Thursday, February 2, 2017

අවදානය.! මේ ඔවුන් ගැන.

              උපන් දා සිට දේමාපියන් වෙහෙස වන්නේ තම ලමයින්ට ඉගැන්වීමටය. එය ඔවුන්ගේ එකම සහ අවසාන පැතුමය. එම නිසාවෙන්ම දෙමාපියන් විසින් ලමයින්ට ඉගනීමට අවශ්‍ය සියළුම දේ මෙන්ම, ඔවුනට අවශ්‍ය පහසිකම් කෙසේ හෝ සැපයීමට සැදී පැහැදී සිටින්නේය.
                                           ලාංකික සමාජය තුළ තට්ටු පිට මාලිගා සැදූ, රොද හතරක වාහන වල හිමිකාරිත්වය ඇති ඉතාමත් ධනවත් ජීවිත ගත කරන සමාජ කොට්ඨාශ නැති තරම්ය. එහෙව් වූ සමාජයක බහුතරයක්, ඔවුන් තම ලමයින්ට උගන්වන්නේ කුළී වැඩ කරමින්ය, අනුන්ගේ වත්තක තේ දළු කඩමින්ය, රබර් කිරි කපමින්ය එකී  නොකි බොහෝ තෙවන පන්තියේ රැකියා වල නිරත වෙමින්ය. රජයේ සේවයේ නියුක්තව සිටියද ඔවුනට මාසය අවසානයේ ලැබෙන දෙයක් නැත. කෙසේ වෙතත් ඔවුන් රටට ලෝකයට ණය වෙමින් තම ලමයින්ට උගන්නන දගලන්නේය ඒ ඔවුන් සිටින තැනට වඩා පියවරක් හෝ තම ලමයින් තබන විශ්වාසය සිතේ තබා ගනිමින්ය.
                                    ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු සා.පෙළ,උ.පෙළ හැදෑරීමෙන් අනතුරුව සැමගේම පැතුම උසස් අධ්‍යාපන ලබා ගැනීමය. එය එසෙ වුවත් උසස් අධ්‍යාපනය පිණිස රජයේ විශ්ව විද්‍යාලයකට යාමට සෑම කෙනෙකුටම අපහසුය, සමහරෙක් උ.පෙළ සමත් වුවත් ඔවුනට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යාමට නොහැකිය. එසේ වූ කල්හි, සල්ලි ඇත්තන්ගේ ලමයින් පෞද්ගලික උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට පෙළඹෙන අතර එය හේලා දැකීමට තරම් මා කුහක නොවෙමි, මක්නිසාද යත් මා හට මුදල් තිබුණා නම් මා ද ඔවුන් සේම අධ්‍යාපන ලබාගන්නා බැවිණි.
                                        කෙසේ වෙතත් ගණිත අංශයෙන්, වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ සමත්  වූවන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල නොමැති වුවත් ඔවුනට යාමට එක් මාර්ගයක් සකස් කර ඇත. එය, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව, උසස් ජාතික ගණකාධිකාරක ඩිප්ලෝමාව හා තවත් පාඨමාලා කීපයකින් සමන්විත වන්නකි.මේ ඒ ගැන කතන්දරයකි.
                      ඊයේ එනම් 2016.02.02 වන දින ශිෂ්‍ය උද්ගෝෂණායක් හා පා ගමනක් ගාල්ල, ලබුදූව උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිට කරාපිටිය දක්වා යෙදී තිබුණේය. එහි ඔවුන්ගේ සටන් පාඨ ලෙස තිබුණේ තම ආයතනයට නේවාසිකාගාර පහසුකම් දෙන ලෙසත්, මහපොළ වාරිකය 1250 වන වාරිකය 5000 තෙක් වැඩිකර දෙන ලෙසත්, එය කඩිනමින් තමන්ට ලබා දෙන ලෙසත්ය. මේ ඉල්ලීම් සැබවින්ම මේ වනවිට තම පහළොස්වන සංවස්සරය සමරමින් සිටින්නේය. ඒත් තවමත් ඒ ඉල්ලීම් ඉපදුන තැනමය. කෙටියෙන් කියූ කල තවම ඒ ඉල්ලීම් ඉෂ්ඨ කර නොමැත. ඒවා ඉෂ්ඨ කිරීමට රටක් වසන පාලකයින් හට තවමත් සිතී නොමැත. මා හට හැගෙන පරිදි නම් පාලකයින් අඳ ගොළු බිහිරි තත්වයේ සිටින බැවින් ඔවුන් හට මෙම ඉල්ලීම් ඇසේන්නේ වත් පෙනෙන්නේ වත් නැත.







                                       බොඩිමක නවාතැන් ගෙන සිටියත් බෝඩිම් කුළිය ලෙස 3000ක මුදලක් මසක් අවසානයේ ලබා දිය යුතුය. එහෙත් මහපොළ වාරිකය 1250කි. එයද ලැබෙන්නේ සිසුන්ගෙන් 100කට නොවැඩි පිරිසකටය අනෙක් අයට එය වත් නොමැතිය. රාජ්‍ය සේවයේ යෙදෙන්නන් ගේ ලමයින එය එය ලැබෙන්නේම නැත. ඔවුන්ට ලැබීමට සුදුසු කමක් වත් නොමැත. රාජ්‍ය සේවකයින් නොකා ලෙවකන බව මාද අත්දැකීමෙන් දන්නා කරුණුකි. ඔවුන්ට ඇති යමක් නොමැත ඇත්තේ නම පමණකි. කෙසේ වෙතත් 1250ක මුදලක් මසක් සඳහා තුන්වේලක් කෑම සඳහාද ප්‍රමාණවත් නොවේ. ඒ හෙයින් එහි සිටින සිසුන් හට දිනක මන්දපෝෂණය සෑදෙනවා නොඅනුමානය මක්නිසාද යත් ඔවුන් වේල් තුනම කෙසේ වෙතත් එක වේලක් වත් නොකන බැවිනි.
                                 ඔවුන් නේවාසිකාගාරයක් දැනැට අවුරුදු පහළොවක් තිස්සේ අයදින ඉල්ලීමකි. කෙසේ වෙතත් එම ඉල්ලීම ගැන පුටු රත් කරමින් සිටින පාලකින් හට ගානක් වත් නොමැත. ඔවුන් සිතනුයේ තම මඩිය තර කර ගැනීම ගැන පමණක් වීම දුකට කරුණකි. නේවාසිකාගාර ඉල්ලීම ඉටු කිරීම තුළින් ඔවුන් හට යටින් ගානක් ලැබෙනවානම් ඔවුන් අද ම නේවාසිකාගාරය සෑදීම අරඹණු ඇත.

                                                 ඊනියා විශ්වවිද්‍යාලයකට යාමට හැකියාව නොතිබුණත්, කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබාගැනීම පිණිස ලබුදූව උසස් අධ්‍යාපන ආයතනයට තම දරුවා එවූ දෙමාපියන්ද අසරණ වී ඇත ඒ මක් නිසාද යත් තම දරුවා හට මාසකට අවම වශයෙන් රුපියල් 5000ක මුදලක් වත් ලබා දිය යුතු බැවිණි. මා හට හැගෙන පරිදි ඔවුන් මුද්ල් එවනු ඇත්තේද නොකා නොබීය. එහි රජමාලිගා වල සිට පැමිණි එක් දරුවේක් හෝ නොමැත සෑවොම කුඩා රජයේ සේවකයෙකුගේ හෝ කුලී වැඩ කර දවස ගැටගසා ගන්නා දෙමාපියන්ගේ දරුවන්ය.

                                          මිනිසෙකුට හදවතක්, මනසක් ලෑබී ඇත්තේ තව කෙනෙකුගේ දුක තේරුම් ගැනීමටය එහෙත් මෙහි සිටින පාලකයින් හට හදවත සහ මොළය ලැබී ඇත්තේ තම මඩිය තර කර ගැනීම පිණිස සැලසුම් සකස් කිරීමටය. ඔවින් සිසුන්ගේ වත්, දෙමවුපියන්ගේවත් දුක නොදන්නේය. එය සැබවින්ම දුකට කරුණකි. කෙසේ වෙතත් තම ඉල්ලීම් ලැබෙන තෙක් ඔවුන් අඛණ්ඩ අරගලයේ යෙදෙනු ඇත, පාගමන් යනු ඇත, තම ඉල්ලීම් ඉටු වන තෙක් පසු නොබසිනු ඇත. ඒ ඔවුන් හට හදවතක් සහ මොළයක් ඇති බැවිනි. ඔවුන් දුක කුමක්ද යන වග හොඳින් හඳුනන බැවිනි. එබැවින් දිනක ඒ අරගලමය ජය ගනු ඇත.

Monday, September 26, 2016

බයිසිකලේ...
















උඹේ හෙවණට බර වෙලා
ජීවිතේ උස මැදුරු තැනුවා
පස්සේ උඹ ලඟ නැවතිලා
හිතේ ඇති දුක් සතුටු කිව්වා...

පිපුණු කරගැට දියවෙලා
උඹේ ලඟ මා තනි වෙලා
ආ ගමන් මඟ මගේ තනියට
උඹත් දැන් අසරණ වෙලා...

උඹේ සෙනෙහස ලැබූ මාගේ
දරුවෝ ටික දැන් උස් වෙලා
උන් ඉන්නේ දැන් ඉහල තැන් වල
උඹේ කරපිට දුන් නිසා...

තාර පාරට වැටුනු අව්වට
උඹේ සෙනෙහස වැඩි වුණා
මගේ වෙහෙසට උඹේ කරපිට
දුන් නිසා මා රජ වුණා...

ලිවුම් පත් මිටි ගොඩළි ගහගෙන
පැය දවස් සති ගතවුණා
ඉහල තනතුරු පුටු ලැබෙද්දිත්
උඹ මගේ ලඟ හිනහුණා...

පාට කළු සුදු ජීවිතේ උස
උඹේ ලඟ හිඳ වැටහුණා
වෙහෙස ගත සිත මහළු වෙද්දිත්
මා උඹේ ලඟ නැවතුණා...



Saturday, September 17, 2016

දැක්ම ( The Interview )


අද දැක්මත් සමඟ එකතු වන්නේ වෛද්‍යවරයෙක්, මේ අප ඔහුත් සමඟ කල කතාබහකි.

ඉතින් වෛද්‍යතුමනි, කොහොමද මේ දවස් වල වැඩකටයුතු එහෙම.

ම්ම්..මේ දවස් වල නම් ටිකක් කර්යබහුලයි, මොකද මහත්තයෝයෝ... මේ දවස් වල රෝගීනුත් වැඩියි. ඒ වගේම ගොඩක් වෛද්‍යයවරුත් ලෙඩ නිවාඩු දාලනේ ඒක නිසා වෙනදට වඩා වැඩ වැඩී මට නම්.

 
ඇයි වෛද්‍යතුමනි, වෛද්‍යයවරු ලෙඩ නිවාඩු දාලා කිවුවේ මේ දවස් වල මොකක් හරි බෝවෙන රෝගයක් වත් තියෙනවද?

නෑ නෑ මහත්තයෝයෝ... දන්නැත්ද ඉතින් එයාලටත් තියෙනවනේ විසඳා ගන්න බැරි ප්‍රශ්න. මම නොකිවුවට ඉතින් දන්නවනේ ඔබතුමා.

 
ආ ඒ ප්‍රශ්න ගැනද කිවුවේ ඔබ තුමා. එතකොට වෛද්‍ය තුමනි ඔබ තුමට ඒ ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍ය නැත්ද?

ඔබතුම කියූ දේ මට පැහැදිලි මදි, ඒ ප්‍රශ්න කිවුවේ?

 
මම මේ කිවුවේ, තීරු බදු රහිත වාහන පිළිබඳ ප්‍රශ්න එතකොට ඔය වෛද්‍ය වරුන්ගේ ළමයින්ව ඉහළ පන්තියේ රජයේ පාසල් වලට ඇතුළත් කර ගැනීම වගේ ප්‍රශ්න.

අනේ නෑ මහත්තයෝ මම ඔය වගේ දේවල් ගැන වැඩිය හිතන්නේ නෑ නේ. මට කාර් එකක් තියෙනවා ඒක මට මදෑ මටයි මගේ පවුලේ කට්ටියටයි ගමන්ක් බිමනක් යා ගන්න. එතකොට මගේ ඔය ළමයි දේන්නා ඉන්නවා නේද, අපරාදේ කියන්න බෑ හොඳඳ...ට ඉගනගන්නවා.
පන්තියේත් ඉතිනෙ පළවෙනියා දෙවනියා වෙනවනේ මහත්තයෝ ඊටත් මහත්තයෝ දක්ෂයා කිහේ හිටියත් දිනනවා ඒකේ කිසි සැකයක් නෑ, මොන පාසලට ගියත් එකයි ඉතින්.

 
එතකොට වෛද්‍යතුමනි ඔබතුමා කැමති නැත්ද දරුවන්ව රජයේ ඉහල පාසලකට ඇතුළත් කරන්න.

මහත්තයෝයෝ... ඉහල පාසල් කියලා වර්ගයක් නෑ ඇත්තට්ම. ඕවා තම තමන්ගේ වාසියට හදාගත්ත දේවල් නේ, මහත්තයෝ මම කලින් කිවුවා වගේ දක්ෂයා කොහේ හිටියත් ඉහලට යනවා අයේ ඒකේ දෙකක් නෑ. හැබැයි වාසනාවත් ටිකක් විතර ඕන, ඒත් දක්ෂයාට පුළුවන් අවාසනාවත් වාසනාව කර ගන්න ඒක ඉතින් තියෙන්නේ තමන්ගේ උත්සහය මත තමයි. ඒක මේ සම හරක්ට තේරෙන්නේ නැති එකනේ තියෙන්නේ.

 
එතකොට වෛද්‍යතුමා මොකද හිතනේ පුද්ගලික විශ්වවිද්‍යාල ගැන.

මට නම් ඒකේ ඒ හැටි වරදක් පේන්නේ නෑ මහත්තයෝ.

 
ඇයි ඔබතුමා එහෙම කියන්නේ.

කොයි ළමයත් කැමතිනේ මහත්තයෝ ඉගෙනගන්න හා නැත්ද? කොයි ළමයත් කැමති හොදට ඉගෙන ගෙන රැකියාවක් කරලා හොඳින් ඉන්න.


එතකොට වෛද්‍යතුමා අඩු ලකුණු අරගෙන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙලා ඔහු හෝ ඇය අනාගතයේ වෛද‍යවරයෙක් වුනාම අනාගතය ගැන තැතිගැන්මක් නැත්ද ඔබතුමාට, එතකොට මේ දවස් වල රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් ඇයි මෙච්චර කෑ ගහන්නේ.

මහත්තයෝ මට කියන්න ඔබතුමා, උසස් පෙළ අසමත් වැන හැමෝම අදක්ෂයොද? සමත් වෙන හැමෝම දක්ෂයොද, නෑ නේ උසස් පෙළ කියන්නේ තරඟ විභහගයක්, ඒකෙන් තීරණය කරන්න බෑ දක්ෂ අදක්ෂ බව. ඒක නිසා යම් කෙනෙක් තව දුරටත් ඉගන ගන්නත් කැමති නම්, ඒත් රජයේ විශ්ව විද්‍යාල සුදුසුකම ලැබෙන්නෙත් නැත්නම්, පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගන්න එකේ වරද මොකද්ද මහත්තයෝ. ආසව නිසා ඉගන ගන්නවා, ආසව වැඩි නිසා උනන්දුව වැඩි වෙනවා, එතකොට මොකද වෙන්නේ තමන් ඉගන ගත්තේ පුද්ගලික විශ්ව විද්‍යාලයකින් වුවත් සාර්ථක උපාධියක් ලබා ගන්න පුළුවන්. උපධිය ලබා ගත්තා වුණත්, රජයේ වේවා, පුද්ගලික වේවා, කෙසේ වුවත් අවසානයේ රැකියාවේ යෙදෙන්නේ සාර්ථක වෛද්‍යවරයෙක්. අසාර්ථක කෙනෙක්ට රැකියාවක් ලබා දෙන්න කවුරු වුනත් කැමති වෙයිද මම නම් හිතන්නේ නෑ, මම කලින් කිවුවා වගේම මොන විශ්වවිද්‍යාලයේ ඉගන ගත්තත් අවසානයේ ජය ගන්නේ දක්ෂයා.


ඉතින් වෛද්‍යතුමා ඔබතුමගේ අනාගත සැලසුම් එහෙම මොනවද? අපි කැමති ඒ පිළිබඳත් දැනගන්න.

විශේෂ දෙයක් කියලා නෑ මහත්තයෝ, කරන දේ හරියට කරලා ජීවත් වෙනවා. අවසානේ කොහොමත් අපි කවුරුත් මැරෙණවනේ මහත්තයෝ.




 
එසේ නම් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි අපිත් සමඟ එකතු වුනාට අවසාන වශයෙන් ඔබතුමාට කියන්න දෙයක් තිබෙනවද?

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබටත් ස්තූතියි කියලා තමයි.





සැ.‍යු. මෙම සාකච්ඡාව මනක්කල්පිත සාකච්ඡාවක් බව සලකන්න.


Wednesday, September 14, 2016

විසාදය..























නිමිත්ත : සිපිරිගෙදරදි, තමා බැලීමට ආ බිරිඳට කියූවක්.

මහ ගෙදර දොර ලඟට
හෙමි හෙමින් පා ගැටී
ගොඩ වෙන්න බය නැත්ද
තනිව මඟ සිත් රැඳි...

ලපටි නිය ඇඟිලි තුඩු
කොස් වහළු රැළි වැටී
නීල කළු පිල් කලඹ
දුඹුරු මලකඩ පැහැ වැටී...

ගෙදර ලඟ ගල් වලේ
ගල් පුසුඹ ඇඟ වැදී
නුඹේ ලඟ මට දැනෙන
ගැහැණු ගති දැන් නැතී...

ගෙදර බර, බර වැඩිද
උරිස් මත දැන් ඇති
දුවත් ගෙට වෙයි ලඟදි
තවත් වැඩ බර වැඩි වෙති...

ලාඩප්පා පොළු සැරට
පිටේ රතු පළු ගොඩ ඇති
වට කරන් මට තැළුවා
කාකි ඇඳුමෙන් ඔඳ වැඩී...

නොකල හොර නඩු හබේ
වරද මා පිට ගොඩ ගැහි
පොදි බැඳන් මෙහි ආවා
මරණ බිය සිත් රැඳි...