Saturday, July 9, 2016

වහල් සිත හා ක්ලියෝපැට්‍රා






















වීනස් ගේ දූ රැජින
සේ දිලෙන නුඹේ රුව
රන් ඉනින් බසින නුඹ
දැල් බැඳුනු මගේ ඇස්
හිරි වැටී හිනහෙද්දි
මා නුඹට පෙම් කළා...

පිල් පිරවු හැඩ නිතඹ
සුළඟ ලඟ හිනහෙද්දි
ලැමදේ පිපි මල් සුවඳ
නාස් පුඩු නළවද්දි
ක්ලියෝපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

කළු කුමරා එළිබහින
හිරු ගිලෙන ගොම්මනේ
ගිණි කිකිළි ලිඳ ගාව
ඇඟ තෙමන කණිසමේ
ක්ලියෝපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

ඇන්තනී පිළිකන්නේ
හොරෙන් ගල් ගනිනකොට
නුඹ ඇවිත් දොර මුල්ලේ
රෝස පෙති සිඹිනකොට
ක්ලියෝපැට්‍රා නුඹට
මා හොරෙන් පෙම් කළා...

සිරියහනේ මකුළුදැල්
යටලීයේ ගෙතෙනකොට
කොහු හැළුනු කොහු මිටෙන්
මකුළු දැල් කඩනකොට
හති වැටුනු නුඹේ හුස්ම
ගඳ කිලියේ පිරෙනකොට
ක්ලියොපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

කළුවරේ හඳ එළියේ
වැට කඩුළු පනිනකොට
කටු කම්බි වැල දැවටි
මල් ගවුම ඉරෙනකොට
දුර ඇදෙන නුඹේ රුව
පිළේ හිඳ නිදි නෙතින්
දැක නුඹට පෙම් කළා...

Wednesday, July 6, 2016

Happy Eid Mubarak...















ආදරණීය සඳ,
නුඹ පායා දිළී බැබළෙයි
රාමසාන් අහසට...

සාමයේ ප්‍රාශ්වාසයට
වටකර නුඹව තරු රෑන
සෙනෙහස බෙදයි
රාමසාන් අහසට...

සතුට උණුසුම බෙදන
රිදී කුළු තිර පට
වසා නුඹ රැස් මඬල
හද රැඳි පැතුම් ගෙනදෙයි
රාමසාන් අහසට...

Saturday, June 18, 2016

නිත්‍ය මඟ...
















රළු ගල් ඉවුරු තල මත
සුමට ඉරි ඇඳ හැඩ කර
ප්‍රාණ දී බලා හිඳ සමාධිව
සිත් නිවයි සරන සෙව් දනන් හද...

සොයා ආමිස සිත් සුවය
පලා ඇවිදින් සොයා පින් මඟ
පුබුදුවා දෙඅත් මත කමල අංකුර
හැඩ කරයි නළල් සිඹ පිපුනු මල කමල...

පංච හිල් නොවසා බලා හිඳ
සත්‍යය සොයා යයි මුහුදු රළ මත නැග
සැඬ රළ වැදී අබලන්ව ඔරු කඳ
මුහුදු කුස සැතපෙයි ගිලන් වූ ඔරු කඳ...

රටා වියනා පාට ගෙත්තම් පැඳුර
හැඩ මවයි වැලි අමදිනා සුදු මළුව
වැලි කැට ගණින සංසාර මඟ ගමන
බලා දැක දුක් වෙයි ඥාණ දන නිවුනු සඳ...

පාට දුර්පැහැ පොවන සුවඳ මල
අත්ල මත පරව මැලවෙයි නෙතඟ අභියස
පසක් වෙයි මුණිඳු සඳ පෙන්වු මඟ
එබැවින් උතුම් වෙයි ප්‍රතිපත්ති පිළි මඟ...

Sunday, June 12, 2016

නොඇසෙනා ආදරය...














සඟවා සිටින නුඹේ හඬේ උණුසුමට
මා සිත හඹා යයි දේදුණු සිහින අතරින
නුඹ තොල් මතුරනා නොඇසෙනා ගී රාව
මනරම් අරුත් පසඳි රැළි නැගෙන වැව් දිය මත...

දිරා ගිය ගස් අඟ මුල් මත හිඳ
නුඹ නුරා නෙත් මවනා වදන් පෙළ
මා නෙත් මතට පිණි පොකුරු බිඳු ඉස
ආල සිත් දැල්වෙයි හිරු බසින සැඳෑවට...

නුඹ ඇඟිළි තුඩු අඟෙහි රැඳි වචන පෙළ
පණ ගසා හුස්ම ගෙන වා තලය සිප
මා කණ් පියන් මත වැකුණු ඒ හඬ
මා හද වෙලයි ඒ සොඳුරු සිත්තම...

සුදු පෙණ රැළිති පුපුරණා ගී හඬ
තත් හඬ නඟයි දිලෙන නුඹ නෙත් යුග
වැලි කැට සිඹින මා කඳුළු කැට
කවි පද මවයි වසා තඹ වැලි ඉවුර...

රොද බඳින වැහි බිඳු වැටෙන තාලයට
හද ගැහෙන හඬ ඇසෙයි මල් වැටුණු කුඩය යට
තෙතබරිත තණ මල් පිණි වැටී දිලිසෙන කොට
ඉහිලුම් නොදෙයි හද වැකෙන කවියට..

Pix by QiQigallery