Tuesday, August 30, 2016
හිස්බව...
ගිනිගත් අහස යට
ගිලගත් හිරුත් සැඟව ගිය
රත් පැහැති වළා සෙවණේ හිඳ
මං දොරටු දෙස බලයි
සෝ සුසුම් පාවඬ එලන්නට...
මඟ බලා හිඳ ඈත දුර
නිවුනු සිත් කොහිද
සැඩ පරුෂ ඉතිහාසයට
වර්ග සංහාර බිම්
පහුරුගා වලවල් ඉස
සොයා ඉගිලී යති
පෙම් කල සැඟව ගිය සඳ...
පල්ලියට
පන්සලට
කෝවිලට
වහල් වී හිඳ
පහන් සිළු දල්වයි
හිමි නොවන වර්ග බිම් තණ්හාවට
සුළඟට හසුව
පාවෙනා සියොත් කැල
සොයාපන් සොයාපන්
සැඟව ගිය යහපත් සිත...
ඡායාරූපය නයනහාරි අබේනායක විසින් ( This are not Dewdrops of Jaffna )
Saturday, August 27, 2016
Friday, August 26, 2016
හුස්ම..
වැහි දාට මුණගැහුන
වැටකෙයියා පඳුර ලඟ
කැඩී ගිය හදවතේ
තාම පණ ගැහෙනවා...
වතුර නැති නියඟයට
තෙමුණු කටු කම්බි වැට
පැහැ වැටී ගොම පාට
තාම මඟ බලනවා...
ඉරි තැළුණු වැව් ඉවුර
තිසා වැව් අද්දරට
හීන් වැහි පොද වැටී
සුමට රැළි අඳිනවා...
තෙළි තුඩක අඟ රැඳුණු
පාට වැහි පොද කැකුළු
නුඹේ හදේ ඡායාව
වැව් දියේ මවනවා...
ගොම්මනට නුඹ ගාව
පිපෙන සඳ දෙස බලන්
නුඹ ගොතපු කවි මාල
තාම හිත නිවනවා...
අමාවක සඳට පෙර
නුඹ ඇවිත් මගේ ගාව
තරු පොකුරු ඇතිරිල්ලේ
නැළවෙන්න පතනවා...
Saturday, August 20, 2016
Subscribe to:
Posts (Atom)



