Monday, September 29, 2014

බොර දියේ මාළුවෙකු සිටීම...

ගලකින් පට්ටයක් ගන්න
පට්ට අමාරු සේම
විවිධ වූ කාර්යයන් කිරීමේදී
එය සාර්ථක කර ගැනීම
මහත් අසීරු කටයුත්තක් වන බව
ඔබ මම සියලු දෙනාම
දන්නා වූ ප්‍රතිඵලයකි...
උත්සහවන්තයා ජය ගන්නවා යැයි
රුවන් වැකියක් ගොඩ නැගී තිබුනද,
එය එසේ වුවත්
සැබවින්ම එය එසේම වනවාද යන්න
පිළිබද සැකයක් මතුවේ...
එසේ සැකයක් මතු වුවත්
එය බොර දියේ මාළු බෑමක් සේ නොසිතා
උත්සාහය අතහැර පසු නොබසීමට
අප ඉටා ගත යුත්තේ
අවසානයේදී අප උත්සාහ වුවා යන
සතුට හෝ අපගේ සිත තුල රජ කරවීමට හැකි බැවිනි,
එසේ සිත තුල සතුට රජයන විට
බොර දියේ වුවද මාළුවෙකු සිටීම
අහබුවක් නොවෙනු ඇත...
උත්සාහයේ මල් ඵල
දෝතින් පිළිගැනීමට නොහැකි වී සිටින විටදී,
සමාජයේ කුහකකම් හමුවේ
අඩන්න සුදානම් වූ අපේ නෙත
බලා සිටිනුයේ
තවකෙකු පැමිණ ඇගිල්ලෙන් අනින තුරුය...
එසේ බලා සිටිනා විට,
තවකෙකු පැමිණ ඇසට ඇගිල්ලෙන් එන්නත්
අඩන්න තරම් වත් වූ
කදුළු පොදක් අප නෙත සතු නොවෙනුයේ
පෙර අතීතයේ දවසක
උත්සහවන්තයා ජය නොගත් දිනයක
ගලා ගිය කදුළු
අති මහත් වූ බැවිනි..



උත්සහවන්තයා ජය නොගැනීමේ
කොළ එලිය දැල්වුණු දින
දෙසවන ලත් දෝංකාරය,
වර්තමානයේ අපේ පැතුමන්
බොද වීමේ රතු එලිය දෙල්වෙන විට
නැවත නැවතත් අපේ දෙසවන
පෙර දෝංකාරය රජයන විට
සිතේ හටගත් අධිෂ්ඨානයන්
මෙන්ම බලාපොරොත්තුද අපේ සිතින් ඈත් වනුයේ
අපේ සිතටත් නොහැගෙන පරිදිනි...
එසේ වුවත්
අපගේ සාර්ථකත්වයේ මුදුන්මුල
උත්සාහය වන හෙයින්
අප කොතෙක් වැටුනත්
නැවතත් උත්සාහයේ මල් ඵල නෙලා ගැනීමට
වෙර දැරිය යුත්තේ
කෙදිනක හෝ,
අපේ ඉලක්කය සමාජයේ ඉහලම තැනක
රැදවීමට සිතා අති හෙයිනි...

"උත්සාහයේ මල් ඵල නෙලා ගැනීමට අපට හැකි වනුයේ, උත්සහවන්තයා ජය ගැනීම යන දෙස බලා නොසිට උත්සාහය යන අධිටන අපේ සිතේ මෙන්ම ගතේද, ගතේ මෙන්ම අපගේ ක්‍රියාවන් හීද හංවඩු ගසා ගත් විටදීය" 

Tuesday, September 23, 2014

බලලා ඉවර නම් අපිත් දෙමු..

නිල් අහසේ සොදුරු බව
දකින විට අපේ නෙත,
අහස් ගැබ සිසාරා
සියොත් කල තටු ගසා
ඉගිලෙනු දුටු විට
ආත්මීය ප්‍රීතියෙන්
අපේ සිත
උදම් වුවා මතකද??
හරිත වන නිල් උයන්
දකින විට අපේ නෙත,
නිල් උයන් තුල සුපිපි
පුෂ්පයන් දකින විට
සිසිලසේ නිම් තෙර
අපේ ගත දැවටුණා මතකද??
කදු සිසාරා
ගලා බසිනා නිල් වන් රැලි පේලි
දකින විට අපේ නෙත,
ඇද හැලෙන දිය වැල්හි
නේත්‍රා දුෂ්ටියෙන්
ගත සිත පහන් වුවා මතකද??
එවන් වූ මතකයන්
අප සිතේ ලැගුම් ගන්නා කල,
උපන් දා සිට
නේත්‍රා දුෂ්ටියේ පහස නොලද්
අපේම සහෝදරයන්
කොතෙකුත් සිටීද...
එහෙයින්,
අපේ භාවිතයෙන් පසු
අපේම ආදරණීයන් වෙනුවෙන්,
ඔවුන් නොදුටු
අප දිටු දේ
ඔහුන්ටත් දැක බලා ගැනීමට
අපේ සහයත්
ඔවුනට ලබා දෙමු...



මනුෂ්‍යයන් වශයෙන් තවත් යම් හෙයෙකින් අසරණ වූ මනුෂයෙකු හට උපකාර කිරීම මැරී ඉපදෙන කෙළවරක් නොමැති සංසාරයේ පිය මනින අපේ යුතුකමයි. ඒ සදහා අපිත් නොපැකිලි වූ සිතින් යුතුව කාරුණිකව දායක වෙමු..

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."


දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.
        
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත,
කොළඹ 07.
        
  • ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
         011- 2 698 040
         011- 2 698 041
         011- 2 698 043 
         011- 2 692 051

උපදෙස්
  • කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
  • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
  • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
  • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
  • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමට පහසුවක්වේ.
  • ඕනෑම දිනක  දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
  • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
  • පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
  • සම්පූර්ණ දේහය ලබා  දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
  • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.

Monday, September 22, 2014

ශක්තියක් වූ ඔහු...

ඔහු දැවැන්තයෙකු නොවීය..
එහෙත්, ඔහුට කල හැකි උපරිමය
තම දරුවන් වෙනුවෙන් කළේය..
මුදල් පාදක වූ සමාජයක් තුල
මුදලේ ලුහුඩු බව
තම දරුවන්ට
දැනීමට ඉඩ නොදුන්නේය..
සමාජය...,,
ඔහුගේ ඔලුවට අත සෝදන කල
තම දරුවන් වෙනුවෙන්
එය ඉවසුවේය..
සමාජයේ ඇති අභියෝග
ජය ගැනීමට
තමන් ආ මාර්ගය,
එනම් "පොඩි තැන සිට නැගීටීම"
යන වචන පෙළ
තම දරුවන් අතර බෙදා දුන්නේය...
තම දරුවන්ගේ සිත් වල ඇති ආශාවන්
ඉටු කිරීමට,
තමන්ගේ ශ්‍රමය හැකි උපරිමයෙන්
සමාජයට ලබා දුන්නේය..
සමාජයේ සාර්ථකත්වය වෙනුවෙන්,
මිනිසුන්ගේ අභිවුර්ධිය වෙනුවෙන් පෙනී සිටි ඔහුට
අවසානයේදී..
ඒ මිනිසුන්ගෙන්ම අවමානයන් ලැබුනේය...
තම ආශාවවන්, තම දරුවන්ගේ
සාර්ථකත්වය වෙනුවෙන් කැප කල ඔහු,
තවමත් තමනට යැයි දෙයක් කර ගෙන නොමැත..
සැබවින්ම ඔහු,
සමාජය තුල මහා දැවැන්තයෙකු ලෙස
සමාජය විසින් හංවඩු නොගැසුවත්
ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
දැවැන්තයෙකු වන්නේය...
ඔහුගේ සවිය ගත් ඔහුගේම දරුවන් දැන්
සාර්ථකත්වය ලගා කර ගෙන ඇත.
ඔහු දරු උත්සාහයේ මල්ඵල
දැන් ඔහු සතුව ඇත..
සැබවින්ම ඔහු සාර්ථකත්වය තුල
ශේෂ්ටයෙකි...
අපගේ සාර්ථකත්වය
අපට ලබා ගැනීමට
ඔහු දුන් ඒ අත්වැල
අගය කිරීමට
මෙවන් වූ බ්ලොග් සටහනක්
ප්‍රමාණවත් නොවුවත්,
ඔහු අපට ලබා දුන්
ශක්තිය වෙනුවෙන්
ලබා දෙන කුඩා උපහාරයකි...




යම් තැනක මා
ශක්තියෙන් දුර්වල වන විට
ඔහුගේ ශක්තිය මට ලැබුනේය..
යම් තැනක මගේ
සාර්ථකත්වය අඩුවන විට
ඔහුගේ සාර්ථකත්වය මට ලැබුනේය..
ඔහුට හැකි පමණින්
මට ලබා දුන් ඒ දායාද වනුවෙන්
ඒ දායාද වලට සමාන කිරීමට
මට කල හැකි දෙයක් නොවුවත්
ඔහු වෙනුවෙන් කල හැකි
උපරිමය මට හැකි අයුරින් කරමි..
ඔහු එදා විදි දුක් වලට
යම් දිනක ඔහු සිංහාසනයක හිදුවමි..
ඒ අයුරින්, සෑම දිනම
මගේ සාර්ථකත්වය වෙනුවෙන්
ශක්තියක් වුනු ඔහු..
මගේම ආදරණීය අප්පච්චීය..




















ඩෙරෙක් රෙද්මොන්ඩ් ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහුගේ පියා ඔහුට ශක්තියක් වූවා සේම, මටද මගේ අප්පච්චි ශක්තියක් විය.. ඔහු ලබා දුන් සෙනෙහස කිසි දිනක නොමැකෙන අයුරින් මගේ සිතේ සටහන් වී ඇත.. එය මට සේම, ඔබේ දියුණුවටත් ශක්තියක් වූ ඔබගේ පියා, ආදරණීය බවේ සැබෑ අරුත වන්නේය. 

Friday, September 19, 2014

පාරිශුද්ධ මනුෂ්‍යත්වය..

සිතක පාරිශුද්ධ බව
සමාජයට වසන් වන කල්හි
සමාජයේ පවතනින
අසම්මත ක්‍රියාකාරකම්
පාරිශුද්ධ බවේ
පරිනත බව
සමාජය තුලදීම
තලා පෙලා දැමීමට
සමත්වන්නේය...
අනුන් ගැන නොසිතන්නන්
තමන්ගේ කාර්යයන්
ගැන සිතමින්
දිවි ගෙවන්නේ
තමා පමණක්
ලොව තුල ජීවත් වන බව
ලොවට හගවමිනි...
එසේ වන කලිහි
සමාජයේ ජීවත් වන
පරමාර්තකමි
අසරණ පුද්ගලයා
සමාජය තුල අන්ත අසරණ වනුයේ
සමාජයේ පවතින
අත්මාර්තකමී බවේ වදන
සමාජය තුල
සටහන් කරවමිනි...
අසරණ බවින් පීඩිත
පරමාර්තකමි පුද්ගලයා
මනුෂ්‍යත්වයේ පිහිට පතනුයේ
ඔහු පිදුම් ලබන පීඩිත බව
ඔහුගේ හදවතේ
කැකෑරෙන නිසා විනා
අන් කරුණක් නිසා නොවන බව,
මනුෂ්‍යත්වය පිටේ
හංවඩු ගසා ගත්
අප තේරුම් ගත යුතුය..



අමන බවින්
පුර්ණ වූ සමාජය තුල
කළගුණ දත්
පුද්ගලයින්
වහකදුරු සොයන සේ වුවත්
කළගුණ දත්
ශේෂ්ට පුද්ගලයින්
එක් අයෙක් හෝ
අප අතරේ සැරිසරන බව
අප තේරුම් ගත යුතුය..
එසේ අප අතරේ සිටින ඔහු,
අපගේ අසරණ බවේ
අර්ථාන්විත බව
තේරුම් ගනිමින්
අප කර පැමිණෙනුයේ
ඔහුගේ සිතේ මෙන්ම
ඔහුගේ ක්‍රියාකාරකම් වල ඇති
පිරිසිදු බව,
ලොව තුල සටහන් කරවමිනි...
ආදරණීය සෙනෙහසේ
අරුත ජනිත කරවමින්
ඔහු අපිට උපකාර වනු පිණිස
අප අවට ගැවසෙනු ඇත..
ඒ අයුරින් ඔහු
අප අවට ගවසෙනුයේ
පෙර කල
අප තුලින් දුටු මනුෂ්‍යත්වයේ
ශේෂ්ට බව
ඔහුගේ හදවතේ
ඔහු වටා සැරිසරන බැවිනි...





















"අපගේ හදවතේ පවතින මනුෂ්‍යත්වය, කෙදිනක හෝ අප අසරණ වූ කල්හි අපට සරණ වනු පිණිස අප අවට සැරිසරනු ඇත."