Saturday, February 21, 2015

නැවතී සිතන්න..

                             මෙය සැබවින්ම සත්‍යයක්ය, එ නිසාවෙන් ඔබ සමගින් මෙය බෙදා ගනීමට මා හට සිතුනි, මෙම වාක්‍යය පෙලවල් මඟින් ඔබේ ජීවිතයට ලැබෙන්නේ සාර්ථකත්වයක් විනා අන් දෙයක් නොවන්නේය. ඒ බව ඔබ විසින්ම කියවා වටහා ගත යුතු වන්නේය.

01. වියලි හැකිළි ගිය කොළය ඔබට විශ්වයේ ඉතිහාසය කියාපායි.

02. ඉඳහිට හෝ තමාගේම අවමඟුලට සහභාගි වීම මැනවි.
      (මැඳුම් සඟියේ සතිපට්ඨාන සූත්‍රය.)

03. තමන්ගේ වාහනය කැබලිවලට ගලවා නැවත සවිකරගන්නා හැටි ඉගෙන ගන්න.

         කොටස් 07 : 1) අත් ඇට
                             2) පා ඇට
                             3) කෙණ්ඩා ඇට
                             4) කලවා ඇට
                             5) උකුල් ඇට
                             6) පිට කටුව
                             7) හිස් කබල
                      (මැඳුම් සඟියේ සතිපට්ඨාන සූත්‍රය.)

04. හැම මිනිසෙක්ම සොහොන් කොතකි.
      හැම මුහුණක්ම වෙස් මුහුණකි.

05. ඉඳුරන්ගේ සිරගෙය:
      විනිවිද දැකීමට නොහැකිවන තාක්, අප දකින දේම අපේ දර්ශන පථය අවුරාලයි.

06. "මාන්නය" යනු 
      -පොදු දේපලක් : (පඨවි, අපො, තේජො, වායො ) අයතා ලෙස තමා සතු කර හැනීමකි.
      -තම සහජීවින් මානසිකව සූරාකෑමකි.

07. "උපාදානය" විලංගුවක් නම්, "උපාධි" කිහිලි කරුය.

08. ඔබ කෙනෙකුට උදව්වක් කරන විට එය ඔහුගෙන් අතීතයේදි ගත් ණයක් ගෙවීමක් පමණකැයි සිතන්න.

09. ලොවට අප වඩාත්ම අවශ්‍ය වන්නේ අපට අප එපා වූ විටය.

10. අප සියල්ලක්ම ලැබීමට සුදුසු වන්නේ සියල්ලක්ම අත්හළ විටය.

11. "ඊයේ" යනු ඊයේ රෑ දුටු සිහිනයකි.
      "හෙට" යනු අද රෑ දකින සිහිනයකි.
      "අද" යනු දවල් හීනයකි.

12. මහලුවිය වනාහි තරුණ වියේ කාටුනයකි.

13. ඇස් තිරයේ වැටෙන ජවනිකා නරඹන්න.
      කන් බෙරයෙන් නැගෙන බෙර හඬට කන් දෙන්න.

14. බොහෝ සටන්වල යුදබිමත් ජයබිමත් වන්නේ ඔබේ චරිතයේ දුර්වලම තැනය.

15. හැම හුස්මක්ම ඔබේ අවසන් හුස්ම ලෙස ගන්න.

(සියල්ලක්ම උපුටා ගනීම, කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගේ අනු දැනුම මත ඉදිරිපත් කල අත් පත්‍රිකාවක් මඟිනි.)













                      
 "අනිත්‍ය බව මෙන්ම, ජීවිතයේ සැබෑම සත්‍ය තෙරුම් ගන්නෝ ආත්මීය වශයෙන් ලබන්නා වූ උසස්ම සැපය තමා සතු කර ගන්නේය. එමෙන්ම තම ජීවිතයට ලගා කර ගන්නා වූ ඉහලම සාර්ථකත්වයද  ලබා ගන්නේය."

No comments:

Post a Comment