Monday, April 11, 2016

ග්‍රහ මාරුව...























පාර ලඟට හොරෙන් ඇවිත්
පාට පාට සේල් අතරේ
ලිතක් පොතක් අතේ තියන්
අවුරුද්දට දින ගැන්නා...

කොහා වෙනදා වගේ නෙමෙයි
කලින් සින්දු කියපු නිසා
අරවා මේවා ඉල්ලා ඉල්ලා
කොහාට කලියෙන් අවුරුදු දූ කුමරිය සිත් මවනවා...

ඉටි එරබඳු මල් පිපිලා
කොටුව පුරා රතට රතේ
අවුරුදු සිරි රබන් පදත්
විරිඳු කවි ලෙසින් ඇසෙනවා...

කළු ඔළුගෙඩි සයුරු තෙරේ
සිතිජ ඉමක් නොපෙනෙන සේ
අවුරුදු උණුසුම අතරින්
අහස් ඉමක ඉගිලෙනවා...

කැවුම් කොකිස් මුදල් ගිලින
පිටි තෙල් පැණි පහුරු බැඳන්
නෑගම් යන හට්ටි මුට්ටි
ලෝන් එකෙන් හිත් පිරෙනවා...

ලිතයි පොතයි දෙකම වෙන්නේ
රුපියල් පනහක් විතරයි
නැකත් පලාඵල විස්තර ලග්න පලාඵල විස්තර
ලිතයි පොතයි දෙකම අරන් ගෙදර ගිහින් බලා ගන්න...

ගිනි රස්නෙට තාර කට්ට
සෙරෙප්පු අඩියේ ඇලිලා
පිංතාලියේ වතුර හිඳිලා
දිව ගිලෙන්න ඔන්න මෙන්න...

කළු මල්ලිට මුද්ද තියලා
රෝල් කරපු ලෝන් එකෙන්
මල් ගවුමයි චීත්තයයි අළුත් හට්ටි මුට්ටි කැවිලි
අතින් කරින් එල්ලාගෙන හිතේ බරක් පුරවාගෙන...

ග්‍රහයෝ අරහේ මෙහේ කැරකිලා
අපේ හීන හොරෙන් අරන්
අවුරුදු සිරි හදේ ඇඳී
පාට පාට හීන අතරේ රටම එක සිතක් වෙනවලු...

No comments:

Post a Comment