Thursday, March 24, 2016
යේසුස් ගේ ප්‍රේම වාදය...
අත්ල ඇණ මත ගැටී හිරවී
රත්ත ලේ බිඳු සොඳුරු නෙත් මත
කුරුස කණු මත සිරව සිතුවිලි
මුදුන් මත කඳු සිඛර සිරසේ...
තෙදැති මුහුණේ ප්‍රේමයේ රැළි
සිරව නිර් ධන සුසුම් හැඟුමන්
පතා නිර් ධන අරගලේ ජය
යදී ජනයන් පතා නිදහස...
සිතිජ හිරු රැස් මැලව මල රැස්
ප්‍රේමයේ ජය ඉවත ලා හිඳ
සුදු වළාකුළු අඳුරු ධජ සේ
ලෙල දෙමින් ජය නඟයි සාමයේ...
තුලාවට බර නොවී සමබර
වැඩවසම් රජ සිටුවරුන් හිඳ
පඬුරු බෙදමින් අහුරු පමණින්
රතු වයින් තොල් සතුටු වඟුරයි...
මැඳුම් මඟ වූ ප්‍රේමයේ මඟ
අසල හිඳ මග තොටින් නික්මව
යෝද මිනිසෙකු සිටී කුරුසියේ
ප්‍රේම වාදය ලොව සපථ කල...
සිතුවම Michael D. Hanson විසින්
Thursday, March 17, 2016
ලඟ එන අවුරුද්ද...
නීල තුරුපත් අතර
තනි වූ,
වතු සුදු මලකි හඬන
තනි වී පස් පිඩැල්ලක් මත
ලඟ එන අවුරුද්ද දැක දැක...
පස් මතින් නැගෙන ජීවය
වතු සුදු මලේ නුඹේ පෙති මත රැදෙන
කඳුළු බිඳුවකි,
කිරි කඳුළු බිඳුවේ
රැගෙන යන්න
සිනා මල් පොකුරු
මා බිළිඳු පුත් තොල් මතට...
එරබඳු මලේ
නුඹට මා හඬ ඇහෙනවද
ලඟ ලඟම එනවා අවුරුද්ද
සතුටු සිත් පුරවන්න,
අවුරුද්ද ලඟ හඬන
මා ප්‍රිය සමිඳු ලඟ...
කැවුම් කොකිසේ
මා හඬ නුඹට ඇහෙනවද
ලඟ ලඟම එනවා අවුරුද්ද
නුඹලව සොයාගෙන,
සලසන්න නුඹේ සෙනෙහස
මා ලබැඳි සිත් කැඳැල්ලට...
සුදු පාට හුණු තැවරුනු
බිත්ති කුළු මත
දැනෙයි අවුරුදු සුවඳ
පෙර සේම මා හට,
කොහෝ ගී ගයයි පෙර සේම
කණ වැකෙයි ශෝක ගී හඬ...
සුදු පරවියනි නැවත එන්න
ලඟ ලඟම එනවා අවුරුද්ද
රැගෙන ගොස් මා සතපන්න
බලාපොරොත්තුවේ සයන මත,
නැවත රැගෙන එනු පිණිස
අවුරුදු සතුට...
Wednesday, March 9, 2016
මහළු ප්‍රේමය...
මා රැගෙන යන්නට ඇවැසිය
මා පසු පස හඹා දිව එන
පිණි දිය පොකුරු වන්
ඒ නිත්‍යක් නොවූ සුළඟට...
මා ලයෙහි තුරුළුව
ගත වෙළී සිත පෙළන
සෙවනැලි අතර සැඟවෙන
පොකුරු පෙණ මත විසිරෙන
ඒ වෙහෙස,
ඔබේ දෑත් මත සඟවන්න කාලයකි මෙය...
තුරඟෙකු මතින් නැගි
නිල් අහස මත දිවන
ගව් දහස් දුර සැරිසරන
චිත්ත මනෝකාය
සුසුම් පිරි, පැතුම් මත
හිනහෙන්නට වෙර දරන අරුමය...
මා විඩා නිවන්නට
ඇවැසි ජීවය
මිරිඟු වැලි කතරක
සිසිල් දිය පහසක සඟවන
පෙම්බරිය,
ඉඩ දෙන්න සත්‍ය සොයා පියඹන්නට...
ගිලුණු නැව
මල බැඳෙන්නට හැර
බලා හිඳ සුසුම් නොහෙලන්න
ඔබේ වර, නොලත් වරම ලැබ
ඉඩ දෙන්න සුළඟට
නැවත හදවත වෙලන්නට....
Monday, March 7, 2016
නිහඬ කල්පිතයන්...
කැමරා කාචයකි ඇස අසල
සොඳුරු , දුක්ඛිත , බියසුළු දසුන් මවනා
සැඟව මා එහි කොණක
නගනු පිණිස සේයා රුවට
ඒ නිහඬ කල්පිතයන්...
HIV බෙදුම්වාදය
------------------
හදවතේ ගැඹුරටම වැද රිදුම් දෙන
ලපටි කඳුළු බිඳු අඟ
මව් සෙනෙහස උතුරා යන අයුරු
දුටුවෙමි
සමාජ අත්මාර්ථයන්ට නොදෙවෙනිව...
අහම්බෙන් දුටිමි
කැමරා කව තුළින්
HIV නම් නොසෑදෙන බව
කිතුනුවන්ට , ඉස්ලාමීන් හට
සාක්ෂි නැති මරණයක් සේ
නැගී ආ ඒ භේදය
දසුන් විය ඒ අසාධාරණය...
ප්‍රේමයේ සුවය
---------------
නොලත් ප්‍රේමයේ සුවය
දුටිමි චතුරස්‍රයේ හිඳ
ලබන අපූරුව
කාමරයකට කොටු නොවී විවෘතව,
කතා වැලක් මත තනි වූ ඒ සිනා රැල් අඟ
නිදහසේ සිතුවිලි නිදහසේ පාවෙමින්...
පාවෙනා ඒ සිතුවිලි
ඉබාගාතේ ඉඟිලෙන
රෞද්‍ර විහඟුන් ඩැහැගෙනා යන අයුරු
දසුන් විය කැමරා කව තුළින්...
-------------------------
සියළු හැඩතල දුටිමි
කව තුළින් විනිවිදව
නොහඳුනන අරුත් ඇති
ඒ දසුන්,
ධනවාදී ද
සමාජවාදී ද
කිව නොහැක
මන්ද තුළාවට බර සමානය....
Subscribe to:
Posts (Atom)



