Friday, August 12, 2016

හකුරු කවි - 05






















වසන්තයේ
නැලවෙන
මෙපල් පත්
සොයයි උණුසුමක්
සීතල
වස්සානයට පෙර...


Saturday, August 6, 2016

සංහිඳියාව...






















වැහි කඳුළු හිනහෙන්න
මුතු පබළු පළඳින්න
හීන් තණ මල් කැකුළු
පිණි වැටී දිලිසෙන්න...

දේදුන්නේ සළු අතර
තනිකමට සැඟවෙන්න
පිණි වැටුනු මල් කැකුළු
මාලයක් ගෙන එන්න...

මල් තුහින ඉහිරෙච්ච
සුදු පුළුන් ඇතිරිල්ලේ
උණුහුමට ගුලිවෙන්න
සතුටු සිත ගෙන එන්න...

වෙනස් සිත් සැනසෙන්න
එක සිතක් හමුවන්න
ඉවුරු කොණ වෙත එද්දි
තිලකයක් ගෙන එන්න...

එක අහස යට ඉන්න
ඉසව් ගම් යා වෙන්න
මරතොන්ඩි මල් වැටුන
දෑත් යුග මට දෙන්න...

Tuesday, August 2, 2016

හකුරු කවි - 04

















සරුංගලේ
සරුංගලේ
අඳුරු අහසේ තනිකම නම්
නිල් අහසට ඇවිත් යන්න
නුඹේ හීන
තුරුළු කරන්...


Saturday, July 30, 2016

හකුරු කවි - 03










බල තණ්හා
පාර
තොට
අද්දර හිඳ,
ට්‍රැෆික් එළි
සිර කරයි
විඩාබර ජන හද...