Monday, March 9, 2015

ප්‍රථම උද්භවය, මිනිසා ද??

                                              උසාවිය නිහඬය, සැවොම බලා සිටිනුයේ ඔහුගේ පාපොච්චරණය දෙසය. සත්‍ය වශයෙන්ම ඔහු වැරදි කරුය, එය සැවොම දන්නා නොසැගවෙන කරුනකි. එය ඔහුද දන්නා කරුණකි. රටක ඉතිහාසය තුල සිදුකල භයානකම මෙන්ම අනුකම්පා විරහිත වරදකි, එවන් වූ වරදක චූදිතයා වු ඔහු, ඔහුගේ සිතින් සැමවිටම ඔහු ගැන පසු තැවෙන්නේය.. ඒ, එක් පසකින් ඔහු සිදුකල මහා අපරාදය ගැනය, අනෙත් පසින්.....,

සැවොම කතා කරනුයේ
ඔහු කල අපරාදය ගැනය...
සැවොම කතා කරනුයේ
ඔහු කල සාහසික ක්‍රියාවන් ගැනය...
නමුදු,
ඒ සෑම ක්‍රියාවක්ම
ඔහුගේ මනසේ තිබු දුර්වල බව නිසා
යන වග යම් අයෙකු දුටුවෙහිද???
එ මනස තුල හටගත් දුර්වල බවට
හේතු වූ දේ යම් අයෙකු දුටුවෙහිද???
නැත නැත,
සැවොම බලා සිටියේ ඔහුගේ වැරදි විවේචනය කිරීමටය...
ඔහු කල මහා බියකරු අපරදය,
එය එසේ කිරීමට පාදක වූ කරුන,
ඔහුගේ මනසේ අකාරයට ඔහු එය කලේ කා සඳහා ද,
සමාජය දුටුවේ නැත.....
සමාජය තීරණය සැමවිටම,
ඊනියා ජාතියක් ගැනය,
ඊනියා ආගමක් ගැනය,
උස් පහත් බව ගැනය,
දුප්පත් පොහොසත් බව ගැනය,
නමුත් සමාජය නොසිතන්නේය...,
ආගමටත්, ජාතියටත් පෙර මිනිසා පැමිනෙණ බව
එසේ සමාජය නොසිතනා කල......!!!!!
තම ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්,
තම උස් පහත් බව වෙනුවෙන්,
තම දුප්පත් බව වෙනුවෙන්,
සමාජයෙන් බැට කෑ මානසික වශයෙන් දුර්වල පුද්ගලයා
සැබවින්ම තම අයිතීන් වෙනුවෙන්
අත්මර්තකාමී ත්‍රස්තවාදියෙකු වන්නේය....





                                         මහා අපරාදයක් කල අයෙකු කිසි විටෙක නොදොස් කල නොහැක, ඔහු අපරාදකරුවෙකුම වන්නේය. ඔහුට දිය යුතු දඬුවමද ලිහිල් නොකල යුතුය, මක්නිසාද යත්, ඔහු දෙස බලා සිටින තවත් පුද්ගලයෙකු ඔහු සේම තවත් අපරාදයක් කිරීමට ඉඩ අති හෙයින්.
                                      නමුත් යම් ජූරියක් එසේ තීරණය කලද, අප යම් අපරාදයක් විවෙචනය කරනවා සේම තවත් අසකින් ඒ දෙස බැලිය යුතුය. එ බලන අයුරින්ම තවත් එවන් වූ අපරාදයක් නොවෙන අයුරින් සමාජයේ ජීවත් වන අප ක්‍රියා කිරීමට වග බලා ගත යුතුය. ආගම් භේද, ජාති භේද, පන්ති භේද බඩ බැඳගෙන නලියන මිනිසුන් විශේෂයෙන් මෙ පිලිබඳව සිතිය යුතුය, මක්නිසාද ඔවුන් නිසාවේන් අපරාදකරුවෙකු බිහි වීමේ ඉඩකඩ වැඩි බවිනි.
                                     යම් අයෙකුගේ මරණයය කෙරෙහි යම් අයෙකු සතුටු වන්නෙහිද??? එය ඔබගෙන්ම විමසා බැලිය යුතු වූවකි. මක්නිසාද යත් ඊනියා මනුශ්‍යත්වය බඩ බැඳගත් යම් පුද්ගලයින් යම් යුගයක එසේ සතුටු වූයේ තමා යම් ආගමක් අදහන්නේද එයටත් පටහනි වන ලෙසිනි. එ සතුටට හේතුව ලෙස විවිධ වූ හෙතුන් ඔවුන් විසින් දක්වනේය. නමුත් සැබවින්ම එසේ සතුටු වූ හේතුව ඔබගේ සිත්ම විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් තම අගමට අනුව දිවි ගෙවනා කල අන් අයෙකුට සමාජීය වශයෙන් සිත් තැවුලක් හට නොගන්නේය. විවිධ වූ භේදයන් හට නොගන්නේය. එසේ වන කල සමාජය තුල තවත් ත්‍රස්තවාදයක් හෝ බිහිසුනු යම් අපරාදයක් සිදු නොවන්නේය...


















"අප යම් කිසි අයෙකු යම් කිසි වරදකට හන්වඬු ගැසීමට බලා නොසිටිය යුතුය. නමුත් එම වරද සිදුවීමට හේතු වන පෙර මන් ලකුණු විනාශ කිරීමට බලා සිටිය යුතුය. යම් අයෙකු ජාති වශයෙන්, ආගම් වශයෙන් හෝ පන්ති වශයෙන් නොබෙදිය යුතුය, එය එසේ කල යුතු වන්නේ ආගමටත්, ජාතියටත්, පන්තියටත් පෙර මිනිසෙකු ලෙස අප මෙලොව එලිය දුටු බැවිනි."

No comments:

Post a Comment