Tuesday, April 12, 2016

සතුට සාමය ඉතිරේවා...

அனைவருக்கும் ஒரு புத்தாண்டு சந்தோஷமாக சமாதான நாம்..!!

සැමට සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..!!

















දේවතාවි රන් පුදසුන
සොයා ඇවිත් සතුට අරන්
සමන් පිච්ච මල් දෙවැටේ
පිච්ච පොකුරු මල් මාලා...

රන්ගෝලී මල් සැරසිලි
ගෙපැල ලඟින් හිනහෙනකොට
කුට්ටු විලක්කුවේ එළියෙන්
කෝලම් මල් එළිය වැටී...

රතු පාටින් රතු තිලකේ
පැහැයට තොල් පාට වැටී
පසලොස්වක සඳ එළියෙන්
කෝවිල ලඟ සිරි දෙවඟන...

කිරි සුවඳින් ඇල් සහලින්
පැණි රසයෙන් සිත් මත් වී
නැවුම් පැතුම් දෝරේ ගලා
ඉතිරෙන ආදර සෙනෙහස...

හිරු වඩිනා සිත් මඬලට
නවමු චිත්ත රූ පැමිණෙන
සංක්‍රාන්ති පරවි රෑන්
සුදු රැස් ගෙන වඬිනු මැනවි...

No comments:

Post a Comment