙන්නුම් කරනු ලබයි.




No comments:

Post a Comment