Sunday, August 24, 2014

කෘතිම මුහුණ..

ලස්සනයි දකින්නට
අමාරුයි හදන්නට
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
නොසිතන්න ඇති,
යම් කෙනෙක් මේ තුල සැගවෙයි කියලා
කදන් කපා
මෙය හදන්නට
වෙහෙසෙන විට
සිතන්න ඇති,
යම් කෙනෙක් සමාජයට නව අරුතක් දෙයි කියලා
අතේ කර ගැට එක දෙක නැගෙන්න ඇති
දහඩිය බින්දු එක දෙක වැටෙන්න ඇති
මහන්සිය දැනෙන විට
මනසින් දකින්න ඇති
බිරිද සහ දරුවන්
සහ ඔවුන්ගේ පැතුමන්..
දෙවියන් දුන්න දායාදය
එක සිතින් රැක ගන්න
වෙර දැරුවේ
තම බඩ වියත රැක ගන්න
ලද එකම පිරිසරණ මෙය නිසයි
ඉල්ලුමට සැපයුමක් තිබුනත්
වෙහෙසට අසාධාරණයක් වුවත්
ඒ අසාධාරණය ඉවසුවේ
වෙහෙසට ලැබෙන පිච්චිය වත්
නොලැබෙයි කියන බයට විනා
අන් දෙයක් නිසා නෙමෙයි...
















ඒ මේ අතරේ තවත් අය,
සිත ඇතුලේ
ගොඩක් දේවල්
කරන්න තියෙන
ගොඩක් දේවල්
සිත ඇතුලෙම තියාගෙන
මුණට මුණක් දැම්මේ
සමාජයට සැබෑවටම
මුණ දෙන්න බැරි නිසයි
සමාජය හොදයි කියලා හංවඩු ගහනවා එහෙම නොවෙයි මේ,
සමාජයත් නරකයි
සමාජයේ ඉන්න අයත් නරකයි
හැම පත්තකම කළු සුදු තියෙනවා නොවැයි
කළු සගවලා සුදු පේන්න
මුණට මුණක් දැම්මට
මතක තියා ගන්න ඕන
නටන්න වෙන්නේ එළිපිට කියලා...







Monday, August 18, 2014

සිත්තරාගේ සිහිනය..

වරෙක ඔහු පැළ කල
නිල් පැහැති නිල් රුවෙති
අනාගත සිහිනය,
අනාගත ජීවය
සාර්ථක වනු පිණිස
පස් බුරුල් කර
වල් පැළ ද නෙලා
දිය යොදා සෑදුවේ
සිත්තෙරෙකු බලාපොරොත්තු වන
අවසාන සිහිනය,
අවසාන පැතුම
තමාටත් උරුම කර ගැනීම විනා
අන් කවරක්ද??















තම දණහිසෙන් නොසිට,තම කකුල් දෙකෙන් නැගී සිටීමට වෙර දරු කඳපොළ ප්‍රෙදේශයේ තම ජීවන වියමන ලෙස වඩේ වෙළදාම කරමින් සිටි පුද්ගලයෙකුට සිදු උ විපතක් පිළිබදව පසු ගිය දවසක වාර්තා විය. සැබවින්ම කිවහොත් එය තමන් විසින්ම තමාට කරගත් විපතක් විනා අන් අයෙකු විසින් කල දෙයකුත් නොවේ නමුත් ඒ විපත ඔහු කර ලගා කරවීමට අද සමාජයේ වගකිය යුතු පුද්ගලයින්ගේ ගති පැවතුම් වල සහ ඔවුන් තුල ඇති ආත්මාර්ථකාමී පිළිවෙත් ඒ සදහා දායක වුවදෝ යන සැකය මා සිත තුල ගොඩ නැගේ. විවිධ පුද්ගලයින් විවිධ මත පළ කරයි.. යම් අයෙක් ඔහු මෝඩයෙක් යැයි අදහස් දක්වයි, තවත් අයෙක් ඔහු දරු සෙනෙහෙ නොදන්නා අත්මර්තකමියෙකු ලෙස හංවඩු ගසයි කෙසේ වෙතත් මොහුගේ සිත හදුනා නොගත් විචාරකයෝ කෙසේ දැක වුවත් සැබවින්ම මොහු තම දෛවය සමග සටන් කල සෙනවියෙකු ලෙස ඔහුගේ චරිතය දෙස තවත් කෝණයකින් බැලු මා හට පෙනේ.

ඒ පුවත ගත් කල මෙසේය,
බිරියගේ කුසේ දරු දෙදෙනකු බව දැන ගත් සැමියා වස බී නසී
උපුටා ගැනීම: මව්බිම පුවත්පත

මෙයින් කියා පාන්නේ සමාජයේ මිනිසුන් තුල ඇති සැබෑ අසරණ බව විනා ඔහු තුල ඇති මෝඩකම වත්, ඔහු තුල ඇති මන්ද මානසික අසහනයවත් නොවේ එය තේරුම් ගත් විවිධ මතධාරීන් කෙසේ කිවත් එය එසේ නොවේ. ණය බරින් තැලී පොඩිවී ගිය මොහු හට රුපියල් 40,000 ක මුදල නොමැති වුයේ, ණය මුදල ගෙවා සතුටින් ජීවත් වීමට විනා කැසිනෝ ශාලාවකට ගොස් කැසිනෝ ගසන්නට වත් විස්කි බෝතලයක් මේසයක් උද තබාගෙන බදුනකට දමා බිදුවෙන් බිදුව තම මුවෙහි තබා ගැනීමට වත් එසේත් නැති නම් Bangkok වලට ගොස් Dinner එක අරගෙන ආපසු ඒමට වත් නොවන හෙයිනි.

මොහු මෝඩයෙකු යැයි හංවඩු ගසන පුද්ගලයින් සමහර විට දවසටම තම පෞද්ගලික ආශාවන් තකා රුපියල් 40,000 ක් වියදම් කරනවා වීමට පුළුවන සමහර විට පැයකට එම මුදල වියදම් කරනවා වීමට පුළුවන, එසේ කරන්නා වූ පුද්ගලින් කෙසේ අන් අයගේ දුක හදුනනවාද?? යන සැකය මතු වේ. එසේ කරන පුද්ගලයින්ගෙන් ඉල්ලන්නේ එකම දෙයි ඒ අනුන්ගේ දුක හදුනා ගැනීමට නොහැකි නම් තම වක්කඩක් වන් වූ මුඛය වත් වසාගෙන සිටිනු ලෙසට දක්වන ඉල්ලීමයි.
මෙවන් වූ අසරනකම් මැඩලීමට උසින් උසට අහසට ගෑවෙන තරම් ගොඩනැගිලි සැදුවට පලක් නැත, හරි කෙලින් දිවෙන මන් මාවත් සැදුවට පලක් නොමැත නිකරුනේ ලෝකයට පෙනෙන්නට ලොකු ලොකු උත්සව පැවැත් වුවාට පලක් නොමැත.. කල යුත්තේ ප්‍රථමයෙන්ම මිනිසුන්ගේ අසරණ සිත් වල පොර බදන අහිංසක පැතුමන් අහිංසක බලාපොරොත්තු තේරුම් ගැනීමය..

"තමන්ගේ පොදිය තර කර ගැනීමට හතිලමින් දගලන මිනිසුනේ අන් ය ගැනත් සිතන්න, ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබදව ක්‍රියාවට හේතුව නොදැන විවේචන ඉදිරිපත් කිරීමෙන් වලකින්න මිනිසත්කමට අත්වැලක් වන්න, සෑම දෙයක්ම දෛවයට බාර නොදෙන්න එසේ වූ කල මෙවන් වූ සමාජීය අසර්තකත්වයන් ලොවින් තුරන් වනු ඇත"





Wednesday, August 13, 2014

තීරණය ලැබෙන තුරු...

විඩාබර දිවියට
අස්වැසිල්ලක් වෙමින්
ලැබුණු සිහින් පොද වැස්ස
ඉරි තැලි ගිය බලාපොරොත්තු
නැවත අස්වදීමට්
අත් වැලක් වූ විට
සිතට දැනෙන
සතුට, සැනසුම
ඒ පහස ලද්දා විනා,
අන් කෙනෙකු හට වැටහේද?
සැබවින්ම එය
මහත් සැනසීමකි.
අනාගතයේ පිපෙනු දුටු මල්
යම් දිනක වර්තමානයේම පර වුණා,
ඒ පර වීමේ සන්තාපය
වර්තමානයේ දීම
මොහොතකට නැති වී ගියා
නමුත් මොහොතකට පමණයි..
එසේ වුයේ,
තවත් දුෂ්ටියක්
අනාගතය උදෙසා
ඉතුරු කරමිනි.
ඒ දුෂ්ටියද
ඉටුවෙන තුරු
සියලු පැතුමන් අත්හල සිතින් යුතුව
පෙර පරදීම
බලා සිටිමි.


















දෛවය නමැති ජූරියෙ තීරණය ලැබෙන තුරු බලා සිටිනුයේ විසිරි ගියා වූ බලාපොරොත්තු වල පහස තවමත් හදවතේ තබා ගනිමිනි.එමෙන්ම, අතීතයේ සිදු වූ ඒ විසිරියම වර්තමානයේ ලද කුඩා සන්තුෂ්ටියෙන් සැනසි සිටීමට බාදාවක් වී ඇත.

Sunday, August 10, 2014

මනුෂ්‍යත්වය..

මනුෂ්‍යත්වයේ අරුත කෙසේදැයි යන්න විදහා දක්වන රූප රාමුවක්  YouTube ඔස්සේ දැක ගැනීමට හැකි වුනා. එය වෙළද ප්‍රචාරක දැන්වීමක් වුවත් එය තුල සැබෑ වූ අරුතක් දක්නට ලැබුණා.




මෙයයි විය යුතු, නමුදු මෙය අද සමාජය තුල මෙසේම සිදුවේද?? එය ඇසිය යුත්තේ ඔබගේම මනසින්. මිනිසෙකු තුල පවතින කාලීන චිත්ත පීඩාවක් වෙනුවෙන් එයට පිහිට වෙනු පිණිස ඉදිරිපත් විය යුත්තේ මිනිසෙකුම විසිනි. මනුෂ්‍යත්වය වෙනුවෙන් තවත් මිනිසෙක් ඉදිරිපත් නොවන අද සමාජය තුල තිරිසන් සතෙකුට මිනිසෙකු පමණින් සිතීමේ ශක්තිය තිබුණි නම් ඔහු අන් අයට උපකාර කරනුයේ මිනිසත් කම යන වචනයේ පරිසමාප්ත අර්ථයටත් අභියෝග කරමින් යන වග, අද  සමාජය තුල ජීවත් වන මා හට පසක් වූ දෙයකි.
මිනිසෙකු හට වැදගත් වනුයේ තවත් අයෙකුගේ සිනහව, සතුට සහ ඔහුගේ දියුණුව විනා තවත් අයෙකු තුල පවතින සමාජ තත්වයන්, ඔහු තුල පවතින දුර්වලකම්, මුදල් හෝ බාහිර ස්වරුපය නොවන බව  අප විසින් තේරුම් ගත යුත්තේ අපිත් මෙලොව තුල නැවත නැවතත් මැරී ඉපදෙන අප හටත් තව කෙනෙකුගේ උපකාරයක් කෙදිනක හෝ අවශ්‍ය වන පිරිසක් බැවිනි. එය තේරුම් නොගත් අද සමාජය තුල ජීවත් වන, ජීවයක් නැති ආත්මයන් සේ සැරිසරන බහුතරයක් පුද්ගලින් තවත් අයෙකුට උදව් කිරීම පසෙක තිබු කල තවත් අයෙකුගේ දුකකදී ලගින් සිටිමින් ඔහුගේ හෝ අයගේ සිත ශක්තිමත් වනු පිණිස වචනයක් හෝ තම මුවින් පරිත්‍යාග කිරීමට සමත් නොවීම දුක්ඛ දායක තත්වයක් වන්නේය.

 "යමෙකුගේ සතුට ඉදිරියේ ඔහු වට රොක්වන්නා සේම ඔහුගේ දුක ඉදිරියේද ඔබ රොක් විය යුත්තේ,  ඔබ මිනිසත් කමේ අරුත දන ගත් මහත්මා පුද්ගලයෙක් වන බැවිනි."