Saturday, September 10, 2016

හුදකලාව...






















නීල අහසේ වළා සේඳය
ලකල් ගෙත්තම් වලින් හැඩ කර
බලා ඉමි මා නුඹේ රුව දෙස
දෙව් ලොවට යන පාර අද්දර...

මැකී ගොස් ඇත අඳුරු ඡායා
සිහින සිතුවම් පාට බොඳ කල
මිහිරි සිල්පද නුඹේ හද කී
තාම ඇත මගේ හිතේ කෙළවර...

සොයා ආවත් ඈත දුර සිට
සියොත් කැල ආ මාවතේ සිට
සුළඟ ඇවිදින් පාර කිවුවද
ගීත ගයමින් හදවතේ හිඳ...

එතුනු වැල් ගස් මල් කිණිති අඟ
කැකුළු මල් පෙති සිනා පෑවද
සතුටු මල් පැණි උරන බඹරුන්
පාළු එන මඟ බලා වුන්නද...

රැහෙයි ගී හඬ සකල පෙම් කල
ගිලුනු තරු නැව් එබෙයි අහසට
බලා සිටියත් දෙව්ලොවේ සිට
තාම නුඹ නෑ පාළු අහසට...


Wednesday, September 7, 2016

හකුරු කවි - 10






















මහළු
තෘණ පත් යටට
රූරා වැටෙන
සිනිඳු සඳ රැස්
ගයයි
වසන්තයේ ප්‍රේම ගීතය...


Monday, September 5, 2016

හකුරු කවි - 09






















කඳුකර හුදකලාව
කොඳුරයි
ඉකිබිඳි
වැලපෙයි
හමා එන
ආගන්තුක සුළඟ දැක...


Thursday, September 1, 2016

හකුරු කවි - 08






















සීතල සුළඟ
දිනක පවසාවි,
සඳ රැස්
නිසල දියට
පෙම් කල වග..