Tuesday, April 5, 2016

අතරමන් මඟ...






















කළු කුහරයක් තුළ
තනිව හිඳ
අරුත් විරහිත
දේශයක් සොයා පලායන්නට
වෙර දරන
නිහඬ මුද්‍රාව...

'මුද්‍රාව ගොළුය'

ප්‍රේමනීය ආක්‍රමණයන්
හෘදයේ හිස හොවා
බලා හිඳ බස් තෙපලන
ලාමක පෙම්බරිය...

'ලාමක පෙම්බරිය නිහඬය'

යථාර්තවාදි ආකල්පයන්
ප්‍රේමය තුළට ගලපන
ඇගේ ඇස්පියන් යට හිඳ
මතකයන් අමදින
රැඩිකල් ස්මෘතිය...

'හුදකලා වූ ස්මෘතිය'

ප්‍රේමයේ පර්යාය මත
ඉකිබිඳ සුසුම් හෙලන
හිතින් සඟවා
ප්‍රේමය අයදින
දෑස් අඟ මුතු පබළු අමුණන
අකීකරු ලබැඳිය...

'අහිංසක ලබැඳිය'

සිත නිවනු වස්
සිසිල් දිය බිඳු අමදින
ඇය නිවනු පිණිස
අලංකෘත මැවුම් නිමවන
සොඳුරු හදවත...

රික්තයක් තුළ
අසම්මත වූ ප්‍රේමයක්
අතරමන් වී ඇත....

No comments:

Post a Comment