Monday, October 6, 2014

ඒක මෝඩකම නෙමෙයි; අහිංසකකම..

                           ගමන පුරාවටම ෆෙඩ්රිකා තම සීයා වූ වික්ටර් සුරතිස්සගෙන් බොහෝ කාරනා දැනගත්තාය. බොහෝ තැන් වලදී ඇයගේ ඇස් වල කඳුළු පිරී තිබෙනු වික්ටර් මහතා දුටුවේය. ඇයට වැඩිපුරම සිනා පහල වුයේ තම සීයාගේ පෙර කල නම ඇසීමෙනි. 'බබාහේනයා'. ඇය ඒ නම කියමින් යලි යලිත් සිනාසුනාය.

"I'm so amazed about your story Grand Pa. People worked for others without being paid?"
("මට හරි ම පුදුමයි සීයා කියපු කතාවට. ඉස්සර මිනිස්සු මුදල් ගන්නැතුව තව මිනිසුන්ට වැඩ කරනවා කියපු-එක.")

"That is how it was at that time Fedrica. People just wanted to have something and live by themselves."
("ඒ කාලේ එහෙම තමයි ෆෙඩ්රිකා. මිනිස්සුන්ට ඕන වුනේ මොනවා හරි කාල පාඩුවේ ජීවත් වෙන්න විතරයි.")

"Why were those people such stupid?"
("ඇයි මිනිස්සු ඒ තරම් මෝඩ?")

"Its isn't stupidity. They were innconcent"
("ඒක මෝඩකම නෙමෙයි; අහිංසකකම")

"I don't believe that."
("මං නං විශ්වාස කරන්නේ නෑ")

"But I do."
(" ඒත් මං විශ්වාස කරනවා.")

ඔව් ඔහුට විශ්වාස කිරීමේ හැකියාව තිබිණ එසේ වුයේ ඔහු කුඩා කල සිට හැදී වැඩුණු සමාජයේ සත්‍ය බව ඔහු හොදින් දන්නා බැවිනි..


























ඒ අපුරු වූ සුවඳ පිලිබඳ පුවත මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් පිටු අතර සටහන් කලේ "සෙන්කොට්ටන්" ලෙසිනි. එය මෑත යුගයේ ලියන ලද විශිෂ්ට රචනයක් වග එය කියවන්නා වූ ඔබට වැටහෙන නොසැගවෙන කරුණකි. 2012 රාජ්‍ය සම්මානය ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලද සෙන්කොට්ටන් සිංහල ජන සමාජයේ ඇති බලහීන බව සහ සිංහල ජන සමාජයේ වසන යම් ජන කොටසක අසරණ බව මනාව පෙන්නුම් කරනු ලබයි. බලවතුන්ගේ කිලිටි සෝදමින් එක වේලක් කා අනිත් වෙල කෑමට හූල්ලන, තමන්ගේ නිහඩ මාවතේ ගමන් කරමින් තම අසරණ බවේ අරුත ලොවට පෙන්වන, එසේ පෙන්වමින් සමාජය තුල නිහඩව සගවෙන එක්තරා ජන සමාජයක පුවත සමාජය තුල සටහන් කිරීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ  සෙන්කොට්ටන් සමාර්ථ වෙයි.

                    මානව සමාජයේ නොයෙක් වූ කිලිටි කෙලෙසුන් තම දෑත්වලින් සුදොවන් අයුරින් පවිත්‍ර කරමින් තම බඩවියත නිහඩව රැක ගැනීමට වෙර දරන ජන සමාජයක වසන වීරප්පුලි හේන්යා හෙවත් බබා හින්නියගේ අත්තා වටා ගෙතෙන්නා වූ මේ පුවත තුල සෙන්කොට්ටන්හි කතා නායකයා වීරප්පුලි හේනයාම වීම නොසැගවෙන කාරනාවකි. තමන් කුමන වූ දිවිපෙවෙතක් ගත කලත් තමා උපන් ආගමට දිවිහිමියෙන් කටයුතු කරන පුද්ගලයෙකු වන වීරප්පුලි හේන්යා, අනුරාධපුරයේ අටමස්ථාන වැඳ පුදා ගැනීමට යන අවස්ථාවෙන් අරබමින් ගෙතී යන සෙන්කොට්ටන් ඒ අතර වාරයේ ඔහුගේ ගමනේ මෙන්ම ඔහුගේ ග්‍රාමයේ, ඔහුගේ පවුල ආශ්‍රයෙන් සිදුවන විවිධ වූ හැලහැප්පීම් පිලිබදව රචනයේ අවසානය තෙක් සටහන් වන මෙය ශ්‍රීලාංකීය ජන සමාජයේ එක ජන කොටසක, ඔහුන්ගේ අහිංසක චින්තනයන් පිලිබදව ගෙතෙන්නා වූ අද්විතීය නිර්මාණයකි.

                       පෙර සමාජයේ මෙන්ම වර්තමාන සමාජයේද සිටින්නා වූ එවන් වූ කුහකයින් වර්තමාන සමාජය තුල ඔහුන්ගේ පවතින අවස්ථාවාදී මෝඩ ගති සිරිත් වපුරමින් පවතින්නා වූ යුගයක ජීවත් වන වීරප්පුලි හේනයා වන් වූ අහිංසක නිහඩ පුද්ගයලන්ගේ චරිතයේ පවතින පිවිතුරු බව පසක් කරගැනීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් රචිත සෙන්කොට්ටන් ඔබට තෙවැනි ඇසක් වනු ඇත. එලෙසම ඒ අපූරු බවේ සුවද ඔබටද දැනෙනු ඇත.
                                                                     
                                       එවන් වූ අහිංසක ජන කොටසක් වෙනුවෙන් තබන්නා වූ මෙම බ්ලොග් සටහන ඔවුනට මා විසින් ලබා දෙන උත්තමාචාරයකි. එය මා එසේ ලබා දෙනුයේ ඔබ සේම මා ද එකම සමාජයක වසන එමෙන්ම එක බඩවැල කඩාගෙන නාවත් ලේ වල වර්ණය රතු පැහැ වන, එසේම අප එකම කුසක උපන් සහෝදරයන් වන හෙයිනි.

No comments:

Post a Comment