Sunday, July 26, 2015

පාප්ප..

සුන්දර කාෂ්ඨක
රළු පොළව මත
ඒකාකර ස්කන්ධයෙන්
සැදුම් ලත්
වචනයේ පරිසමාප්ත
අර්තයෙන්ම
ඒ කාෂ්ඨක වූ භූමියට
බරක් වු
ඒ සුන්දර ඉදිවීම
එක්තරා අවස්ථාවාදියෙකුට
රත්ත වර්ණී
පිළිගැනීමකට
තම පහස
තම පහසේ උණුසුම
ලබා දීමට
පිලිවෙතින් සැරසෙනුයේ
ඒ කාෂ්ඨක වූ භූමියට
තවත් බරක් වෙමිනි...
ඒ පහසේ වැකෙන
ධවල වර්ණී
පල්පය මත
චිත්තාකර්ෂණීය වූ ද,
සුන්දර වු ද,
මුද්‍රණාක්ෂර මුහුණත්
කියාපානුයේ
තම ඊනියා ශේෂ්ඨ බවය...
















බොක්කු උඩ
පාලම් උඩ
විවිධ වු ද
වර්ණවත් වු ද
අසිරිමත් වු ද
ඊනියා චින්තනයන්
පල්පයක් මත
සටහන් වු කල
එළුවන්ට රජ මඟුල් ය
නමුත්,
දවස් පඩි
මාස් පඩි වශයේන්
සොච්චමක් අත මිටි මොලවා ගන්නා
දෙවේලක් ලෙව කා
පණ කෙන්ද ගැට ගසා ගැනීමට
වෙරකන
එවුන්ගේ
බඩ වියත රැකේද??????
එකල්හි,
අවසානයේ සටහන් වනුයේ
ප්‍රශ්ණාත්තයක්ම පමණි...

මෙසේ වන කල, දෙවේලක් ලෙව කා පණ කෙන්ද ගැට ගසා ගැනීමට තටමන ඔබ ද මා ද එළුවෙකු වුනි නම් මෙකල් හි අපටත් රජ මඟුල්ය..


No comments:

Post a Comment