Sunday, August 24, 2014

කෘතිම මුහුණ..

ලස්සනයි දකින්නට
අමාරුයි හදන්නට
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
නොසිතන්න ඇති,
යම් කෙනෙක් මේ තුල සැගවෙයි කියලා
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
සිතන්න ඇති,
යම් කෙනෙක් සමාජයට නව අරුතක් දෙයි කියලා
අතේ කර ගැට එක දෙක නැගෙන්න ඇති
දහඩිය බින්දු එක දෙක වැටෙන්න ඇති
මහන්සිය දැනෙන විට
මනසින් දකින්න ඇති
බිරිද සහ දරුවන්
සහ ඔවුන්ගේ පැතුමන්..
දෙවියන් දුන්න දායාදය
එක සිතින් රැක ගන්න
වෙර දැරුවේ
තම බඩ වියත රැක ගන්න
ලද එකම පිරිසරණ මෙය නිසයි
ඉල්ලුමට සැපයුමක් තිබුනත්
වෙහෙසට අසාධාරණයක් වුවත්
ඒ අසාධාරණය ඉවසුවේ
වෙහෙසට ලැබෙන පිච්චිය වත්
නොලැබෙයි කියන බයට විනා
අන් දෙයක් නිසා නෙමෙයි...
















ඒ මේ අතරේ තවත් අය,
සිත ඇතුලේ
ගොඩක් දේවල්
කරන්න තියෙන
ගොඩක් දේවල්
සිත ඇතුලෙම තියාගෙන
මුණට මුණක් දැම්මේ
සමාජයට සැබෑවටම
මුණ දෙන්න බැරි නිසයි
සමාජය හොදයි කියලා හංවඩු ගහනවා එහෙම නොවෙයි මේ,
සමාජයත් නරකයි
සමාජයේ ඉන්න අයත් නරකයි
හැම පත්තකම කළු සුදු තියෙනවා නොවැයි
කළු සගවලා සුදු පේන්න
මුණට මුණක් දැම්මට
මතක තියා ගන්න ඕන
නටන්න වෙන්නේ එළිපිට කියලා...







No comments:

Post a Comment