Thursday, March 24, 2016

යේසුස් ගේ ප්‍රේම වාදය...
















අත්ල ඇණ මත ගැටී හිරවී
රත්ත ලේ බිඳු සොඳුරු නෙත් මත
කුරුස කණු මත සිරව සිතුවිලි
මුදුන් මත කඳු සිඛර සිරසේ...

තෙදැති මුහුණේ ප්‍රේමයේ රැළි
සිරව නිර් ධන සුසුම් හැඟුමන්
පතා නිර් ධන අරගලේ ජය
යදී ජනයන් පතා නිදහස...

සිතිජ හිරු රැස් මැලව මල රැස්
ප්‍රේමයේ ජය ඉවත ලා හිඳ
සුදු වළාකුළු අඳුරු ධජ සේ
ලෙල දෙමින් ජය නඟයි සාමයේ...

තුලාවට බර නොවී සමබර
වැඩවසම් රජ සිටුවරුන් හිඳ
පඬුරු බෙදමින් අහුරු පමණින්
රතු වයින් තොල් සතුටු වඟුරයි...

මැඳුම් මඟ වූ ප්‍රේමයේ මඟ
අසල හිඳ මග තොටින් නික්මව
යෝද මිනිසෙකු සිටී කුරුසියේ
ප්‍රේම වාදය ලොව සපථ කල...


 සිතුවම Michael D. Hanson විසින්

No comments:

Post a Comment