Sunday, July 26, 2015

පාප්ප..

සුන්දර කාෂ්ඨක
රළු පොළව මත
ඒකාකර ස්කන්ධයෙන්
සැදුම් ලත්
වචනයේ පරිසමාප්ත
අර්තයෙන්ම
ඒ කාෂ්ඨක වූ භූමියට
බරක් වු
ඒ සුන්දර ඉදිවීම
එක්තරා අවස්ථාවාදියෙකුට
රත්ත වර්ණී
පිළිගැනීමකට
තම පහස
තම පහසේ උණුසුම
ලබා දීමට
පිලිවෙතින් සැරසෙනුයේ
ඒ කාෂ්ඨක වූ භූමියට
තවත් බරක් වෙමිනි...
ඒ පහසේ වැකෙන
ධවල වර්ණී
පල්පය මත
චිත්තාකර්ෂණීය වූ ද,
සුන්දර වු ද,
මුද්‍රණාක්ෂර මුහුණත්
කියාපානුයේ
තම ඊනියා ශේෂ්ඨ බවය...
















බොක්කු උඩ
පාලම් උඩ
විවිධ වු ද
වර්ණවත් වු ද
අසිරිමත් වු ද
ඊනියා චින්තනයන්
පල්පයක් මත
සටහන් වු කල
එළුවන්ට රජ මඟුල් ය
නමුත්,
දවස් පඩි
මාස් පඩි වශයේන්
සොච්චමක් අත මිටි මොලවා ගන්නා
දෙවේලක් ලෙව කා
පණ කෙන්ද ගැට ගසා ගැනීමට
වෙරකන
එවුන්ගේ
බඩ වියත රැකේද??????
එකල්හි,
අවසානයේ සටහන් වනුයේ
ප්‍රශ්ණාත්තයක්ම පමණි...

මෙසේ වන කල, දෙවේලක් ලෙව කා පණ කෙන්ද ගැට ගසා ගැනීමට තටමන ඔබ ද මා ද එළුවෙකු වුනි නම් මෙකල් හි අපටත් රජ මඟුල්ය..


Wednesday, May 20, 2015

කලි යුගයක හික්මීම..

සංක්‍රාන්ති කලි යුගයේ
හෙල්ලුම් කන සමාජයේ
පාලම් උඩ
මේ මගේ නෑයාය,
මිතුරාය,සැමියාය,බිරින්දෑය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා

(මක්නිසාද යත්- මහගම සේකර)

                               නෑයා නොනෑයා අතර වෙනස නොහදුනන, මිතුරාත් හතුරාත් අතර වෙනස නොහදුනන,සැමියා බිරිඳ අතර අවිශ්වාසයන් රජ වන සමජාතීය අලංකාරවත් වූ මානවයාගේ සංක්‍රාන්තිය හෙල්ලුම් කන සමාජයේ දෙදරා යන ඊනියා විශ්වාසයකින් ගොඩ වන්නට තටමන අවිශ්වාසයම පාරුවක් වන්නේය.එවන් වු යුගයක සංක්‍රාන්තියෙන් ඔඳ වැඩි ගිය දහමේ ධර්මතාවයන් වෙනස් වූ ඊනියා ශිෂ්ට සමාජයේ කලි යුගයක අතරමන් වූ මේ මිනිසුන් අන්තෝ ජටා බහි ජටා අතර සිර වුනු මොහුන් කවදා නම් එතර වන්නෙහිද?




















තමාව නොහදුනන
කල්හි,
අන් අයව නොහදුනන
අසිරිමත් ලොවක් කරා
පියමන් කරන්නා වූ..
කලි යුගයක අතරමන් වූ
නොහඳුනන පුතයා
අධර්මයේ ශක්තියෙන්
පුශ්ටිමත්ව
සමාජීය පොරක් වන්නට
වැර කන,
සමාජයේ ගැඹුරට පිහිනා නොගොස්
ගොඩ පිහිනමින්
තමගේ ඇසෙහි ඇති
පොල් පරාලය නොදැක
සිටින්නා,
කවදා නම්
අන්තෝ ජටා බහි ජටාවෙන්
මිදෙන්නෙහිද...
එවන් වූ අයෙකු
සැබවින්ම දිනක
පසු තැවෙනුයේ
එකල්හි
තමාව හඳුනා ගනීමට
තමාටම නොහැකි වූ බැවිනි...
එකල් හි "ඔහු"
සැබවින්ම සමාජයෙන්
තහරින ද්දෙකි.

Monday, March 9, 2015

ප්‍රථම උද්භවය, මිනිසා ද??

                                              උසාවිය නිහඬය, සැවොම බලා සිටිනුයේ ඔහුගේ පාපොච්චරණය දෙසය. සත්‍ය වශයෙන්ම ඔහු වැරදි කරුය, එය සැවොම දන්නා නොසැගවෙන කරුනකි. එය ඔහුද දන්නා කරුණකි. රටක ඉතිහාසය තුල සිදුකල භයානකම මෙන්ම අනුකම්පා විරහිත වරදකි, එවන් වූ වරදක චූදිතයා වු ඔහු, ඔහුගේ සිතින් සැමවිටම ඔහු ගැන පසු තැවෙන්නේය.. ඒ, එක් පසකින් ඔහු සිදුකල මහා අපරාදය ගැනය, අනෙත් පසින්.....,

සැවොම කතා කරනුයේ
ඔහු කල අපරාදය ගැනය...
සැවොම කතා කරනුයේ
ඔහු කල සාහසික ක්‍රියාවන් ගැනය...
නමුදු,
ඒ සෑම ක්‍රියාවක්ම
ඔහුගේ මනසේ තිබු දුර්වල බව නිසා
යන වග යම් අයෙකු දුටුවෙහිද???
එ මනස තුල හටගත් දුර්වල බවට
හේතු වූ දේ යම් අයෙකු දුටුවෙහිද???
නැත නැත,
සැවොම බලා සිටියේ ඔහුගේ වැරදි විවේචනය කිරීමටය...
ඔහු කල මහා බියකරු අපරදය,
එය එසේ කිරීමට පාදක වූ කරුන,
ඔහුගේ මනසේ අකාරයට ඔහු එය කලේ කා සඳහා ද,
සමාජය දුටුවේ නැත.....
සමාජය තීරණය සැමවිටම,
ඊනියා ජාතියක් ගැනය,
ඊනියා ආගමක් ගැනය,
උස් පහත් බව ගැනය,
දුප්පත් පොහොසත් බව ගැනය,
නමුත් සමාජය නොසිතන්නේය...,
ආගමටත්, ජාතියටත් පෙර මිනිසා පැමිනෙණ බව
එසේ සමාජය නොසිතනා කල......!!!!!
තම ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්,
තම උස් පහත් බව වෙනුවෙන්,
තම දුප්පත් බව වෙනුවෙන්,
සමාජයෙන් බැට කෑ මානසික වශයෙන් දුර්වල පුද්ගලයා
සැබවින්ම තම අයිතීන් වෙනුවෙන්
අත්මර්තකාමී ත්‍රස්තවාදියෙකු වන්නේය....





                                         මහා අපරාදයක් කල අයෙකු කිසි විටෙක නොදොස් කල නොහැක, ඔහු අපරාදකරුවෙකුම වන්නේය. ඔහුට දිය යුතු දඬුවමද ලිහිල් නොකල යුතුය, මක්නිසාද යත්, ඔහු දෙස බලා සිටින තවත් පුද්ගලයෙකු ඔහු සේම තවත් අපරාදයක් කිරීමට ඉඩ අති හෙයින්.
                                      නමුත් යම් ජූරියක් එසේ තීරණය කලද, අප යම් අපරාදයක් විවෙචනය කරනවා සේම තවත් අසකින් ඒ දෙස බැලිය යුතුය. එ බලන අයුරින්ම තවත් එවන් වූ අපරාදයක් නොවෙන අයුරින් සමාජයේ ජීවත් වන අප ක්‍රියා කිරීමට වග බලා ගත යුතුය. ආගම් භේද, ජාති භේද, පන්ති භේද බඩ බැඳගෙන නලියන මිනිසුන් විශේෂයෙන් මෙ පිලිබඳව සිතිය යුතුය, මක්නිසාද ඔවුන් නිසාවේන් අපරාදකරුවෙකු බිහි වීමේ ඉඩකඩ වැඩි බවිනි.
                                     යම් අයෙකුගේ මරණයය කෙරෙහි යම් අයෙකු සතුටු වන්නෙහිද??? එය ඔබගෙන්ම විමසා බැලිය යුතු වූවකි. මක්නිසාද යත් ඊනියා මනුශ්‍යත්වය බඩ බැඳගත් යම් පුද්ගලයින් යම් යුගයක එසේ සතුටු වූයේ තමා යම් ආගමක් අදහන්නේද එයටත් පටහනි වන ලෙසිනි. එ සතුටට හේතුව ලෙස විවිධ වූ හෙතුන් ඔවුන් විසින් දක්වනේය. නමුත් සැබවින්ම එසේ සතුටු වූ හේතුව ඔබගේ සිත්ම විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් තම අගමට අනුව දිවි ගෙවනා කල අන් අයෙකුට සමාජීය වශයෙන් සිත් තැවුලක් හට නොගන්නේය. විවිධ වූ භේදයන් හට නොගන්නේය. එසේ වන කල සමාජය තුල තවත් ත්‍රස්තවාදයක් හෝ බිහිසුනු යම් අපරාදයක් සිදු නොවන්නේය...


















"අප යම් කිසි අයෙකු යම් කිසි වරදකට හන්වඬු ගැසීමට බලා නොසිටිය යුතුය. නමුත් එම වරද සිදුවීමට හේතු වන පෙර මන් ලකුණු විනාශ කිරීමට බලා සිටිය යුතුය. යම් අයෙකු ජාති වශයෙන්, ආගම් වශයෙන් හෝ පන්ති වශයෙන් නොබෙදිය යුතුය, එය එසේ කල යුතු වන්නේ ආගමටත්, ජාතියටත්, පන්තියටත් පෙර මිනිසෙකු ලෙස අප මෙලොව එලිය දුටු බැවිනි."

Thursday, February 26, 2015

නිරවද්‍ය ඊනියා වැරදිකරුවා...

දිරා ගිය
දංගෙඩියක
සිර වූ නිදහසේ දෝංකාරය,
ආත්මීය නිරවද්‍ය බව
හදවතින් දරාගනිමින්
ඉබා ගතේ සැරි සැරු
කෙහෙඩෑරී වූ මනොකාය,
සිත පතුලට කිමිදෙමින්
තමන්ගේ පාපොච්චාරණය
තමාටම පවසමින්,
දිනෙන් දින ගිලන්වන්නට
තම සත්‍යවාදි බව
තමන්ටම වෙර දුන්නේය...දිරි දුන්නේය...අත දුන්නේය...
නිර්වචනයක අග දැවටුනු
ශක්තිවන්ත බව
එඩිතර බව
වීර්යවන්ත බව
තමන්ට හා තමන් සමඟ සිටියා වුන්ට
පමණක්ම පසක් වූවේය...
අඬහැරයක අඬෝනාව
තම නිර්වද්‍ය බවට පමණක්ම විනා
සමාජය පතුලේ කිමිදෙන
අවිචාරයට නොඇසෙනුයේ
තම හෘර්දයට
තම ඔලුගෙඩිය නොනැමෙනා හෙයිනි....


















ඒ ඔලුගෙඩිය
තම හෘර්දයට නැමෙනා කල
නිර්වද්‍ය වූවෝ
සමාජය විසින් හන්වඩු ගැසු
ජම්පරයකට කොටු නොවන්නේය...
ඊනියා වැරදි කරුවා දෙස
විනිවිදව බැලුවෝ
ඔහු සැබවින්ම වැරදි කරුවෙකු සේ
නොදකින්නේය...
සැබවින්ම ඔහු නිවරදිය,
සැබවින්ම ඔහු සත්‍යගරුකය,
සැබවින්ම ඔහුගේ කොඳු නාරටිය හරි කෙලින්ය...
වැරදි කරුවන්ට නොනැමෙනා
ඊනියා වැරදි කරුවෝ දෙස 
හදවතින් බලනා කල
නැවත නැවතත් ඊනියා වැරදි කරුවෙකු
සමාජයෙන් බිහි නොවන්නේය..
නැවතත් බිහි වනුයේ 
සැබවින්ම වරදක්ම පම්ණක් කල
වැරදි කරුවෙකුම පමණකි...