Thursday, January 28, 2016
එකම කුසක්... (ආදරයේ කතාව)
අඳුරු කුටියේ සිරවීලා
අත පය දෙක වකුටු කරන්
තව කොච්චර කල් ඉන්නද
ඕන කියලා මට කියන්න..
උණුසුම් වායුවෙන් පිරුනු
ඝණ වටකුරු කුටීරයේ
තව කොච්චර කල් ඉන්නද
ඕන කියලා මට කියන්න..
අඳුරු මතක හිතේ පිරිලා
ඒවා මාව බය කරනවා
ඔබේ තුරුලේ සැඟවෙන්නට
කාලේ ලඟද මට කියන්න..
වෙඩි හඬවල් මට ඇහෙනවා
මගේ අප්පාව මතක් වෙනවා
ඔබේ හදවතේ කඳුලැලි
ඇදත් එදා වගේ ඇසෙනවා..
තල් අතු වහලය හැදුවද
තාම ඉන්නේ කෝවිලේද
ඔබත් සමඟ මා ඉන්නා
බව ස්වාමිත් දන්නවාද..
ඔබ උදේට බත් කෑවද
බඩගින්නක් මට නම් නෑ
තාම කාලා නැත්නම් ඔබ
දැන් උදේට කාලා ඉන්න..
ඉදහිට සිංහල ඇහෙනවා
පිරිත් බණ පදත් ඇහෙනවා
ඔබේ තනියට දැන් සිංහල
යාළුවෝ ඉන්නවා නේද..
පන්සලේ ඝණ්ඨාර හඬින්
ඉඳහිට මගේ සිත පිරෙනවා
කෝවිල් යන අතරමඟින්
ඔබ දැන් පන්සල් යනවද..
යුද්දේ තාම තියෙනවනම්
සැඟවීලා තව ඉන්නම්
යුද්දේ ඉවර වුනු විගසම
මම ඉක්මනටම එන්නම්..
මම එළියට එන දිනයට
සාමයේ මල් පිපී තියෙයි
ජාති භේද තුරන් වෙලා
මිනිසුන් ආදරෙන් ඉදී..
මගේ අම්මත් පරෙස්සමින්
මා එනතුරු ටිකක් ඉන්න
හිතේ දුකක් හෙම තිබුණොත්
කණට කරලා මට කියන්න..
Tuesday, January 26, 2016
පංච චින්තන...
සයුරෙන් එතෙර
ඇත් පවුරකි
තම වර්ගීය සුසුමන් මත හිඳ
රහස් කොඳුරන..
සයුරෙන් මෙතෙර
දිදුලන ධවල කඳු පෙලකි
ලවණ මිශ්‍රිත සුසුම් රැල්
මතින් ගිනියම්ව දිදුලන..
කෑදර රත් පැහැති
කළු ගෝල රැසකි
තණ්හාව වගුරුවා
සුසුම් රැල් ගිලින..
සුදු පියුම් මත හිඳින
පිණි පොකුරු වැලකි
මෛතී ගුණ වඩන
කරුණාව පුබුදුවන..
අවකාශ ආක්‍රමණික
හිස් ආත්මයන් පොදියකි
තම අලංකෘත සම්පත හේතුවෙන්
මරණයේ සුව විඳින...
එකම ජාතියක දේශපාලනය.. (ආදරවාදය)
කළු පාටින්
අහස වැසූ
ඇඳිරි නීති
රට කලබල
තිබුණු කලක
මාත් සමඟ
පාසල් ගිය අබ්දුල්ලා..
එක පැන්සල
දෙකට කඩා
කොටු කොලයක්
දෙකට ඉරා
උඹ මාවද මා උඹවද
ඇඳපු හැටිය බොට මතක්ද
මාත් සමඟ අබ්දුල්ලා..
උඹ නෝම්බි අල්ලනකොට
උඹේ පංගු මා හට දී
මා කනවා හැටි බල බල
උඹ හිනැහුනා අබ්දුල්ලා..
මාත් සමඟ පන්සල් ගොස්
මල් කඩලා පැන් ඉහලා
බුදුන් පුදන්නට මට දී
ගල් කණු ලඟ වාඩි වෙලා
උඹ සිටියා අබ්දුල්ලා..
රාමසාන් සඳ බලන්න
ආපු වෙලේ උඹේ ගෙදරට
කන්න බොන්න
ඉදුම් හිටුම්
නුඹ දුන්නා අබ්දුල්ලා..
පිට්ටනියේ ක්‍රිකට් ගසා
වැටුනු වෙලේ තුවාලා වී
මට රිදිලා අඬන විටදි
උඹත් ඇඬුවා අබ්දුල්ලා..
මගේ අම්මට උණ සැදිලා
බෙහෙත් ගන්න සල්ලි නැතුව
සිටින වෙලේ
කැටේ කඩා
නුඹ දුන්නා අබ්දුල්ලා..
අවුරුදු ගානක් ගෙවිලා
උඹයි මායි
දැන් තරුණයෝ
වෙනසක් නෑ
ඒදා වගේ
අපි මිතුරෝ නේ අබ්දුල්ලා...
අහස වැසූ
ඇඳිරි නීති
රට කලබල
තිබුණු කලක
මාත් සමඟ
පාසල් ගිය අබ්දුල්ලා..
එක පැන්සල
දෙකට කඩා
කොටු කොලයක්
දෙකට ඉරා
උඹ මාවද මා උඹවද
ඇඳපු හැටිය බොට මතක්ද
මාත් සමඟ අබ්දුල්ලා..
උඹ නෝම්බි අල්ලනකොට
උඹේ පංගු මා හට දී
මා කනවා හැටි බල බල
උඹ හිනැහුනා අබ්දුල්ලා..
මාත් සමඟ පන්සල් ගොස්
මල් කඩලා පැන් ඉහලා
බුදුන් පුදන්නට මට දී
ගල් කණු ලඟ වාඩි වෙලා
උඹ සිටියා අබ්දුල්ලා..
රාමසාන් සඳ බලන්න
ආපු වෙලේ උඹේ ගෙදරට
කන්න බොන්න
ඉදුම් හිටුම්
නුඹ දුන්නා අබ්දුල්ලා..
පිට්ටනියේ ක්‍රිකට් ගසා
වැටුනු වෙලේ තුවාලා වී
මට රිදිලා අඬන විටදි
උඹත් ඇඬුවා අබ්දුල්ලා..
මගේ අම්මට උණ සැදිලා
බෙහෙත් ගන්න සල්ලි නැතුව
සිටින වෙලේ
කැටේ කඩා
නුඹ දුන්නා අබ්දුල්ලා..
අවුරුදු ගානක් ගෙවිලා
උඹයි මායි
දැන් තරුණයෝ
වෙනසක් නෑ
ඒදා වගේ
අපි මිතුරෝ නේ අබ්දුල්ලා...
Sunday, January 24, 2016
පැතුමක නිමාව...
හදේ නිරුවත
වසා හිනහුන
ලයේ පැතුමඟ
නිවී සැනහුන
තෙමී ගිය නෙත්
පුරා දඟකල
මගේ සිහිනයේ
දියුණුවයි නුඹ..
කොත් මුඳුන් මත
පහස විඳ ඔබ
ප්‍රිතීයෙන් ළැම
තුරුලේ සැනසුනු
සිනා තොට සිත
ගතින් පිරිමැද
වැටුනු අව් වැසි
මා දරා වුමි..
කුලී දැලි මත
දවසේ පනමට
ගෙවා දවසම
සිල්ප සැදුවෙමි
ස්විප් ටිකටුත්
නටා මඟ තොට
වරම් සැදුවෙනි
ඔබට සරසවි..
ලොවක උණුසුම
සැම හටම පිදු
ලොවක් සනසා
යහන් මත දුටු
කවුද නොදනිමි
ඔබ ඇසූ කල
වටහා දෙනු වස්
ඔබේ පියතුම..
සොයා සුර සැප
මතින් ගිය දුර
නතර වූවෙමි
ඔබත් සමඟින්
තනිව යන්නට
නුඹට දැන් හැකි
මා ද නවතිමි
නොපෙන දුරකින්...
වසා හිනහුන
ලයේ පැතුමඟ
නිවී සැනහුන
තෙමී ගිය නෙත්
පුරා දඟකල
මගේ සිහිනයේ
දියුණුවයි නුඹ..
කොත් මුඳුන් මත
පහස විඳ ඔබ
ප්‍රිතීයෙන් ළැම
තුරුලේ සැනසුනු
සිනා තොට සිත
ගතින් පිරිමැද
වැටුනු අව් වැසි
මා දරා වුමි..
කුලී දැලි මත
දවසේ පනමට
ගෙවා දවසම
සිල්ප සැදුවෙමි
ස්විප් ටිකටුත්
නටා මඟ තොට
වරම් සැදුවෙනි
ඔබට සරසවි..
ලොවක උණුසුම
සැම හටම පිදු
ලොවක් සනසා
යහන් මත දුටු
කවුද නොදනිමි
ඔබ ඇසූ කල
වටහා දෙනු වස්
ඔබේ පියතුම..
සොයා සුර සැප
මතින් ගිය දුර
නතර වූවෙමි
ඔබත් සමඟින්
තනිව යන්නට
නුඹට දැන් හැකි
මා ද නවතිමි
නොපෙන දුරකින්...
Subscribe to:
Posts (Atom)



