Thursday, March 3, 2016

නැවත එන්න දෙවෙන්දොරා...












අහස පුරා කළු අඳුරිත
මූසල හිම වැටෙන රැයේ
සකුරා මල් මත හිම කැට
පොකුරු පොකුරු සුදු තරු කැට...

මතක සිතේ ඔබේ හැඟුම්
ඇසි පිය යට තුරුළු වෙලා
සීතල හද උණුසුම් කර
නැවත එන්න දෙවෙන්දොරා...

මිදෝරියා අවන්හලේ
කෝපි සුවඳ එහි තනි වී
නිල් ගුවනේ දුම් වළාව
දසත පුරා සුදු දුම් රැල්...

සීතල ගත වී උණුසුම්
සිතට නැඟී කබුකි රැඟුම්
තනි වී ඔබේ මතක රැඟුම්
නැවත එන්න දෙවෙන්දොරා...

පාළු මගෙහි ඔබේ සිතුවම්
මැවී පෙනෙයි මායා සේ
හිම කැට පිරි කුණාටු වැසි
සිතුවම් බොඳ කර සායම්...

සයොනාරා නොකී ගමන
ඔබත් ගිහින් මා තනි කර
කබුකි රඟහලේ දුන් ගිවිසුම
සමඟ එන්න දෙවෙන්දොරා...

මළගිය ඇත්තන් කැටුවම
නැවත එන්න දෙවෙන්දොරා....

No comments:

Post a Comment