Wednesday, August 13, 2014

තීරණය ලැබෙන තුරු...

විඩාබර දිවියට
අස්වැසිල්ලක් වෙමින්
ලැබුණු සිහින් පොද වැස්ස
ඉරි තැලි ගිය බලාපොරොත්තු
නැවත අස්වදීමට්
අත් වැලක් වූ විට
සිතට දැනෙන
සතුට, සැනසුම
ඒ පහස ලද්දා විනා,
අන් කෙනෙකු හට වැටහේද?
සැබවින්ම එය
මහත් සැනසීමකි.
අනාගතයේ පිපෙනු දුටු මල්
යම් දිනක වර්තමානයේම පර වුණා,
ඒ පර වීමේ සන්තාපය
වර්තමානයේ දීම
මොහොතකට නැති වී ගියා
නමුත් මොහොතකට පමණයි..
එසේ වුයේ,
තවත් දුෂ්ටියක්
අනාගතය උදෙසා
ඉතුරු කරමිනි.
ඒ දුෂ්ටියද
ඉටුවෙන තුරු
සියලු පැතුමන් අත්හල සිතින් යුතුව
පෙර පරදීම
බලා සිටිමි.


















දෛවය නමැති ජූරියෙ තීරණය ලැබෙන තුරු බලා සිටිනුයේ විසිරි ගියා වූ බලාපොරොත්තු වල පහස තවමත් හදවතේ තබා ගනිමිනි.එමෙන්ම, අතීතයේ සිදු වූ ඒ විසිරියම වර්තමානයේ ලද කුඩා සන්තුෂ්ටියෙන් සැනසි සිටීමට බාදාවක් වී ඇත.

No comments:

Post a Comment