හදේ නිරුවත
වසා හිනහුන
ලයේ පැතුමඟ
නිවී සැනහුන
තෙමී ගිය නෙත්
පුරා දඟකල
මගේ සිහිනයේ
දියුණුවයි නුඹ..
කොත් මුඳුන් මත
පහස විඳ ඔබ
ප්‍රිතීයෙන් ළැම
තුරුලේ සැනසුනු
සිනා තොට සිත
ගතින් පිරිමැද
වැටුනු අව් වැසි
මා දරා වුමි..
කුලී දැලි මත
දවසේ පනමට
ගෙවා දවසම
සිල්ප සැදුවෙමි
ස්විප් ටිකටුත්
නටා මඟ තොට
වරම් සැදුවෙනි
ඔබට සරසවි..
ලොවක උණුසුම
සැම හටම පිදු
ලොවක් සනසා
යහන් මත දුටු
කවුද නොදනිමි
ඔබ ඇසූ කල
වටහා දෙනු වස්
ඔබේ පියතුම..
සොයා සුර සැප
මතින් ගිය දුර
නතර වූවෙමි
ඔබත් සමඟින්
තනිව යන්නට
නුඹට දැන් හැකි
මා ද නවතිමි
නොපෙන දුරකින්...
Sunday, January 24, 2016
Saturday, January 23, 2016
සමුදුරක පැතුම...
සප්ත සමුදුරු
මත සිසාරා
නැගෙන සිත් කළු
සිතුම් පොදි බැඳ
පිහින සැනසෙමි
සීත දිය රැලි
ලය හදෙහි රැඳි
ඔබත් සමඟින්...
මෝර සැඩ සැර
යක්ෂ රකුසන්
මං බලා හිඳ
පහර දෙයි නුඹට මට
රැක නුඹේ මගේ
දිවිය සඟවා
සැඟව පැන යමු
යටින් දිය පර කොරල් අතරින්..
මරු වැලින් අත
සැඟවා ගෙන සිත්
පොදි ගැසී මග
සිටී රකුසන්
ඔහුන් නොදනී
නුඹෙද මා හද
ගැහෙන වේගය
දැනී මර බිය..
රකුසු සිත් ඇති
ඔවුන් සිතනා
අයුරු නොදනිමි
අසුර ලොව අප
කෙසේ වුව මුත්
අපද ඔවුනද
පතනුයේ
රැක ගන්න ජීවය..
රකුසු ලොව
රජ නීති හැදිල ලු
නොමරණා ලෙස
සත්ව ගෝ කුල
එකී කුලයෙහි
ඔවුන් පමණද
සුදුසුකම් ලද
පිරිස අභයට...
මත සිසාරා
නැගෙන සිත් කළු
සිතුම් පොදි බැඳ
පිහින සැනසෙමි
සීත දිය රැලි
ලය හදෙහි රැඳි
ඔබත් සමඟින්...
මෝර සැඩ සැර
යක්ෂ රකුසන්
මං බලා හිඳ
පහර දෙයි නුඹට මට
රැක නුඹේ මගේ
දිවිය සඟවා
සැඟව පැන යමු
යටින් දිය පර කොරල් අතරින්..
මරු වැලින් අත
සැඟවා ගෙන සිත්
පොදි ගැසී මග
සිටී රකුසන්
ඔහුන් නොදනී
නුඹෙද මා හද
ගැහෙන වේගය
දැනී මර බිය..
රකුසු සිත් ඇති
ඔවුන් සිතනා
අයුරු නොදනිමි
අසුර ලොව අප
කෙසේ වුව මුත්
අපද ඔවුනද
පතනුයේ
රැක ගන්න ජීවය..
රකුසු ලොව
රජ නීති හැදිල ලු
නොමරණා ලෙස
සත්ව ගෝ කුල
එකී කුලයෙහි
ඔවුන් පමණද
සුදුසුකම් ලද
පිරිස අභයට...
Friday, January 22, 2016
නීල සිත්තම...
බැඳුනු දුටු වරදින්
ඊවා සමඟ ආදම්,
සැර කර වරද දෙවියන්
නෙරපා හැරියා රැඳුනු විමනින්...
සකල කම්පිත ස්වරයෙන්
කඳුළු රූටා දෙනෙතින්
නඟා පා රළු ගමනින්
නතර වූවා සිරි ලංකා දීපයෙන්...
සොයා මඟ පිරි සරයන්
සෝ ගිනි ලතවුලෙන්
යන විට සොයා භවනක්
දුටුවා සමන් ගිරි පවුවක්...
සමඟ නෙතු මත කඳුලින්
නඟා ඔසවා දෙපා හඬමින්
තබා ඊවා සිතෙහි කොනකින්
නැඟුනා අහස් ගිරි ශිඛර ඉහළින්...
නෙතඟින් වැටුනු කඳුලන්
සිප ගිරි ශිඛර ධාතුන්
තැනුවා නීල රත්නයන්
රඳවා මතකයෙහි ආදම්...
ඇතිදා දස රාජ ධර්මයන්
නැඟී විසිරී පොළෝ තලයෙන්
නිවා ජන හද දුක් තැවුල්
මතුව නැඟී දිදුලයි නීල රත්නයන්...
ඊවා සමඟ ආදම්,
සැර කර වරද දෙවියන්
නෙරපා හැරියා රැඳුනු විමනින්...
සකල කම්පිත ස්වරයෙන්
කඳුළු රූටා දෙනෙතින්
නඟා පා රළු ගමනින්
නතර වූවා සිරි ලංකා දීපයෙන්...
සොයා මඟ පිරි සරයන්
සෝ ගිනි ලතවුලෙන්
යන විට සොයා භවනක්
දුටුවා සමන් ගිරි පවුවක්...
සමඟ නෙතු මත කඳුලින්
නඟා ඔසවා දෙපා හඬමින්
තබා ඊවා සිතෙහි කොනකින්
නැඟුනා අහස් ගිරි ශිඛර ඉහළින්...
නෙතඟින් වැටුනු කඳුලන්
සිප ගිරි ශිඛර ධාතුන්
තැනුවා නීල රත්නයන්
රඳවා මතකයෙහි ආදම්...
ඇතිදා දස රාජ ධර්මයන්
නැඟී විසිරී පොළෝ තලයෙන්
නිවා ජන හද දුක් තැවුල්
මතුව නැඟී දිදුලයි නීල රත්නයන්...
ලබැඳි ස්වප්නය...
කිතුල් රෑනක වන්
නීල පිල් මොණරෙකුගේ වන්
තිබූ හැඩ රැහැන්
කපා ලෙයර්ස්
හැඩති රුවලක වන්..
නඟා පා ඉඟ රුවන්
දෙවුර වසමින් සළුපටින්
නොසිතුවෙමි දැක්මට ළැම පියුම්
දීග යන්නට මත්තෙන්..
ස්වප්න සිත දොවමින්
හඬන දරු සුරතල්
සිනා පාමින් මනරම්
නිදනු දුටුවෙමි
මත හංස පියුමන්..
ගත රැඳුනු විඩාපත්
රැයක හද විල් පහන්
සමාධිව උණුසුමින්
සිතින් වැඩුවෙමි අනුහස්
ලැබුමට ලොවක සුවයන්..
එක් රැයකි සුමදුරන්
වශිකෘත මත් ස්වරයෙන්
සැලුනු ළැම සළු පටින්
ඔබත් දුටුවද "එන්රික්"
පෙර මා ලබැඳි ස්වප්නයන්...
Subscribe to:
Posts (Atom)



