නව හිරු එසේ පායද්දි, හිරු මුදුන් වීමට පෙර සමාජයෙන් සැගවුනු පිළිලයන් මෙසේ මතු වන්නනට විය...
පසු ගිය වසර කීපය තුල සමාජය තුල හට ගත් දුෂ්චරිතවත් විපරියාසය අති මහත්ය, ඒ විපරියාසය පසු ගිය වසර කීපයට පමණක් කොටු නොවූවත් පෙර වසර කීපය තුල ඒ විපරියාසයේ නගීමක් දක්නට ලැබුනි. එයට පාදක වු ප්‍රථම හෙතුව අන් කවරක් වත් නොව හොරු සමඟ හෙළුවෙන් සිටි දේශපාලන නායකයින්ය. මේ වන විට ඒ සෑම දූශනයක්ම ජනතාවගේ ඇස් ඉදිරියේ විනිවිදව නලියන බව ඔබ මට දක්නට ලබෙන විශේෂ කරුණක් වීම ඔබටද මටද නොසැගවෙන කරුනකි. කෙසේ නමුත් අප "විනිවිද" යැයි සිතුවත් එය සැබවින්ම විනිවිදමද යන්න, අපගේ සිත තුල ඇති කුතුහලයකි.
කෙසේ නමුත් අපිට සබවින්ම සිදු වුයේ කුමක්ද යැයි වටහා ගනීමට හැකි වන පරිදි යම් යම් දේ එලි වීම ඔබට මෙන්ම මටද එක්තරා අකාරයක සිතට සැනසීමකි. එය එසේ සනසීමක් වනුයේ එකල පාලකයින් ජොගි නටා ඇත්තේ අසරණ අපගේ මහන්සියේ අස්ල්ලස් හෙවත් අපගේ මුදල් සමඟ විනා අන් දෙයක් අධාරයෙන් නොවන හෙයිනි.
එකල පාලකයින් සම්ඟ හෙළුවෙන් සිටි වන්දිබට්ටන් විසින්ම එකල පාලනයේ අයහපත් බව විදහා දක්වන හෙතුන් මේ වන විට හෙලි කරමින් පවති, එසෙම එකල තම බලයෙන් පාගා ගෙන සිටි ආරක්ෂක අංශයන් දැන් සෑම සාධකයක්ම පෙන්වමින් පවති, එසෙම එකල බලයට බියව සුළු දිය යමින් සිටි විවිධ වූ පුද්ගලයන් විසින් සෑම කරුනක්ම වමාරමින් සිටි..
ඒ අතර,
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව දූෂණ විරෝධී හඬ සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ගුණවර්ධන මහතා සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට තොරතුරු... සජීන් වාස්ට අල්ලස් චෝදනා(උපුටා ගනීම, ලංකාදීප online)
පසුගිය රජය සමයේ සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් හා තමාට වූ බලපෑම සම්බන්ධයෙන් හිටපු...
මර්වින් අල්ලස් කොමිසමට යයි(උපුටා ගනීම,LankaDaily)
එසේ අපගේ ඇස් වලට වැලි ගැසු, අපගේ මුදල් වලින් රජ සැප විඳි, සත්‍ය පිලිබඳව දැන ගනීමට ලබීම අපගේ සතුටට හෙතුවකි.
ප්‍රථමයෙන්,
අපගේ බඩහින්නත් සමඟ සෙල්ලම් කල
පෙර කල දූශිතයන්ට
අප අනුකම්පා කරනෙමු..
අපගේ අසරනකමට පයින් ගැසු
පෙර කල දූශිතයන්ට
අප අනුකම්පා කරනෙමු..
එසේ නමුත්,
එකල දූශිතයන් සමඟ මෙන්ම,
එකල හොරු සමඟ හෙළුවෙන් සිටි
දූශණය, හොරකම, මැරකම නැති කිරීමට සමත්ව තිබුනත්,
එ බව නොදැක්කා සේ සිටි පාලකයිනි,
අප ඔබ ගැන ලැජ්ජා වන්නෙමු..
එසේම,
මෙකල පෑයු නව හිරු,
හොරු සමඟ හෙළුවෙන් නොසිටි යැයි අප විශ්වාස කරනෙමු...
"එදා වේල සොයා ගනිමින්, බඩගින්නට වතුර බොමින් හූල්ලන අපට දුන් මානසික අල්ලස් ගැන මා ද, ඔබ ද, පසු තැවෙන බව ඔබේ ද, මගේ ද සිතට නොසැගවෙන කරුනකි. එසේ වන හෙයින් ඔබෙද මගෙද සමාජය තුල සැඟවෙන යුක්තිය වෙනුවෙන් පෙර පසු තැවීම පාදමක් කර ගනිමින්, මනුශ්යත්වයට නව අරුතක් ලබා දෙන්නට ඉදිරියටම පිය නගමු, ඒ පිය නගීම තුලින් ඔබෙද මගෙද සාර්ථකත්වය ඔබටද මටද ලබෙනු ඇත."
Saturday, January 17, 2015
Wednesday, December 31, 2014
නව මගක පිවිසුම...
2014 ට
අප මෙසේ සමු දුන්නේය..
එකල්හි,
ඔබ සිතේ තිබු යම් පතුමක් ඔබ නොලදේය...
මා ද එසේමය..
දුකද සතුටද ඔබ ලද්දේය,
මා ද එසේමය..
එසේ නම්,
මෙකල් හි දැන් නව සමයක් එලබි ඇත,
එය 2015 වන්නේය..
එය අප පෙර පරදිම පැතු නව වසරය..
නව හිරු එසේ පායද්දි,
ජයග්‍රහනයේ රන් අස්වනු නෙලීමට සුදුසු කාලය එලබි ඇත,
සිතෙහි ඇති පැතුමන් ඵල දැරවීමට සුදුසු කාලය එලබි ඇත,
හද නොලත් සතුට හද සතු කර ගනීමට සුදුසු කාලය එලබි ඇත,
එසේ නම්, මෙම වසර ඔබගේ සාර්ථකම වසරම වන්නේය...
එසේ නම්,
අපගේ සාර්ථකත්වය අප වෙත ලගා කර ගනීමේ අරමුනින්
ඉදිරියටම පිය නගමු...
පෙර වසරේ Destiny & Life සමගින් සිටි ඔබට මගේ ස්තුතිය..
ඒ සමගින්, ඔබට ලැබුවා වු 2015 වසර සාර්ථක වේවා යැයි Destiny & Life වෙනුවෙන් මා පාර්ථනා කරමි..
අප මෙසේ සමු දුන්නේය..
එකල්හි,
ඔබ සිතේ තිබු යම් පතුමක් ඔබ නොලදේය...
මා ද එසේමය..
දුකද සතුටද ඔබ ලද්දේය,
මා ද එසේමය..
එසේ නම්,
මෙකල් හි දැන් නව සමයක් එලබි ඇත,
එය 2015 වන්නේය..
එය අප පෙර පරදිම පැතු නව වසරය..
නව හිරු එසේ පායද්දි,
ජයග්‍රහනයේ රන් අස්වනු නෙලීමට සුදුසු කාලය එලබි ඇත,
සිතෙහි ඇති පැතුමන් ඵල දැරවීමට සුදුසු කාලය එලබි ඇත,
හද නොලත් සතුට හද සතු කර ගනීමට සුදුසු කාලය එලබි ඇත,
එසේ නම්, මෙම වසර ඔබගේ සාර්ථකම වසරම වන්නේය...
එසේ නම්,
අපගේ සාර්ථකත්වය අප වෙත ලගා කර ගනීමේ අරමුනින්
ඉදිරියටම පිය නගමු...
පෙර වසරේ Destiny & Life සමගින් සිටි ඔබට මගේ ස්තුතිය..
ඒ සමගින්, ඔබට ලැබුවා වු 2015 වසර සාර්ථක වේවා යැයි Destiny & Life වෙනුවෙන් මා පාර්ථනා කරමි..
Saturday, December 27, 2014
නිදහස් පරමාධිපත්‍යට පෙර..
මඩ ගොහුරක සටන් වදින,
ඊනියා දේශපාලන
හෙන්චයියන්
තමන්ගේ අවස්ථාවාදී මඩිය තර කර ගනීමට
උත්සහ නගන යුගයක,
අහිංසක මිනිසුන්ගේ ශේෂ්ඨතම මනුස්‍යත්වය පාවා දෙමින්,
ඔවුන්ගේ ඇස් වලට වැලි ගසන සමය එලබී ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් දේශපාලනයකට යම් කොටසක්
අතවනද්දි,
මානසික අල්ලස් දෙන
මන්ද මානසික දේශපාලනයක්ද
මිනිසත්කමේ පරම ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ
දණ ගසමින්
දේශපාලන හිඟමන් අයදින
සමයද එලඹි ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් මිනිසුන් අතර
බුද්ධිය තිබුණත් නිවරදි තීරණයක්
ගනීමට නොහකිව ලත වන,
බඩගින්න හිතේ තිබුනත්
බඩගින්න හිතේ නැති සේ සැරිසරණ,
ඔබගේ, නිදහස් පරමාධිපත්‍යට
නවමු අරුතක් ලබා දීමට උචිත කාලය මෙයම වන්නේය..
"එය අපගේ එකම නිදහස විය..
එයට බලපෑමක් කිරීමට කිසිවෙකුට නොහැක,
එය අපගේම එකම නිදහස්,
ජනතා පරමධිපත්‍ය වන්නේය..."
එය එසේ වන කල්හි, එයටද බලපම් කරන්නා වු කුහක ආථමාර්තකාමි සමාජයක් මෙකල්හි බිහි වී ඇත, මෙකල්හි බිහි වු එම සමාජය සැබවින්ම සියයට සියයක් සමාජයම නොවන්නේය. එය සමාජය තුල සිටින්නා වු මන්දමානසික කුහක ආත්මාර්ථකාමින් කීපදෙනෙකුගේ බලපෑමක්ම පමණක් වන්නේය.
ශේෂ්ඨ ජනසමාජය තුල සිටින්නා වු බුධිමත් මිනිසුන් 99% ක් එම බලපෑමට හසු නොවුවත්, අසරණකමින් බැට කමින් තම දිනක ජීවිතය ගැට ගසා ගනීමට වෙහෙස වන්නා වු 1% පමණක් වු පුද්ගලයා පමණක් එම බලපෑමට යටත් වන්නේය. එම යටත් වීමද ඔහුගේ අසරණකම නිසා පමණක් විනා වෙන කරුණක් නිසා නොවන්නේය.
මුදලට බලයට තම ආත්මය පවා දෙමින්, සමාජයේ ජීවත්වන අහිංසක මිනිසුන්ගේ බඩ වියත සූරාකමින් තමන්ගෙ මඩිය තර කර ගනිමින් සමාජීය ශේෂ්ඨත්වය විනාශ කරන්නා වු සමාජීය දුර්මතයන් වෙනස් කිරීමට සුදුසු වන සමය එලබී ඇත. සමාජයේ ස්‍යය විනිවිද බව බුද්ධිමත්ව බලමින් යල් පැනගිය හේතු සාධකයන්ට හසු නොවෙමින්, ඔබගේ මෙන්ම ඔබ දකින නොදකින ජීවන උද්දමනයෙන් බැට කන්නා වු අහිංසක ඔබගෙම සහොදර සහොදරියො වෙනුවෙන් ඔබගේ එකම වු පරමාධිප්‍ය ලබා දීමට උචිත වු සමය එලබී ඇත.
මෙය හුදෙක්ම අන්තවාදි දේශපාලනයට අත වැනීම පිණිස තබන්නා වු සටහනක් නොවන්නේය, සැබවින්ම මෙය අහිංසක ඔබ අප වෙනුවෙන් ඔබගේම මෙන්ම මගේද අනාගතය වෙනුවෙන් තබන්නා වු සටහනක් වන්නේය... "ඔබ වෙනුවෙන් නිවරදි තීරණයක් ගනීම ඔබගේම යුතුකමක් වන්නේය."
ඊනියා දේශපාලන
හෙන්චයියන්
තමන්ගේ අවස්ථාවාදී මඩිය තර කර ගනීමට
උත්සහ නගන යුගයක,
අහිංසක මිනිසුන්ගේ ශේෂ්ඨතම මනුස්‍යත්වය පාවා දෙමින්,
ඔවුන්ගේ ඇස් වලට වැලි ගසන සමය එලබී ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් දේශපාලනයකට යම් කොටසක්
අතවනද්දි,
මානසික අල්ලස් දෙන
මන්ද මානසික දේශපාලනයක්ද
මිනිසත්කමේ පරම ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ
දණ ගසමින්
දේශපාලන හිඟමන් අයදින
සමයද එලඹි ඇත..
එවන් වු සමයක,
බුද්ධිමත් මිනිසුන් අතර
බුද්ධිය තිබුණත් නිවරදි තීරණයක්
ගනීමට නොහකිව ලත වන,
බඩගින්න හිතේ තිබුනත්
බඩගින්න හිතේ නැති සේ සැරිසරණ,
ඔබගේ, නිදහස් පරමාධිපත්‍යට
නවමු අරුතක් ලබා දීමට උචිත කාලය මෙයම වන්නේය..
"එය අපගේ එකම නිදහස විය..
එයට බලපෑමක් කිරීමට කිසිවෙකුට නොහැක,
එය අපගේම එකම නිදහස්,
ජනතා පරමධිපත්‍ය වන්නේය..."
එය එසේ වන කල්හි, එයටද බලපම් කරන්නා වු කුහක ආථමාර්තකාමි සමාජයක් මෙකල්හි බිහි වී ඇත, මෙකල්හි බිහි වු එම සමාජය සැබවින්ම සියයට සියයක් සමාජයම නොවන්නේය. එය සමාජය තුල සිටින්නා වු මන්දමානසික කුහක ආත්මාර්ථකාමින් කීපදෙනෙකුගේ බලපෑමක්ම පමණක් වන්නේය.
ශේෂ්ඨ ජනසමාජය තුල සිටින්නා වු බුධිමත් මිනිසුන් 99% ක් එම බලපෑමට හසු නොවුවත්, අසරණකමින් බැට කමින් තම දිනක ජීවිතය ගැට ගසා ගනීමට වෙහෙස වන්නා වු 1% පමණක් වු පුද්ගලයා පමණක් එම බලපෑමට යටත් වන්නේය. එම යටත් වීමද ඔහුගේ අසරණකම නිසා පමණක් විනා වෙන කරුණක් නිසා නොවන්නේය.
මුදලට බලයට තම ආත්මය පවා දෙමින්, සමාජයේ ජීවත්වන අහිංසක මිනිසුන්ගේ බඩ වියත සූරාකමින් තමන්ගෙ මඩිය තර කර ගනිමින් සමාජීය ශේෂ්ඨත්වය විනාශ කරන්නා වු සමාජීය දුර්මතයන් වෙනස් කිරීමට සුදුසු වන සමය එලබී ඇත. සමාජයේ ස්‍යය විනිවිද බව බුද්ධිමත්ව බලමින් යල් පැනගිය හේතු සාධකයන්ට හසු නොවෙමින්, ඔබගේ මෙන්ම ඔබ දකින නොදකින ජීවන උද්දමනයෙන් බැට කන්නා වු අහිංසක ඔබගෙම සහොදර සහොදරියො වෙනුවෙන් ඔබගේ එකම වු පරමාධිප්‍ය ලබා දීමට උචිත වු සමය එලබී ඇත.
මෙය හුදෙක්ම අන්තවාදි දේශපාලනයට අත වැනීම පිණිස තබන්නා වු සටහනක් නොවන්නේය, සැබවින්ම මෙය අහිංසක ඔබ අප වෙනුවෙන් ඔබගේම මෙන්ම මගේද අනාගතය වෙනුවෙන් තබන්නා වු සටහනක් වන්නේය... "ඔබ වෙනුවෙන් නිවරදි තීරණයක් ගනීම ඔබගේම යුතුකමක් වන්නේය."
Tuesday, October 14, 2014
ජීවන සුවඳින් පාර අසන්නෝ...
සුදුසැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. අමරිකාවේ ජීවත් වූ අන්ධ පුද්ගලයන්ට මහමග යාමේදී නොවැටී යාම සඳහා එරට රජය විසින් ආධාරකයක් අවශ්‍ය බව තීරණය කළේ ය. ඒ අනුව එරට සිංහ සමාජය මඟින් අන්ධ පුද්ගලයන් සඳහා සුදුපාට ආලේපිත සැරයටියක් ලබා දුනි. මෙම සැරයටිය රැගෙන මහ මග ගමන් කරන ජනතාව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර ඔවුන්ට ඉන් පෙර වූ කරදර හිරිහැරද ක්‍රමයෙන් අඩු වන බවක් පෙනුණි. මේ හේතුවෙන් නොබෝ දිනක් ගතවන්නට පෙර අමරිකාව පුරාම සිටින අන්ධ ජනතාවගෙන් මෙම සුදු සැරයටියට හොඳ ඉල්ලුමක් ඇති විය.
ඒ අයුරින් මෙය අන්ධ පුද්ගලයන්ගේ ආරක්‍ෂාව පමණක් නොව ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන් ම ස්වාධීනත්වයටද පිටිවහලක් වන බව වටහා ගත් එවකට එහි සිටි අන්ධ පුද්ගලයන්ගේ සංගමය මෙය සුහද සංකේතයක් ලෙස භාවිතා කරන ලදී.වර්ෂ 1942 දී අමරිකාවේ සිංහ සමාජ හා එක් වූ අන්ධ පුද්ගල සංගමය ප්‍රථම වරට “ සුදු සැරයටි දිනයක්” පැවැත් විය. අනතුරුව මෙයට යුරෝපයද එක් විය. 1950 වන විට යුරෝපයේ සිටි අන්ධ පිරිසෙන් 95% පමණ සුදු සැරයටියක් භාවිතා කිරීමට පෙළඹුණහ. ඔවුහු තමන්ට වෙන් වූ වෙනම දින යොදා “ සුදු සැරයටි දිනයක් පැවැත් වූහ. “මෙහි ප්‍රතිඵලයක් ලෙසට ලෝකයේම අවධානය මොවුන් වෙතට යොමු වීය. එහි බලපෑමක් ලෙස 1969 දී ප්‍රථම ජාත්‍යාන්තර අන්ධ සමුළුව පැවැත්විණි.ඒ ශ්‍රී ලංකාවේ ගෝල්පේස් හෝටලේ දී ය. වර්ෂ 1969 ඔක්තෝම්බර් 01 දා සිට 04 වැනිදා දක්වා පැවැත් වූ මෙම සමුළුවට රටවල් 618 ක් නියෝජනය කරමින් අන්ධ පුද්ගල සංවිධානවල නියෝජිතයෝ 618 ක් සහභාගි වූහ.මෙම සම්මේලනයේදී අන්ධ ජනතාව වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග රැසක් තීරණය වූ අතර සෑම වසරකම ඔක්තෝම්බර් මස 15 වන දා “ සුදු සැරයටි දිනය ලෙස නම් කිරීමද සිදු විය. එසේ ම ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ද බිහි විය. එහෙත් සුදු සැරයටි දිනය ඔක්තෝම්බර් 15 වන දා පැවැත්විය යුතු යැයි ප්‍රථම වරට ප්‍රකාශයට පත් වූයේ 1964 දී ය. ඒ අමරිකාවේ 36 වන ජනාධිපති වූ ලින්ඩන් බී. ජොන්සන් මහතාගේ නියමයෙනි.
උපුටා ගැනීම : දැනුම danuma.lk
කකුල් දෙකට වාරුවක් දෙන්න..
ඒ ලබා දෙන වාරුව තුලින්
ජීවිතයට නව අරුතක් ලබා දෙන්න...
අරුත ලබා දෙන්න සිතුවේ
තම ආදරණීයන්ගේ සතුට වෙනුවෙන්,
ඔවුන්ගේ සැපත වෙනුවෙන්,
තමනට ලැබුණු සරදම
ඔවුනට, ඔවුන්ගේ අනාගතයට බාදාවක් කල නොහැකි බැවින්....
වරක සිතින් දුක්වන්නට ඇති,
වරක කඳුළු කැට දෙතොල සිපගන්නට ඇති,
එවිට ලුණු රසක් දැනෙන්නට ඇති,
ඒ ලද ලුණු රසෙන් අනෙකෙකු නොලද්
සැනසීමක් ලබන්නට ඇති...
සැබවින්ම ඔවුන් වාසනාවන්ත වන්න ඇති
සාමාජීය අධම ක්‍රියාවන් ඔවුනට නොපෙනෙන බැවින්..
අපට සාපේක්ෂ රාමුවක සිට බැලූ කල
එය අපට සැනසීමක් වුවත්
ඔවුනට සාපේක්ෂව එහි කටුක අත්දැකීමක් අන්තර්ගත මෙන්ම
සැගවුණු දුකක්, චිත්ත සන්තාපයක් තිබෙන්නට ඇති...
ජීවන මඟ එසේ යන විට
සාමාජයේ ඔවුන් සේම,
ඔවුනට සාපේක්ෂව වෙනස් වූ අත්දැකීම් ලබන
අහිංසක මිනිසුන් හමුවන්නට ඇති,
වෙහෙස වූ ගතෙහි දැවටෙන
දාඩියෙහි පුසුඹ
ඔවුනට සාපේක්ෂව
මානුෂීය බවේ සංකේතවත් ඡායාව,
ඔවුන්ට දැනෙන්නට ඇති..
ඒ සුවඳින් තම සිතින් විමසන්න ඇති,
තමා සේම ඔවුන්ද,
විවිධාකාර වූ සිත් තැවීම් වලින් බැට කන බව..
ඒ විමසීමෙන් සිත සැනසෙන්න ඇති,
තමා සේම ඔවුන්ද පීඩිත වූවන් බැවින්
එහෙත් ඔවුන් නොදකින යම් දෙයක්
සමාජයේ වැලලෙන්නට ඇති,
එය රෝද සතරක් උඩට පමණක් සීමා වූ
සිතල කාමරයක දිවි ගෙවන
තවත් ජීවයක් සිටින බව...
එවන් පිරිසක් එසේ සැගවී ගියේ
ඔවුනට දාඩිය නොදමන බැවිනි..
ඒ අයුරින්,
සුදු සැරයටියක පහස ලබමින්
දාඩිය සුවදින් පාර අසමින්
මානුෂීය සිත් තේරුම් ගත්
අප අතරේ ජීවත් වන ඒ සුන්දර මිනිසුන්
මේ අයුරින් සිහි කලේ
අද ඔක්තෝම්බර් 15
සුදු සැරයටි දිනය නිසා නොවුනත්
අපේ හදවත් ඔවුනගේ මනසින්
වටහා ගනිමින්
අපිත් සමඟ රැදුණු,
ඔවුනට දක්වන උපහාරයක් බැවිනි...
"ඇස් පෙනුනත් සුදු සැරයටියක් අතින් ගත්තා සේ අහිංසක මිනිසුන්ගේ හැගීම් තේරුම් ගන්නා මිනිසුන් සිටින යුගයක, ජීවන සුවඳින් පාර සොයමින් සැබවින්ම සුදු සැරයටියක් අතින් ගත්තෝ ශේෂ්ට වන්නෝය."
Subscribe to:
Posts (Atom)



