Monday, March 7, 2016

නිහඬ කල්පිතයන්...


















කැමරා කාචයකි ඇස අසල
සොඳුරු , දුක්ඛිත , බියසුළු දසුන් මවනා
සැඟව මා එහි කොණක
නගනු පිණිස සේයා රුවට
ඒ නිහඬ කල්පිතයන්...


HIV බෙදුම්වාදය
------------------

හදවතේ ගැඹුරටම වැද රිදුම් දෙන
ලපටි කඳුළු බිඳු අඟ
මව් සෙනෙහස උතුරා යන අයුරු
දුටුවෙමි
සමාජ අත්මාර්ථයන්ට නොදෙවෙනිව...
අහම්බෙන් දුටිමි
කැමරා කව තුළින්
HIV නම් නොසෑදෙන බව
කිතුනුවන්ට , ඉස්ලාමීන් හට
සාක්ෂි නැති මරණයක් සේ
නැගී ආ ඒ භේදය
දසුන් විය ඒ අසාධාරණය...


ප්‍රේමයේ සුවය
---------------

නොලත් ප්‍රේමයේ සුවය
දුටිමි චතුරස්‍රයේ හිඳ
ලබන අපූරුව
කාමරයකට කොටු නොවී විවෘතව,
කතා වැලක් මත තනි වූ ඒ සිනා රැල් අඟ
නිදහසේ සිතුවිලි නිදහසේ පාවෙමින්...
පාවෙනා ඒ සිතුවිලි
ඉබාගාතේ ඉඟිලෙන
රෞද්‍ර විහඟුන් ඩැහැගෙනා යන අයුරු
දසුන් විය කැමරා කව තුළින්...


-------------------------
සියළු හැඩතල දුටිමි
කව තුළින් විනිවිදව
නොහඳුනන අරුත් ඇති
ඒ දසුන්,
ධනවාදී ද
සමාජවාදී ද
කිව නොහැක
මන්ද තුළාවට බර සමානය....

No comments:

Post a Comment