Wednesday, August 5, 2015

සකි සඳ..

බිම්බරක් වූ
අහස් යායක
පැහැබර වූ ද
දීප්තිමත් වූ ද
ඒ අපූර්වතම
සඳ
උත්තම වූ ද
ශේෂ්ඨතම වූ ද
ප්‍රථම විනා දෙවන නොවන වූ ද
ඒ අපූර්වතම
ධර්මයේ පෝෂණයෙන්
දීප්තිමත් වෙමින්
කළු වර්ණීය
සමාජීය දුර්මතයන්
සුදු වර්ණීය
වර්ණ ගැන්වීමකට
තෙලිතුඩක
තුඩු අගෙහි
මත වැකුණු
ඒ ධවල වර්ණීය
සමාජීය පොර ටොක්ස්
අසන්නා වූ බාලයින්
ඒ අපූර්වතම
සඳ
හන්වඬු ගසනුයේ
බොරුකාරයෙකු සේය...























ඒ සංකීර්ණ වූ
සාර්ථකත්වය
ළයෙහි කැකෑරෙන
පදබැඳුමෙන් 
පත්තියම් කොට
සාර්ථකත්වයේ
ඒ අති දැවැන්ත වූ
වෘක්ෂයේ
ඵල නෙළීමට
අත්පවුර
පිරිනමන්නා,
වර්ණවත් ලොකයක
සුමට බව
තම සහෘර්දයන් වෙනුවෙන්
හුදෙක්ම
ඔවුන්ගේ
සාර්ථකත්වය පිණිස
ඔවුන්ගේ හදවත් තුල
සටහන් කරනු ඇත....

No comments:

Post a Comment