Saturday, July 30, 2016

හකුරු කවි - 03










බල තණ්හා
පාර
තොට
අද්දර හිඳ,
ට්‍රැෆික් එළි
සිර කරයි
විඩාබර ජන හද... 

හකුරු කවි - 02






















හද වෙලී
ගත නිවන
ඉසුරුමුණි රුව
ලොවට සඟවයි
ප්‍රේමයේ කඩතොලු
ශිලා සිතුවම මත රැඳි...

හකුරු කවි - 01






















කපා
කොටා
නමා
හැඩ කළ
අකුරු සතරකි
අරුත් විරහිත
පසු පස හඹා යන...

Saturday, July 9, 2016

වහල් සිත හා ක්ලියෝපැට්‍රා






















වීනස් ගේ දූ රැජින
සේ දිලෙන නුඹේ රුව
රන් ඉනින් බසින නුඹ
දැල් බැඳුනු මගේ ඇස්
හිරි වැටී හිනහෙද්දි
මා නුඹට පෙම් කළා...

පිල් පිරවු හැඩ නිතඹ
සුළඟ ලඟ හිනහෙද්දි
ලැමදේ පිපි මල් සුවඳ
නාස් පුඩු නළවද්දි
ක්ලියෝපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

කළු කුමරා එළිබහින
හිරු ගිලෙන ගොම්මනේ
ගිණි කිකිළි ලිඳ ගාව
ඇඟ තෙමන කණිසමේ
ක්ලියෝපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

ඇන්තනී පිළිකන්නේ
හොරෙන් ගල් ගනිනකොට
නුඹ ඇවිත් දොර මුල්ලේ
රෝස පෙති සිඹිනකොට
ක්ලියෝපැට්‍රා නුඹට
මා හොරෙන් පෙම් කළා...

සිරියහනේ මකුළුදැල්
යටලීයේ ගෙතෙනකොට
කොහු හැළුනු කොහු මිටෙන්
මකුළු දැල් කඩනකොට
හති වැටුනු නුඹේ හුස්ම
ගඳ කිලියේ පිරෙනකොට
ක්ලියොපැට්‍රා නුඹට
මා තදින් පෙම් කළා...

කළුවරේ හඳ එළියේ
වැට කඩුළු පනිනකොට
කටු කම්බි වැල දැවටි
මල් ගවුම ඉරෙනකොට
දුර ඇදෙන නුඹේ රුව
පිළේ හිඳ නිදි නෙතින්
දැක නුඹට පෙම් කළා...

Wednesday, July 6, 2016

Happy Eid Mubarak...















ආදරණීය සඳ,
නුඹ පායා දිළී බැබළෙයි
රාමසාන් අහසට...

සාමයේ ප්‍රාශ්වාසයට
වටකර නුඹව තරු රෑන
සෙනෙහස බෙදයි
රාමසාන් අහසට...

සතුට උණුසුම බෙදන
රිදී කුළු තිර පට
වසා නුඹ රැස් මඬල
හද රැඳි පැතුම් ගෙනදෙයි
රාමසාන් අහසට...