Wednesday, December 31, 2014

නව මගක පිවිසුම...

2014 ට
අප මෙසේ සමු දුන්නේය..
එකල්හි,
ඔබ සිතේ තිබු යම් පතුමක් ඔබ නොලදේය...
මා ද එසේමය..
දුකද සතුටද ඔබ ලද්දේය,
මා ද එසේමය..
එසේ නම්,
මෙකල් හි දැන් නව සමයක් එලබි ඇත,
එය 2015 වන්නේය..
එය අප පෙර පරදිම පැතු නව වසරය..
















නව හිරු එසේ පායද්දි,
ජයග්‍රහනයේ රන් අස්වනු නෙලීමට සුදුසු කාලය එලබි ඇත,
සිතෙහි ඇති පැතුමන් ඵල දැරවීමට සුදුසු කාලය එලබි ඇත,
හද නොලත් සතුට හද සතු කර ගනීමට සුදුසු කාලය එලබි ඇත,
එසේ නම්, මෙම වසර ඔබගේ සාර්ථකම වසරම වන්නේය...
එසේ නම්,
අපගේ සාර්ථකත්වය අප වෙත ලගා කර ගනීමේ අරමුනින්
ඉදිරියටම පිය නගමු...

පෙර වසරේ Destiny & Life සමගින් සිටි  ඔබට මගේ ස්තුතිය..
ඒ සමගින්, ඔබට ලැබුවා වු 2015 වසර සාර්ථක වේවා යැයි Destiny & Life වෙනුවෙන් මා පාර්ථනා කරමි..

Saturday, December 27, 2014

නිදහස් පරමාධිපත්‍යට පෙර..

මඩ ගොහුරක සටන් වදින,
ඊනියා දේශපාලන
හෙන්චයියන්
තමන්ගේ අවස්ථාවාදී මඩිය තර කර ගනීමට
උත්සහ නගන යුගයක,
අහිංසක මිනිසුන්ගේ ශේෂ්ඨතම මනුස්‍යත්වය පාවා දෙමින්,
ඔවුන්ගේ ඇස් වලට වැලි ගසන සමය එලබී ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් දේශපාලනයකට යම් කොටසක්
අතවනද්දි,
මානසික අල්ලස් දෙන
මන්ද මානසික දේශපාලනයක්ද
මිනිසත්කමේ පරම ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ
දණ ගසමින්
දේශපාලන හිඟමන් අයදින
සමයද එලඹි ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් මිනිසුන් අතර
බුද්ධිය තිබුණත් නිවරදි තීරණයක්
ගනීමට නොහකිව ලත වන,
බඩගින්න හිතේ තිබුනත්
බඩගින්න හිතේ නැති සේ සැරිසරණ,
ඔබගේ, නිදහස් පරමාධිපත්‍යට
නවමු අරුතක් ලබා දීමට උචිත කාලය මෙයම වන්නේය..


















"එය අපගේ එකම නිදහස විය..
එයට බලපෑමක් කිරීමට කිසිවෙකුට නොහැක,
එය අපගේම එකම නිදහස්,
ජනතා පරමධිපත්‍ය වන්නේය..."

                         එය එසේ වන කල්හි, එයටද බලපම් කරන්නා වු කුහක ආථමාර්තකාමි සමාජයක් මෙකල්හි බිහි වී ඇත, මෙකල්හි බිහි වු එම සමාජය සැබවින්ම සියයට සියයක් සමාජයම නොවන්නේය. එය සමාජය තුල සිටින්නා වු මන්දමානසික කුහක ආත්මාර්ථකාමින් කීපදෙනෙකුගේ බලපෑමක්ම පමණක් වන්නේය.
              ශේෂ්ඨ ජනසමාජය තුල සිටින්නා වු බුධිමත් මිනිසුන් 99% ක් එම බලපෑමට හසු නොවුවත්, අසරණකමින් බැට කමින් තම දිනක ජීවිතය ගැට ගසා ගනීමට වෙහෙස වන්නා වු 1% පමණක් වු පුද්ගලයා පමණක් එම බලපෑමට යටත් වන්නේය. එම යටත් වීමද ඔහුගේ අසරණකම නිසා පමණක් විනා වෙන කරුණක් නිසා නොවන්නේය.
                                  මුදලට බලයට තම ආත්මය පවා දෙමින්, සමාජයේ ජීවත්වන අහිංසක මිනිසුන්ගේ බඩ වියත සූරාකමින් තමන්ගෙ මඩිය තර කර ගනිමින් සමාජීය ශේෂ්ඨත්වය විනාශ කරන්නා වු සමාජීය දුර්මතයන් වෙනස් කිරීමට සුදුසු වන සමය එලබී ඇත. සමාජයේ ස්‍යය විනිවිද බව බුද්ධිමත්ව බලමින් යල් පැනගිය හේතු සාධකයන්ට හසු නොවෙමින්, ඔබගේ මෙන්ම ඔබ දකින නොදකින ජීවන උද්දමනයෙන් බැට කන්නා වු අහිංසක ඔබගෙම සහොදර සහොදරියො වෙනුවෙන් ඔබගේ එකම වු පරමාධිප්‍ය ලබා දීමට උචිත වු සමය එලබී ඇත.

මෙය හුදෙක්ම අන්තවාදි දේශපාලනයට අත වැනීම පිණිස තබන්නා වු සටහනක් නොවන්නේය, සැබවින්ම මෙය අහිංසක ඔබ අප වෙනුවෙන් ඔබගේම මෙන්ම මගේද අනාගතය වෙනුවෙන් තබන්නා වු සටහනක් වන්නේය... "ඔබ වෙනුවෙන් නිවරදි තීරණයක් ගනීම ඔබගේම යුතුකමක් වන්නේය."

Tuesday, October 14, 2014

ජීවන සුවඳින් පාර අසන්නෝ...

                    සුදුසැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. අමරිකාවේ ජීවත් වූ අන්ධ පුද්ගලයන්ට මහමග යාමේදී නොවැටී යාම සඳහා එරට රජය විසින් ආධාරකයක් අවශ්‍ය බව තීරණය කළේ ය. ඒ අනුව එරට සිංහ සමාජය මඟින් අන්ධ පුද්ගලයන් සඳහා සුදුපාට ආලේපිත සැරයටියක් ලබා දුනි. මෙම සැරයටිය රැගෙන මහ මග ගමන් කරන ජනතාව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර ඔවුන්ට ඉන් පෙර වූ කරදර හිරිහැරද ක්‍රමයෙන් අඩු වන බවක් පෙනුණි. මේ හේතුවෙන් නොබෝ දිනක් ගතවන්නට පෙර අමරිකාව පුරාම සිටින අන්ධ ජනතාවගෙන් මෙම සුදු සැරයටියට හොඳ ඉල්ලුමක් ඇති විය.
             ඒ අයුරින් මෙය අන්ධ පුද්ගලයන්ගේ ආරක්‍ෂාව පමණක් නොව ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන් ම ස්වාධීනත්වයටද පිටිවහලක් වන බව වටහා ගත් එවකට එහි සිටි අන්ධ පුද්ගලයන්ගේ සංගමය මෙය සුහද සංකේතයක් ලෙස භාවිතා කරන ලදී.වර්ෂ 1942 දී අමරිකාවේ සිංහ සමාජ හා එක් වූ අන්ධ පුද්ගල සංගමය ප්‍රථම වරට “ සුදු සැරයටි දිනයක්” පැවැත් විය. අනතුරුව මෙයට යුරෝපයද එක් විය. 1950 වන විට යුරෝපයේ සිටි අන්ධ පිරිසෙන් 95% පමණ සුදු සැරයටියක් භාවිතා කිරීමට පෙළඹුණහ. ඔවුහු තමන්ට වෙන් වූ වෙනම දින යොදා “ සුදු සැරයටි දිනයක් පැවැත් වූහ. “මෙහි ප්‍රතිඵලයක් ලෙසට ලෝකයේම අවධානය මොවුන් වෙතට යොමු වීය. එහි බලපෑමක් ලෙස 1969 දී ප්‍රථම ජාත්‍යාන්තර අන්ධ සමුළුව පැවැත්විණි.ඒ ශ්‍රී ලංකාවේ ගෝල්පේස් හෝටලේ දී ය. වර්ෂ 1969 ඔක්තෝම්බර් 01 දා සිට 04 වැනිදා දක්වා පැවැත් වූ මෙම සමුළුවට රටවල් 618 ක් නියෝජනය කරමින් අන්ධ පුද්ගල සංවිධානවල නියෝජිතයෝ 618 ක් සහභාගි වූහ.මෙම සම්මේලනයේදී අන්ධ ජනතාව වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග රැසක් තීරණය වූ අතර සෑම වසරකම ඔක්තෝම්බර් මස 15 වන දා “ සුදු සැරයටි දිනය ලෙස නම් කිරීමද සිදු විය. එසේ ම ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ද බිහි විය. එහෙත් සුදු සැරයටි දිනය ඔක්තෝම්බර් 15 වන දා පැවැත්විය යුතු යැයි ප්‍රථම වරට ප්‍රකාශයට  පත් වූයේ 1964 දී ය. ඒ අමරිකාවේ 36 වන ජනාධිපති වූ ලින්ඩන් බී. ජොන්සන් මහතාගේ නියමයෙනි.

උපුටා ගැනීම :   දැනුම danuma.lk






සුදු සැරයටියක්  අතට ගත්තේ
කකුල් දෙකට වාරුවක් දෙන්න..
ඒ ලබා දෙන වාරුව තුලින්
ජීවිතයට නව අරුතක් ලබා දෙන්න...
අරුත ලබා දෙන්න සිතුවේ
තම ආදරණීයන්ගේ සතුට වෙනුවෙන්,
ඔවුන්ගේ සැපත වෙනුවෙන්,
තමනට ලැබුණු සරදම
ඔවුනට, ඔවුන්ගේ අනාගතයට බාදාවක් කල නොහැකි බැවින්....
වරක සිතින් දුක්වන්නට ඇති,
වරක කඳුළු කැට දෙතොල සිපගන්නට ඇති,
එවිට ලුණු රසක් දැනෙන්නට ඇති,
ඒ ලද ලුණු රසෙන් අනෙකෙකු නොලද්
සැනසීමක් ලබන්නට ඇති...
සැබවින්ම ඔවුන් වාසනාවන්ත වන්න ඇති
සාමාජීය අධම ක්‍රියාවන් ඔවුනට නොපෙනෙන බැවින්..
අපට සාපේක්ෂ රාමුවක සිට බැලූ කල
එය අපට සැනසීමක් වුවත්
ඔවුනට සාපේක්ෂව එහි කටුක අත්දැකීමක් අන්තර්ගත මෙන්ම
සැගවුණු දුකක්, චිත්ත සන්තාපයක් තිබෙන්නට ඇති...
ජීවන මඟ එසේ යන විට
සාමාජයේ ඔවුන් සේම,
ඔවුනට සාපේක්ෂව වෙනස් වූ අත්දැකීම් ලබන
අහිංසක මිනිසුන් හමුවන්නට ඇති,
වෙහෙස වූ ගතෙහි දැවටෙන
දාඩියෙහි පුසුඹ
ඔවුනට සාපේක්ෂව
මානුෂීය බවේ සංකේතවත් ඡායාව,
ඔවුන්ට දැනෙන්නට ඇති..
ඒ සුවඳින් තම සිතින් විමසන්න ඇති,
තමා සේම ඔවුන්ද,
විවිධාකාර වූ සිත් තැවීම් වලින් බැට කන බව..
ඒ විමසීමෙන් සිත සැනසෙන්න ඇති,
තමා සේම ඔවුන්ද පීඩිත වූවන් බැවින්
එහෙත් ඔවුන් නොදකින යම් දෙයක්
සමාජයේ වැලලෙන්නට ඇති,
එය රෝද සතරක් උඩට පමණක් සීමා වූ
සිතල කාමරයක දිවි ගෙවන
තවත් ජීවයක් සිටින බව...
එවන් පිරිසක් එසේ සැගවී ගියේ
ඔවුනට දාඩිය නොදමන බැවිනි..
ඒ අයුරින්,
සුදු සැරයටියක පහස ලබමින්
දාඩිය සුවදින් පාර අසමින්
මානුෂීය සිත් තේරුම් ගත්
අප අතරේ ජීවත් වන ඒ සුන්දර මිනිසුන්
මේ අයුරින් සිහි කලේ
අද ඔක්තෝම්බර් 15
සුදු සැරයටි දිනය නිසා නොවුනත්
අපේ හදවත් ඔවුනගේ මනසින්
වටහා ගනිමින්
අපිත් සමඟ රැදුණු,
ඔවුනට දක්වන උපහාරයක් බැවිනි...

"ඇස් පෙනුනත් සුදු සැරයටියක් අතින් ගත්තා සේ අහිංසක මිනිසුන්ගේ හැගීම් තේරුම් ගන්නා මිනිසුන් සිටින යුගයක, ජීවන සුවඳින් පාර සොයමින් සැබවින්ම සුදු සැරයටියක් අතින් ගත්තෝ ශේෂ්ට වන්නෝය."

Saturday, October 11, 2014

ගොම බිංදුවක නැගිටීම හා කිරි මුට්ටියේ අභාවය...

කළු
සුදු
වශයෙන්
වර්ණ භේදය
හිස ඔසවාගත්
සමයක්,
ඈත
ලඟ
අතීතයන් හි දක්නට ලැබිණ...
සුදු වූවන්ගේ
අධි මානයන්
හිස ඔසවාගත්
ඈත
ලග
අතීතයන් හි,
කළු වූවන්ගේ
මානසික සටහන්
හීනමානයක් කිරීම
එකල සුදු වූවන්ගේ අභිමතය විය....
එවන් වූ සමයක,
කළු වූවන්ගේ නැගිටීම
ප්‍රකාශ කරමින්
ගායකයෝද, ක්‍රීඩකයෝද, දර්ශනවාදියෝද එමෙන්ම පාලකයෝද
කළු ගල් තලාවක
නිල් මැණික් සේ
සුදු වූවන්ගේ අධි මානයන් බිඳලමින් නැගී සිටියේය..
ඒ අතර,
Hiram Revels, W.E.B. Du Bois , Jackie Robinson ,James Meredith ,Martin Luther King, Malcolm X
තවද Barack Obama ද විය...
ඒ මේ අතර 
වෙනත් වූ රාජ්‍යයන් තුල
නම් ගම් අප්‍රසිද්ධ වූ  
ප්‍රාදේශීය 
බලයන්ද සිටිනට ඇත..
එවන් වූ බලයන් 
සමාජය තුල ස්ථාපිත වූ අවදියේ,
කළු 
සුදු 
මත ගැටුම් 
මෙන්ම වර්ණ භේදයද සමාජයෙන් 
සැඟවී පලායන්නට විය...



















කළු
සුදු 
වර්ණ භේදයන් 
සමාජයෙන් සැඟවී 
පලායන විට,
චින්තනයන්ගෙන්ද 
ක්‍රියාවන්ගෙන්ද
කළු 
සුදු
වූවන්
සමාජය තුල
අළු ගසා දමමින් නැගිටින්ට විය..
ඒ අතර 
කළු වූවන්ගේ ප්‍රභල බවේ ප්‍රතිශතය වැඩි විය,
යහපත් ගති පැවතුම් නැමති සුදු කොට්ටාසය
අයහපත් ගති පැවතුම් නමැති කළු වූවන්ගෙන් වැසී ගියේය...
සොරකම් 
මැරකම් 
මිනීමැරුම්
සහිත කළු සමාජය, සමාජය තුල හිස ඔසවන්නට විය
ඒ අතර දේශපාලන අඩත්තේට්ටන් ප්‍රමුක විය..
තම මඩිය තර කර ගැනීමට
පෙර සුදු ලෙස සිටිය උන්ද කළු බවට පෙරලින..
සුදු වූ අහිංසකයා 
කළු වූ තක්කදියන්ගෙන් 
සැම විටම බැට කන්නට විය..
අයහපත් බවේ කළු වූ අසප්පුරුෂ අදමයින්ගේ
නැගිටීමේ ප්‍රබලතාවයෙන් 
සමාජයේ යහපත් බවේ පරිච්ඡේදයට නැවතීමේ තිත සටහන් විය..
වර්ණ භේදය එසේ පැවතුන යුගයකත්
මේ ආකාරයේ කළු සුදු දුභාලතා සමාජයේ තිබුණද
මේ කල් සමයෙහි ඒ දුභාලතාවයන්ගේ ප්‍රභල බව වැඩි වී ඇත..
වර්ණ භේදය එසේ යටපත් වුවත්,
ආකල්පීය වශයෙන් පවතින්නා වූ 
කළු සුදු දුභාලතාවයන්   
සමාජයෙන් සැගවී තුරන් වීමට බොහෝ කලක් ගත වෙනු ඇත...
ඒ කල උදා වන තෙක් 
යහපත් බවේ සුද 
සමාජය තුල වැපිරීම 
අපගේ එකම අධිටන විය යුතුය..


"උපත්තියෙන් කළු සුදු වුවත් සැබෑ කළු සුදු බව සටහන් වනුයේ ඔහු හෝ ඇය තුල ඇති යහපත් මෙන්ම අයහපත් චින්තනයන්ගේ ප්‍රභල බවත්  සමඟින්ය."